බෝර්න් අගේන් කාරයන්, පාත්ෆයින්ඩර් කාරයන්, ඉංග්‍රීසියෙන් හිතන ටයි කෝට් කාරයන් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වටකරගෙන සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.
‘මේ තමයි හෙනේ.. අපිට දුකයි ගෝඨාභය මහත්තයා ගැන’ යැයිද උන්වහන්සේ පවසති.
අද ජනාධිපතිවරයා වටකර එම සිටින ඇතැම් නිලධාරීන්ට තණකොළ ගහක් පැගිලා නැති බවත්, කුරුම්බා ගෙඩියක් කට තියලා බොන්න නොදන්න පිරිසක් බවත්, මලක්නෙලා පූජා කරලා නැති අතින් බත් අනලා කාලා නැති පිරිසක් බව ද උන්වහන්සේ චෝදනා කළහ.
සිය විහාරස්ථානයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ කියා සිටියේ වත්මන් රජයට රජයේ ඉඩම් පුද්ගලීකරණය කිරීම සඳහා කිසිදු ජනවරමක් ලැබී නොමැති බවයි.
අද වන විට රජයේ ඉඩම් සහ ගොඩනැගිලි පුද්ගලීකරණය කිරීමට සමාගමක් පිහිටුවා ඇති බවත් පැවසූ උන්වහන්සේ මේවා අලෙවි කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බවද කියා සිටියහ.
රටේ දේපල සාංඝික දේපළ ලෙස සිතා කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බවද උන්වහන්සේ පැවසූහ.