මම අවංකවම කැමතියි අපේ කොල්ලෝ කෙල්ලෝ රට තොට ඇවිදලා මේ ලස්සන බලනවට. ඒකයි මම මේ ත්‍රෙඩ් දාන්නෙත්.කෙනෙකුට මේ සම්බන්ධව ආසාවක්,නිවැරදි හැඟීමක් ඇති කරන්න.
සෝලෝ හයිකින් ගැන දාන එක අවුලක් නැද්ද මචං ?
මට ඕක පොඩි හිතේ අවුලක් තියෙනවා. මොකද ඕකේ රිසක් පැත්තක් තියෙනවනේ බං. සාමාන්‍යයෙන් තනියම ඇවිදින එකේ තියෙන්නේ වෙනමම ආශ්වාදයක්. ඒක ගොඩක් දෙනෙකුට තේරෙන්නේ නෑ. ගොඩක් අය ඒකට කැමතිත් නෑ.ඒ ගැන ආසාවක් තියෙන කෙනා කාටවත් කිය කිය ඉන්නෙත් නෑ.
කව්රුහරි මගේ පොස්ට් එකක් දැකල එකපාරටම ආස හිතිලා තනියෙම ඇවිදින්න ගිහිං මුකුත් ප්‍රශ්නයක් වුනොත් මමත් එකේ වැරදිකාරයෙක් දෝ කියල හැඟීමක් හිතේ තියෙනවා බං.මම ඒකයි සෝලෝ හයිකින් මුකුත් දාන්නේ නැත්තේ. මට මේ ගැන ලොකු ප්‍රශ්නයක් හිතේ තියෙනවා. මමත් මේ සෝලෝ ට්‍රැවලින් නිසාම jungle Survival ගැන සෑහෙන දෙයක් ඉගෙනගන්නවා. youtube videos , තව මම දන්න හමුදාවේ අයගෙන් වගේ.
මම හිතන්නේ සොලෝ හයිකින් සහ කෑම්පින් වලදී මුහුණදෙන ගැටලුකාරී තැන් ගැන මීට වඩා තවත් හොඳට අධ්‍යනය කරලා, ඒ සම්බන්ධ උපක්‍රම, තාක්ෂණික දැනුම, ප්‍රථමාධාර වගේ හැම පැත්තක්ම ආවරණය වෙන විදිහට හොඳ දැනුමක් සහ කෙනෙකුට නොවරදින සහ ගැටළු වලදී පිළියම් යොදන විදිහ, මේ ඔක්කොම එකතු කරලා ත්‍රෙඩ් එකක් දැම්මා නම් ඊට වඩා හොඳයි නේද ?