කියා දුන් මට අරුත ආදරයේ...

Ceylonwave

Member
Dec 9, 2010
60
4
0
Athurugiriya
කියා දුන් මට අරුත ආදරයේ...

කුමරියේ...
කියා දුන් මට අරුත ආදරයේ..
ගැලුවේ නුබ මගේ හද තෙමා ගෙන
ආදරේ සිල් දිය අරන් .....
අනවසරයෙන් මගේ සිත් ඉම
පිපුනේ නුබ මට සුව දෙමින් ...........
රකින්නට රන් සෙනෙහේ සීලය
හද පුරාගෙන මා නමින් ...........

කුමරියේ...
කියා දුන් මට අරුත ආදරයේ...
ගැලුවේ මම නුබෙ හද දවා ගෙන
විරහවේ ගිනි දිය අරන්...
අනවසරයෙන් නුබේ සිත් ඉම
රැදුනේ නුබ හට දුක් දෙමින් .....
රකින්නට බැරි සෙනෙහෙ සීලය
කෙලෙස පුරමිද ඔබ නමින් ....