කිරි විස වෙන්නේ කොහොමද?

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කිරි විස වෙන්නේ කොහොමද?

    මුදවපු කිරි, කිරි පැකට්, යෝගට්, විස වෙන්නේ කොහොමද?


    කෙළි සෙල්ලම් කරන දුවා දරුවන්ගේ කාය ශක්තිය වර්ධනය වීමට හා ඔවුන්ගේ කාය ශක්තිය ලබා දීමට මේදය අව්‍යශ වේ. මේදය අඩංගු ආහාර අතරින් කිරි සහ යෝගට් වලට ලැබෙන්නේ ප‍්‍රමුඛ ස්ථානයකි. එ් නිසාම විවිධ ලේබල යටතේ විවිධ නම් වලින් කිරි සහ යෝගට් විවිධ වර්ණවලින් යුතුව වෙළදපොළේ අලවි වනවා දැකගත හැකිය.

    එහෙත් ගැටළුව වන්නේ එසේ අලෙවි වන කිරි සහ යෝගට් නියමිත ප‍්‍රමිතියෙන් යුතු එ්වාම ද යන්න පිළිබදවයි. ඊට හේතු වන්නේ කිරි, යෝගට් වැනි කිරි ආහාර පරිභෝජනය කල ඇතැම් පුද්ගලයන් එ්වා වස වී රෝහල්ගත කර වූ බවට සමාජයෙන් ලැබෙන පුවත්ය. එම පුවත් සත්‍ය නම් එවැනි ආහාර මිනිස් සිරුරට හානි කරවන්නේ කෙසේද යන්න පිළිබඳව ගැටළු මතු වේ. එ් පිළිබදව සකච්ඡා කිරිමට අපි විස තොරතුරු එ්කකයේ භාර ප‍්‍රධාන වෛද්‍ය නිළධාරී වරුණ ගුණතිලක මහතා හමු වුණෙමු.

    කිරි කල් තබා ගැනීමට හැකි සාමාන්‍ය දින ගණන 2ක්. එ්ත් වෙළදපොළේ අලෙවිකරන මුදවපු කිරි දින කීපයක් තබා ගත හැකිය. අපිට දැනගන්නට ලැබුණ දේ තමයි කිරි කල් තබා ගැනීම සදහා ෂල්ෆියුරික් අම්ලය සහ ෆෝමලික් භාවිතා කරනවා කියන එක. මේවා පාවිච්චි කරන්නේ ක්ෂුද්‍ර ජීවින් විනාශ කරලා කිරි කල්තබා ගැනීම සඳහාය.

    ෆෝමලින් කියන්නේ මළ මිනී කල් තබාන්නට භාවිතා කරන රසායනිකයක්. දිගු කාලීන වශයෙන් මේවා අඩංගු ආහාර ගැනීම නිසා දිගු කාලීනව පිළිකා වැනි තත්වයන් ඇතිවිය හැකිය.
    ෂල්ෆියුරික් අම්ලයත් ඉතාම විස සහිතයි. මේවා ශරීරගත වුනාම සිරුරේ විවිධ පද්ධති වලට හානි කර තත්වයන් උදා කරනවා. එම රසායනික භාවිතා කල කිරි වර්ග සොයා ගන්නා හැටි පාරිභෝගිකයාට එන ගුටලූවක්. වෙළද පොලේ තිබෙන මී කිරි වල කල් ඉකුත්වන දිනය සටහන් කරලා තිබෙනවා. එහිදී දිගු කාලයක් සදහන් කරලා තිබෙනවානම් එ්කට මොනවාහරි කල් තබා ගැනීමේ රසායනිකයක් අන්තර්ගත කර ඇති බව සිතන්නට පුළුවන්.

    සාමාන්‍යයෙන් නිවැරදි ක‍්‍රමයට කිරි මුදවනවානම් මුහුන් දැමීම සිදු කරනවා. මුදවන කිරි වල හොදට මේදය තිබෙනවා. එහි සිදුරු වලින් ස්වාභාවික ලක්ෂණ දකින්නට පුළුවනි. මුහුනේ දැපු තැනක් විශේෂ ලෙෂ පෙනෙන අවස්ථා තිබෙනවා. මේ ලක්ෂණ රසායනික ද්‍රව්‍ය අඩංගු කිරි වල දක්නට ලැබෙන්නේ නෑ.

    ස්වාභාවික ක‍්‍රමයට අනුව මුදවපු මී කිරි වල චංචල ස්වාභාවයක් තියෙනවා. රසාවනික ද්‍රව්‍ය දාපු කිරි ඝන තතවයේ පවතිනවා.

    මෙවැනි කෘතිමව නිපදවන කිරි ආහාරයට ගැනීම මෙන් ෆෝමලින් ශරීර ගත වී කෙටි කාලීනව සහ දිගු කාලීනව අතුරු ආබාධ ඇතිවිය හැකිය.

    එනම් උගුරේ කැසිල්ල, සමේ පලූ හට ගැනීම, වමනය, බඩ රිදීම වැනි කෙටි කාලීන ආබාධ සේම පිළිකා තත්ව වැනි දිගු කාලීන ආබාධ ඇති වීමේ ප‍්‍රවනතා තිබෙනවා.

    යෝගට් කියන්නේ පැහැය, රසය, කල්තබාගැනීම යන සියළුදේ කෘතීමව කරන නිෂ්පාදනයක් රස කාරක වර්ණකාරක අඩංගු යෝගට් දිගින් දිගටම පරිභෝජනය කරන විට රුධිරයේ ලිපිඩ සංයුතුයේ යම් යම් වෙනස්කම් සිදු වෙනවා. විශේෂයෙන්ම ට‍්‍රයිශ්ලිසරයිඞ් කියන එක වැඩි වෙනවා. බොහෝ විට කුඩා දරුවන්ට යෝගට් ලබා දෙනවා. රෝගී අයට ලබා දෙනවා. එහි දී මතක තබාගතයුතු කරුණ වන්නේ යෝගට් යනු කෘතීම රසායනික අඩංගු ආහාරයක් බවයි.

    මීලගට වෙළදපොලේ අලෙවි වන කිරි පැකට් පිළිබදවත් ඔබගේ අවධානය යොමු කල යුතුයි. විශේෂයෙන්ම විවිධ නම් වලින් අලෙවි වන මෙම කිරි පැකට් වල අන්තර්ගත වන සීනි ප‍්‍රමාණය බොහෝ වැඩියි.

    එ් වගේම ෆැට් එකත් වැඩියි. මේවා ළමයින්ට ලබාදීමෙන් තරබාරුකම වැඩි වීමෙන් දියවැඩියා තත්වයන් ඇති වීමටත් එය හේතුවක් විය හැකියි.

    මීලගට කිරි පැකට් කවර කරලා එන ඇසුරුම පිළිබදවත් කතා කල යුතුයි. කිරි පැකට් එක කටින් අදලා බීමට ගන්නැයි ළමයි පුරුදු වෙලා ඉන්නෙ. කිරි පැකට් එකේ ලේබල් එක මුද්‍රණය කරලා තියෙන්නෙ (සිග්මන්ට්) තීන්ත වර්ගවලින්, දත් භාවිතා කර පැකට් එක කැඞීමේදී එහි ඇති බැරලෝහ දත් සිදුරු වල රැදිය හැක. ඉන් අතුරු ආබාධ ඇති විය හැකිය. එ් නිසා කෘතීම ආහාර දරුවන්ට ලබා දීමේදී නිවැරදි දේ තේරීම නිවැරදි ක‍්‍රම අනුගමණය කිරිම වැදගත් වෙනවා.
    ECEMBER 1, 2016 HEALTHTIPSLK HOW TO
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,111
    366
    83
    waha thamai bn hmoma kanne sinhala un keline sinhla untmai dna kale kana bona dewal pttma wisai wha tynne thanikara rasayanika dewal adangu ewa thamai minissunge ayusha adu wenna hethuwa owa thamai ithin kanne wahane guna aharayak angta watenne nhane
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Why don't we share some trade names who manufacture such poisonous curd? I've seen many curd makers who live in down south and most of their curd pots are marked to be expired after 2 or 3 days from the date of manufacture. The products of ones who mix those poisonous substances with milk are very common in super markets. I've seen some tubs with over 1 month difference between manufacturer date and expire date. :( Feel so bad about parents who buy those for their kids.