කියුබාවේ_මනුස්සකම
කියුබාවේ මනුස්සකම
ඇමරිකාව ප්‍රතික්ෂේප කරද්දී කොරෝනා රෝගීන් ඇතුළු මගීන් 600 ක් සමග යාත්‍රා කල නෞකාව කියුබාව බාර ගනී.
MS Braemer යනු මහා බ්‍රිතාන්‍යයට අයත් මගී නෞකාවකි. කැරිබියානු සයුරේ යාත්‍රා කරමින් අනතුරුව ඇමරිකාවේ ප්ලොරීඩා වෙත මගී නෞකාව ඇදී එමින් තිබුණි. එම ගමන් මග තුල දී ලොව පුරා කොරෝනා වෛරසය සීඝ්රයෙන් පැතිරයාමේ ප්‍රතිපලයක් ලෙස MS Braemer නෞකාවේ මගීන් 5 දෙනෙකුට ප්‍රථමයෙන් වෛරසය ආසාදනය වී පසුව තවත් 52 දෙදෙනෙකුට පැතිර ගියේය. එම දුෂ්කර මොහොතේදී නෞකාවේ කාර්‍ය් මංඩලය මෙන්ම තානාපති සේවා හරහා ඇමරිකාවේ බලධාරීන්ගෙන් සහය පැතුවද එය ක්ෂණිකව ප්‍රතික්ෂේප විය. දින හයක් පමණ මෙම නෞකාව කිසිදු පිළිසරණක් නොමැතිව සයුරේ යාත්‍රා කරමින් තිබුණි.
අනතුරුව කියුබාව ඇමතූ නැවේ කපිතාන්වරයාට කියුබානු රජය පැවසුවේ තමන්ගේ වෙරළ ආසන්නයට නැව රැගෙන එන ලෙසත් අවශ්‍ය ප්‍රතිකාර සඳහා තමන් සුදානම් බවය. මගීන් 600 කගේ ජීවිත රැගෙන කපිතාන් වරයා කැරිබියානු සයුරේ පිහිටි මනුස්සකම රජයන දිවයින කරා යාත්‍රාව පැදවීය. මේ වන විට එම නෞකාව කියුබානු වෙරළාරක්ෂකයින්ගේ ආරක්ෂාව මැද කියුබානු වෛද්‍යවරුන්ගේ පුර්ණ නිරීක්ෂණය මැද කියුබානු වරායක නැංගූරම්ලා සිටී. මෙම නැව තුල සිටින බහුතරය බ්‍රිතාන්‍ය ජාතිකයින් බවත් එකම කියුබානුවෙක් හෝ නොසිටින බවද වාර්තා වේ. මේ මොහොත වනවිට කියුබාව තුල වෛරස් ආදාදිතයින් 5 දෙනෙකු වාර්තා වී ඇති අතර එය තව දුරටත් නෞකාවේ මගීන් හරහා රට තුලට ව්‍යාප්තවීම නොතකා තම ජාත්‍යන්තර සහයෝගිතාවය උසස් මානවීය ගුණය ලොවට යළිත් වරක් පෙන්වීය. මින් පෙර ලෝකයේ බලගතුයැයි කියා ගන්නා රටවල අප්‍රිකාවේ එබෝලා වසංගතය පැතිර යද්දී ඉවත බැලූ අතර කියුබානු රජය 15000 ක් පමණ වෛද්‍යවරු හෙදියන් ඇතුළු පිරිසක් අප්‍රිකාව වෙත පිටත් කර පීඩිත අප්‍රිකානුවන් මරණයෙන් ගලවා ගත්තේය. එමෙන්ම හයිටියේ සිදුවූ මහා භූමි කම්පාවෙන් පීඩා ලැබූ ජනයාගේ පිහිටට පැමිණියේ එරට ටයිටේනියම් නිධිය බලහත්කාරයෙන් කොල්ලකෑ ජනතාවගෙන් බහුතරයක් මත්ද්‍රව්‍ය වටට හුරුකල ඇමරිකානුවන් නොව ආදරණිය කියුබානු වැසියන්ය.
ඇමරිකාවට පාවඩ එලන ලංකාවේ කබල් සමාජ වාදීන්ට මේ තවත් එක පාඩමක්
https://www.independent.co.uk/voices/coronavirus-cruise-cuba-trump-us-covid-19-a9407846.html
සටහන - Russell CP Bandarawatta...
උපුටා ගැනීමකි

ඇමරිකාවෙ ඉන්නෙ සත්තු උන්ට කොහෙන්ද මනුස්ස හැගිම්.. 