කිරි ටොපියක රස බලමුද......
කිරි ටොපියක රස බලමුද......
ඉතින් එළකිරි වාසියනි...... කොහොමද ?
එළකිරියත් එක්ක සම්බන්ද වෙලා අවුරුද්දකටත් වැඩියි.( ගොඩක්ම ක්‍රියාකාරී සාමාජිකයෙක් වුනේ මේ අවුරුද්දේ මුල ඉඳල)
ඉතින් අවුරුද්දක් ඔහේලත් එක්ක මේ සයිබර් අවකාශයෙන් රැඳී සිටීමේ සන්තෝසය වෙනුවෙන් අද මම ඔයාලට ගෙනාව,මම හදන්න දන්නා සීමිත රසකැවිලි වර්ග වලින් එකක් හදන විදිහ.
(තව ඉතින් ඔය කේක් වර්ග, අල ටොපි,සීනි මුරුක්කු, අතිරස, අලුවා,
වැලි තලප,අග්ගල, කොට්ටම්බා අග්ගල..... ඔව්වා තමා ඉතින් හදන්න දන්නේ)
වැඩේ එච්චරම අමාරු නෑ....
අපි බලමු කොහොමද කිරි ටොපි හදන්නේ කියල...
අවශ්‍යය දේවල් - උකුකල ටින් කිරි ( මිල්ක්මෙඩ් 510 g ) / සීනි 300g / බැදගත් රටකජු 50 g ( කජු, ආමන්ඩ් උනත් ගන්න පුළුවන්)
වැනිලා රසකාරකය / පොතු සුද්ද කොට තලා ගත් එනසාල් කිහිපයක් / බටර් ස්වල්පයක් / පාන් පිටි ස්වල්පයක්.
මුලින්ම කරන්න ඕනේ ටින් කිරි එක කඩලා ඇලුමිනියම් භාජනයට දාගන්න.
( භාජනය ඝනකම් එකක් වුනොත් තරමක් වැඩිපුර කාලයක් ගතවෙයි )
ඒකටම සීනි එකතු කරලා වතුර තේ කෝප්ප කාලකින් විතර හිස් ටින් කිරි එක හොඳට කලතල,
ඒ වතුරත් භාජනයටම එකතු කරන්න.
ඊට පස්සේ ලිපේ ගින්දර වැඩි කරලා හොඳට කූරු ගාමින් පැය කාලක්(මිනිත්තු 15) විතර කිරි එක රත් කරන්න ඕනේ.
( හොඳට කූරු ගාන්න ඕනේ නැත්තනම් කිරි එක කැටි ගැහෙන්න බලනවා. සීනිත් හොඳට දිය වෙන්න ඕනේ..)
මිනිත්තු 4,5 පමණ පසු....
මිනිත්තු 10 විතර පස්සේ මේ වගේ බුබුළු දමමින් රත් වෙනවා දකින්න පුළුවන්...
ඊට පස්සේ ලිපේ ගින්දර සෑහෙන පමණ අඩු කරලා කිරි එකට රටකජු, තලා ගත් එනසාල්, වැනිලා තේ හැන්දක්, බටර් තේ හැන්දෙන් භාගයක් එකතු කරන්න.
මිනිත්තු 15 විතර පස්සේ රටකජු, එනසාල් එකතු කල පසු...
ඊට පස්සේ ලිප මද ගින්දරේ තබා දිගටම කූරු ගාන්න ඕනේ. යොදා ගන්න භාජනයේ ඝනකම අනුව කාලය තරමක් අඩු වැඩි වෙන්න පුළුවන්.
( මම පාවිච්චි කරපු භාජනය ඝනකම් එකක් )
ඔය අතරේ තැටියක් ගෙන එකේ අඩියට බටර් ස්වල්පයක් සහ පිටි ස්වල්පයක් තවර ගන්න ඕනේ.
(එහෙම කරන්නේ ඇලවෙන එක වලක්වන්න)
බටර්, පිටි තැවරූ තැටිය...
තවත් මිනිත්තු 7,8 පමණ කූරු ගාන විට කිරි වඩා ඝන, උකු වෙන අතරම පාට රන්වන් පැහැයට හැරෙයි.කුරු ගාන හැන්දෙන් වක් කරන විට
කිරි කැඩි කැඩී වැටෙන අවස්තාව එනතෙක් කුරු ගා ගන්න ඕනේ.
කිරි කැඩි කැඩී වැටෙන අවස්තාව එනතෙක් කුරු ගා ගන්න ඕනේ...
අන්න ඒ ආකාර කිරි කැඩි කැඩී වැටෙන අවස්තාව පැමිණි විට ලිපෙන් බාගත් කිරි, ඉක්මනින් තැටියට වක් කරගෙන හැන්දෙන් සමතලා කරගත යුතුයි.
ඊට පස්සේ නිමෙන්නට හරින්න...
හොඳින් සමතලා කරගත යුතුයි....
හොඳින් නිවුනට පස්සේ ඉතින් කෑලි කපල, ( කැමති නම් උඩින් පිටි ස්වල්පයක් තවරා ගන්න. මම නම් එහෙම කලේ නෑ )
සංග්‍රහයට සුදානම් කරන්න...
හවසට තේ බොන වෙලාවට, කහට එකට සීනි වෙනුවට, හිතවතුන්ට සංග්‍රහ කරන්න තමුන්ගේ අතින් හදපු කිරි ටොපි...
කමු අපි කිරි ටොපි.....ජය වේවා....

rep+ 