කිරයනි, හොල්මන්

mastech

Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    වච්ච ගොත්ත සුත්‍රය බලන්න, හතර මන් හන්දියෙ විස්තරෙත් වෙන දෙශනාවක් පෙර විසු කද පිලිවෙල බලපු විස්තරෙ, ගන්දබ්බ කාය ගැන විස්තර බලන්න

    සත්වයෙක් ඉපදිමට කරුනු තුනෙන් එකක්, ගන්දබ්බයෙක්ගෙ පැමිනිම,

    ගන්දබ්බ කායා අද ඔය කියන ඇස්ට්‍ර්ල් බොඩි එක,
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    වච්ච ගොත්ත සුත්‍රය බලන්න, හතර මන් හන්දියෙ විස්තරෙත් තියෙනවා, ගන්දබ්බ කාය ගැන විස්තර බලන්න
    වච්ඡගොත්ථ සූත්‍ර කීපයක් තියෙනවා.
    ඔයා කියන්නෙ මොන සූත්‍රයද?

    https://tipitaka.lk/
    www.tripitaka.online

    සත්වයෙක් ඉපදිමට කරුනු තුනෙන් එකක්, ගන්දබ්බයෙක්ගෙ පැමිනිම,
    * මේ "ගන්ධබ්බ" කියන වචනය⁣ට අර විදිහෙ අර්ථයක් දීලා නෑ බුදු දහමේ.
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අන්තර්භවයක් නෑ. මේ ආත්මයෙන් චුත වෙල ඊළඟ ප්‍රතිසන්ධිය ලබනව. ඒ ප්‍රතිසන්ධිය මනුශ්ය කුලයකද, තිරිසන් කුලයකද, ප්‍රේත කුලයක්ද වෙන්න පුලුවන්. ඔය ප්‍රේතයො තමා ගොඩක් අය අන්තර්භවය කියන්නෙත්.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මනුස්ස හො තිරිසන් බව වලදි මනොමය සරිරය, ගන ඇගෙන් අයින් උන ගමන් තවත් තැන්කට සම්බන්ද වෙන්නෙ නැත,

    මනුස්ස සාහා තිරිසන් බව වලදි අන්තරා බවයක් තියෙනවා, ගන්දබ්බ කාය කියන්නෙ එකට,
    ඕක ගැන මුල් බුදු දහමෙ හරියටම පැහැදිලි කිරීමක් නෑ නෙ.

    සත්වයා උපදානය අසුරු කොට පවතිනව කියන එකෙන් කොහොමද අන්තර් භාවයක් තියෙනව කියල නිගමනයකට එන්නෙ?

    මට තියෙන අනිත් ප්‍රශ්නෙ තමා, මනුස්ස හෝ තිරිසන් නොවන උපත් වලදී චුති උප්පති සිත් සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක.

    එක අතකට මේව නොතේරෙන එක පුදුමයක් නැ. මේක විස්තර කරන්නෙ පටිච්ච සමුප්පාදයෙන් නෙ. ඒක මාස්ටර් කරපු කෙනෙකුට, ඒ කියන්නෙ රහත් කෙනෙකුට විතරයි මේවට හරියටම උත්තර දෙන්න පුළුවන්.

    @Emios පොඩ්ඩක් මෙහෙ වරෙන් 😁
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග

    අන්තර්භවයක් නෑ. මේ ආත්මයෙන් චුත වෙල ඊළඟ ප්‍රතිසන්ධිය ලබනව. ඒ ප්‍රතිසන්ධිය මනුශ්ය කුලයකද, තිරිසන් කුලයකද, ප්‍රේත කුලයක්ද වෙන්න පුලුවන්.
    මෙ කය අත ඇරියා මතු කයකට ගියෙත් නැ සත්වයා කුමක් ඇසුරු කරගෙන සිටිනවද කියලා වච්චගොත්ත පරිබ්බ්‍රාජතකයා ආහාපු ප්‍රශ්නෙකට,

    වච්ච, මෙ කය අත ඇරියා මතු කයකට ගියෙත් නැ සත්වයා උපාදානය ඇසුරුකරගෙන ඉන්නවා කියලා තාතාගතයො උත්තර දිලා තියෙනවා,

    තවත් එ වගෙම හතර මන් හන්දියක බලන් ඉන්න කෙනෙකුට වගෙ, ගෙවල් වලට යන මග සැරිසරන ගෙවල් වලින් අයින් වෙන අය දැක්කා කියලා දෙශනා කරලා තියෙනවා,

    මනුස්ස හො තිරිසන් බව වලදි මනොමය සරිරය, ගන ඇගෙන් අයින් උන ගමන් තවත් තැන්කට සම්බන්ද වෙන්නෙ නැත,

    මනුස්ස සාහා තිරිසන් බව වලදි අන්තරා බවයක් තියෙනවා, ගන්දබ්බ කාය කියන්නෙ එකට,
     
    • Like
    Reactions: Amith0424

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අන්තර්භවයක් නෑ. මේ ආත්මයෙන් චුත වෙල ඊළඟ ප්‍රතිසන්ධිය ලබනව. ඒ ප්‍රතිසන්ධිය මනුශ්ය කුලයකද, තිරිසන් කුලයකද, ප්‍රේත කුලයක්ද වෙන්න පුලුවන්. ඔය ප්‍රේතයො තමා ගොඩක් අය අන්තර්භවය කියන්නෙත්.
    ඔව්..බුදුහාමුදුරුවො සතර අපාය, බ්‍රග්ම, දිව්‍ය තලවල ඉන්න ජීවින් මෙහෙමයි කියල පැහැදිලිව කියල තියෙනව, සුදුසු තැනක් ලැබෙනකන් අහසෙ එහේ මෙහේ සැරිසරන සිතක් ගැන කියල නෑ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සත්ව භූමි තිස් දෙකයි
    පටිච්ච සමුප්පාදයෙන් පිටත සත්වයෙක් ඉන්නවා නම් බුද්ධාගමෙන් වැඩක් නෑ නේ 💁
     
    • Like
    Reactions: Amith0424

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඕක ගැන මුල් බුදු දහමෙ හරියටම පැහැදිලි කිරීමක් නෑ නෙ.

    සත්වයා උපදානය අසුරු කොට පවතිනව කියන එකෙන් කොහොමද අන්තර් භාවයක් තියෙනව කියල නිගමනයකට එන්නෙ?

    මට තියෙන අනිත් ප්‍රශ්නෙ තමා, මනුස්ස හෝ තිරිසන් නොවන උපත් වලදී චුති උප්පති සිත් සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක.

    එක අතකට මේව නොතේරෙන එක පුදුමයක් නැ. මේක විස්තර කරන්නෙ පටිච්ච සමුප්පාදයෙන් නෙ. ඒක මාස්ටර් කරපු කෙනෙකුට, ඒ කියන්නෙ රහත් කෙනෙකුට විතරයි මේවට හරියටම උත්තර දෙන්න පුළුවන්.

    @Emios පොඩ්ඩක් මෙහෙ වරෙන් 😁
    පටලවන් තියෙන්නෙ චිත්තක්ශන සහා මනොමය ශරිරය, ත්‍රිපිටකය බලන්න,

    සත්වයා උපදානය අසුරු කොට පවතිනව කියන එකෙන් කොහොමද අන්තර් භාවයක් තියෙනව කියල නිගමනයකට එන්නෙ?

    ඔය අන්තරා බවය කියන්නෙ මොකක්ද කියලා ලිහා ගන්න ඔන මුලින්ම

    ගන ශරිරෙන් අයින් උනහාම වෙන ක්‍රියාවලිය අන්තරා බවය එකෙදිත් පටිච්චසමුප්පාද කිරියාවලියක් වෙන්නෙ එකයි සත්වයා උපාදාන ඇසුරු කරන් ඉන්නවා කියලා තියෙන්නෙ,

    සත්ව භූමි තිස් දෙකයි
    පටිච්ච සමුප්පාදයෙන් පිටත සත්වයෙක් ඉන්නවා නම් බුද්ධාගමෙන් වැඩක් නෑ නේ 💁
    තිස් එකයි
    ------ Post added on Dec 29, 2023 at 9:04 PM
     
    • Like
    Reactions: gamerlk

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වච්ඡගොත්ථ සූත්‍ර කීපයක් තියෙනවා.
    ඔයා කියන්නෙ මොන සූත්‍රයද?

    https://tipitaka.lk/
    www.tripitaka.online

    * මේ "ගන්ධබ්බ" කියන වචනය⁣ට අර විදිහෙ අර්ථයක් දීලා නෑ.
    මම අහල තියෙන විදියට මව් කුසට ආවට පස්සෙ ගන්ධබ්බ කියල කියන්නෙ, කලින් ජීවිතේ චුති සිතත් මේ ජිවිතේ ප්‍රතිසංධි සිතත් අතර තප්පරයෙන් ලක්ෂයක තරම්වත් කාලයක් යන්නෙ නෑ කියල කියන්නෙ.(මැද නැවතීමක් නෑ)
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ගන ශරිරෙන් අයින් උනහාම වෙන ක්‍රියාවලිය අන්තරා බවය එකෙදිත් පටිච්චසමුප්පාද කිරියාවලියක් වෙන්නෙ එකයි සත්වයා උපාදාන ඇසුරු කරන් ඉන්නවා කියලා තියෙන්නෙ,
    හ්ම්ම් වෙන්න පුලුවන්. උපාදාන පච්චයා භව.
     
    • Like
    Reactions: mastech

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,239
    166,438
    113
    එකමත් එක රටක
    මම අහල තියෙන විදියට මව් කුසට ආවට පස්සෙ ගන්ධබ්බ කියල කියන්නෙ, කලින් ජීවිතේ චුති සිතත් මේ ජිවිතේ ප්‍රතිසංධි සිතත් අතර තප්පරයෙන් ලක්ෂයක තරම්වත් කාලයක් යන්නෙ නෑ කියල කියන්නෙ.(මැද නැවතීමක් නෑ)
    කාටද හත් දවසේ දානේ, තුන් මාසේ දානේ දෙන්නේ ?
    ඒවා දීල තේරුමක් නෑ නේද ඒ කියන්නේ ?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මෙ කය අත ඇරියා මතු කයකට ගියෙත් නැ සත්වයා කුමක් ඇසුරු කරගෙන සිටිනවද කියලා වච්චගොත්ත පරිබ්බ්‍රාජතකයා ආහාපු ප්‍රශ්නෙකට,

    වච්ච, මෙ කය අත ඇරියා මතු කයකට ගියෙත් නැ සත්වයා උපාදානය ඇසුරුකරගෙන ඉන්නවා කියලා තාතාගතයො උත්තර දිලා තියෙනවා,

    තවත් එ වගෙම හතර මන් හන්දියක බලන් ඉන්න කෙනෙකුට වගෙ, ගෙවල් වලට යන මග සැරිසරන ගෙවල් වලින් අයින් වෙන අය දැක්කා කියලා දෙශනා කරලා තියෙනවා,

    මනුස්ස හො තිරිසන් බව වලදි මනොමය සරිරය, ගන ඇගෙන් අයින් උන ගමන් තවත් තැන්කට සම්බන්ද වෙන්නෙ නැත,

    මනුස්ස සාහා තිරිසන් බව වලදි අන්තරා බවයක් තියෙනවා, ගන්දබ්බ කාය කියන්නෙ එකට,
    කොහොමද මනුස්ස තිරිසන් බව වලදි විතරක් අන්තරභවයක් තිබිල ප්‍රේත දිව්ය භව යන් වලදි අන්තර්භවයක් නොතිබෙන්නෙ.
    සූත්‍රය දාන්න පුලුවන්ද. interest.
     
    • Like
    Reactions: kinkon

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මම අහල තියෙන විදියට මව් කුසට ආවට පස්සෙ ගන්ධබ්බ කියල කියන්නෙ, කලින් ජීවිතේ චුති සිතත් මේ ජිවිතේ ප්‍රතිසංධි සිතත් අතර තප්පරයෙන් ලක්ෂයක තරම්වත් කාලයක් යන්නෙ නෑ කියල කියන්නෙ.(මැද නැවතීමක් නෑ)
    කරුනු තුනෙන් එකක් ගන්දබ්බයෙක් සම්බන්ද වෙන්න ඔන, ගන්දබ්බ පොතිකාවා ගන්දබ්බ පොතකාව, ආටානාටි සුත්‍රය ආහාන්න,

    කොහොමද මනුස්ස තිරිසන් බව වලදි විතරක් අන්තරභවයක් තිබිල ප්‍රේත දිව්ය භව යන් වලදි අන්තර්භවයක් නොතිබෙන්නෙ.
    සූත්‍රය දාන්න පුලුවන්ද. interest.

    වච්චගොත්ත සුත්‍රය, චිත්තක්ශන, අන්තරාබවය පටලවන් ඉන්නෙ,
    ------ Post added on Dec 29, 2023 at 9:12 PM
     
    • Like
    Reactions: Amith0424

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මම අහල තියෙන විදියට මව් කුසට ආවට පස්සෙ ගන්ධබ්බ කියල කියන්නෙ
    නැහැ සහෝ ගන්ධබ්බයා තමයි මව් කුසට බැස ගන්නෙ. මහා නිදාන සුත්‍රය බලන්න කො.

    https://tripitaka.online/sutta/179/144
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,624
    1
    5,934
    113
    බුදු දහමට අනුව සත්ත්වයා උපදිමින් මැරෙමින් සිදුකරන සසර ගමන විස්තර කරන පටිච්චසමුප්පාද දේශනාවෙ කිසිම තැනක අන්තරාභවයක් දක්වා නෑ. සත්ත්වයා මරනයට පත් වු විට අතීත භවයේ කළ කර්මය හේතුකොට මීලග භවයේ ප්‍ර‍තිසන්ධි විඤ්ඤාණය ඇතිවන බව ය. මරණය හා ප්‍රතිසන්ධිය අත කිසිදු අතරමැදි අවස්තාවක් පටිච්චසමුප්පාද දේශනාවෙ දක්වා නැත.

    අන්තරභවය ලංකාවෙ සමාජයට මැත කාලයේ ඇතුල් කර ඇත්තේ බලංගොඩ ආනන්ද මෛත්‍රිය භික්ෂුව විසිනි. ඒ ඔහු විසින් ඉන්දියාවෙදී පරිශිලනය කර ඇති මහායාන පොත් වල සදහන් කරුණු අනුව බව මතයක් ඇත. මහායානිකයන් අතර අන්තරභවයක් ගන විශ්වාස්යක් ඇත.

    මිනිසුන් මර්ණය පිළිගැනීමට ඇති බිය නිසා ආගම් ඔස්සේ පුනරුප්පත්තිය, දෙවු ම්වු තුරුලට යාම, වනි සංකල්ප මගින් තවදුරත් පැවැත්ම ගැන බලාපොරොත්තු පවත්වා ගනීමට උත්සාහ කරනවා.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔව්..බුදුහාමුදුරුවො සතර අපාය, බ්‍රග්ම, දිව්‍ය තලවල ඉන්න ජීවින් මෙහෙමයි කියල පැහැදිලිව කියල තියෙනව, සුදුසු තැනක් ලැබෙනකන් අහසෙ එහේ මෙහේ සැරිසරන සිතක් ගැන කියල නෑ.
    එතකොට වච්ච ගොත්ත සුත්‍රය, එහෙමෙහෙ සැරිසරන සිතක් නෙවෙයි මනොමය ශරිරය ගන්දබ්බ ශරිරය, පොඩි කාලෙ ආහාපු දත්ත නෙවෙයි ත්‍රිපිටක ශාක්ශි, ගලපලා බලන්න මොහන සිද්දි වලට,
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    හ්ම්ම් වෙන්න පුලුවන්. උපාදාන පච්චයා භව.
    @mastech මහා නිදාන සූත්‍රයේ විදිහට නමරුප ඇතිවෙන්නෙ විඥාඥානය නිසා.

    https://tripitaka.online/sutta/179/144

    විඥාණය බැසගත්තොත් තමයි උපතක් (භවයක්) සකස් වෙන්නෙ.

    එතකොට මෙතන ප්‍රශ්නයක් තියෙනවනේ. උපදානෙන් විතරක් භවයක් හැදෙන්න විදිහක් නෑ නෙ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නැහැ සහෝ ගන්ධබ්බයා තමයි මව් කුසට බැස ගන්නෙ. මහා නිදාන සුත්‍රය බලන්න කො.

    https://tripitaka.online/sutta/179/144
    ගන්ධබ්බයා කියල තිබ්බට දවස් ගානක් මාස ගානක් අතරමැද තැනක ඉන්නව කියල තියෙනවද?
     
    • Like
    Reactions: Stimulus mind