කිරුළපන නැගීම

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    13151922_10208153687572586_1837362826182779608_n.jpg



    නැවත වරක් පෙන්වා දුන්නේ ශ්‍රිලනිපය ප්‍රමුඛ සංධානය කැඩී නැති බව ය. මතුපිට එසේ යැයි කෙනෙකුට පෙනුන ද අභ්‍යන්තරය හෙවත් මදය ඉතා ශක්තිමත්, නොකැඩුණු නොබිඳුණු ඒකීය බලයක් බව අද කිරුළපන පෙන්වා දුන්නේ ය. එය මහින්ද අත තිබෙන මහින්දට පාලනය කළ හැකි බලවේගයක් බවට වන තවත් සාක්‍ෂියකි.

    කිරුළ ජනගඟ ඉතා සැර දේශපාලන පණිවුඩ කීපයක් ම රටට ලබා දෙන්නේ ය. පළමුවැන්න නම් ශ්‍රිලනිපය සමානයි මහින්ද පමණකි යන්න ය. එනම් ශ්‍රිලනිප පාක්‍ෂිකයා ව්‍යාජ ශ්‍රිලනිපයෙන් සැබෑ ශ්‍රිලනිපය මනාව වෙන්කොට හඳුනා ගෙන ඇත. ඔහුට ඒ සාක්‍ෂරතාව හා සවිඥානිකත්වය ඇත. තවදුරටත් ශ්‍රිලනිපය යනු එහි නිල නාමය හෝ පාලන ව්‍යුහය ‍නොවන බව ඔහු තහවුරු කොට ඇත. බලය යන්න තඹ දොයිතුවකට මායිම් නොකොට බලය නැති මහින්ද තෝරා ගැනීම මෙහි සජීවී උදාහරණයයි. මෙවැනි පෙළගැස්මකට ඉතිහාසයේ පූර්වාදර්ශ නොමැති තරම් ය. එය මහින්දගේ සුවිශාල දේශපාලන ජයග්‍රහණයකි. මෙහි අර්ථය නම් මහින්දට ශ්‍රිලනිපයෙන් බැහැර වෙනත් දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීමට පැහැදිළි හැකියාවක් තිබෙන බවට යළි යළිත් වන තහවුරුවකි. එය ඇස්පනාපිට ම පවතින යථාර්ථය බව පෙනෙන්නේ දැවැන්ත විධායකයේ බලය හා බලහත්කාරය යොදා සංවිධානය කළ ගාලු රැලි පසුබිමෙහි ස්වේ්ච්ඡා දේශපාලන නැගීසිටීමක් වූ කිරුළපන ජනගඟ දෙස බලන විට ය. මෙහි අතුරු ඵලයක් ලෙස මෛත්‍රීපාල ප්‍රමුඛ නිල ශ්‍රිලනිපයේ නායක පිරිස 2020 ජනපතිවරණයේ දී එජාපයට හේත්තු වී රනිල් ජනපති කිරීම සඳහා දැනටමත් හිතාගෙන සිටිනු ඇති බව සිතත හැකි ය.

    දෙවැනි පණිවුඩය නම් වත්මන් ආණ්ඩුව පවතින්නේ තවත් එක මැතිවරණයක් එනතුරු පමණක් බව ය. විටෙක ඊටත් මෙහා කඩා වැටීමට හැකිබව කිරුළපන පෙන්වා දුන්නේ ය. අපට වඩා ආණ්ඩුව මෙය වඩාත් හොඳින් දනී. ඒ අනුව, මේ සිතුවිල්ල විසින් ආණ්ඩුවේ දේශපාලනය තව තවත් අඩපණ කරනු ඇති බව පෙනෙන අතර බදුවැඩිකිරීම හා වෙනත් සුභසාධන කප්පාදු ඔස්සේ මහජනයා ආණ්ඩුවෙන් තව තවත් වෙන්ව මහින්දගත වනු ඇත. ආර්ථික ප්‍රගමනයට ද මෙය සුවිශේෂ ලෙස බලපාන කරුණක් වනුයේ දේශපාලන අස්ථාවරබව ආර්ථිකයේ පරම සතුරා වන හෙයිනි. ආණ්ඩුව ඉදිරියේ දී වියරුවැටුණු ස්වභාවයක් පෙන්වීම ද අපේක්‍ෂා කළ හැකි ය.

    තෙවැන්න නම්, රනිල්-මෛත්‍රී හවුල මෙරට ආණ්ඩුව නම් එහි විපක්‍ෂය ඒකාබද්ධ විපක්‍ෂය බව ය. පාර්ලීමේන්තුව තුළ ද එය එසේ පිළිගත යුතු බව කිරුළපන බලකර සිටින්නේ ය. සම්බන්ධන් හා අනුර කුමාර නම් විපක්‍ෂය මෙරට පාර්ලීමේන්තු දේශපාලන ඉතිහාසයේ මහා ඛේදනීය ප්‍රහසනය බව තහවුරු කොට ඇත්තේ ය. කිරුළපන ජනරාශීය, සැබෑ විපක්‍ෂ අයිතිය ඒකාබද්ධ විපක්‍ෂයට ලබා නොදීමට එරෙහි මහා කැරැල්ලක් ලෙස ද මේ අනුව අර්ථ ගැන්විය හැකි ය.

    මීලඟ කාරණය නම් රටට බලාපොරොත්තුවක් ඇති බව ය. ආණ්ඩුව ගමන් කරන, අවසානයේ බෙදුම්වාදයෙන් අවසන් වන ෆෙඩරල්වාදී මාවත අවහිර කිරීමට ද මේ ජනබලවේගය යොදාගත හැකි ය. සමාන අයිතිවාසිකම් සහිතව සිංහල, දෙමළ මුස්ලිම් අප සැමට ඒකීය රටක ජීවත් වීමේ අපේක්‍ෂාව ද මේ පෙළගැස්ම මගින් පෙන්වා තිබේ. මේ අනුව දැන් අප ආණ්ඩුවේ ක්‍රියාවන්ට හුදු ප්‍රතිචාරකයෙකු පමණක් නොවී ස්වාධීන ව අපගේ දේශපාලන ගමන සැලසුම් කළයුතු ලක්‍ෂයට පැමිණ තිබේ.

    Mahinda Pathirana
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ජන ගඟ ගලා ගෙන විත් හරි මාවතට....
    දෙන පනිවුඩය ලකුණකි සුබ පෙර මගට....
    රණ විරු පුතුන් සැදු රට යලි වනසන්ට..
    මොන බොරු ගෙතූවත් හැකිවෙද බැලයන්ට..
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    UNP කාරයන්ට අලිය මාක් එක පෙන්නල උන්ගෙ නායකයන්ට ඕන පර වැඩක් කරන්න පුලුවන් උනාට අත මාක් එක පෙන්නල ශ්‍රීලංකා කාරයන් එක්ක ඒ සෙල්ලම් බෑ. මොකද ඒ මිනිස්සුන්ගෙ ඇගේ උනු ලේ තාම හොන්දට දුවනවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    UNP කාරයන්ට අලිය මාක් එක පෙන්නල උන්ගෙ නායකයන්ට ඕන පර වැඩක් කරන්න පුලුවන් උනාට අත මාක් එක පෙන්නල ශ්‍රීලංකා කාරයන් එක්ක ඒ සෙල්ලම් බෑ. මොකද ඒ මිනිස්සුන්ගෙ ඇගේ උනු ලේ තාම හොදට දුවනවා.
    :yes::yes::yes:
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මමත් එතන හිටපු කීපදෙනෙක්ගෙ කතාවලට ඇහුම්කන් දුන්නා.ඒ ආපු මිනිස්සු ඔක්කොම එකහඬින් කිව්වෙ මහින්ද නැති කාලෙක අපි දේශපාලනයෙන් සමුගන්නවා කියලයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක තමයි පට්ට සිද්ධිය හමුදාවො කොල්ලො දන ගහල වැදල ගියෙ ඔන්න නායකයො, වද පොනිලයි නිවට සිරයි ගාව ඉන්න එකෙක් වදීද බැරිවෙලාවත් පුලුවන් නම් කන පැලෙන්ඩ ගහල යන්නෙ.
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    උපන් බිමට තම මෑණියන්ට සේ ආදරය කළ නායකයෙක් සොබාදහම විසින්ම රකිනව.
    යහාපාලන තක්කඩි හිතාගෙන ඉන්නේ මේ රටේ ඉන්න ඔක්කොම මිනිස්සු ඌගේ ලැම්බෝගිනි
    රත්තරං අශ්වයෝ බලන්න චන්දෙ ඌට චන්දෙ දුන්න අම්බරුවෝ වගෙයි කියල .
    දැන් නම් පාඩමක් ඉගෙන ගන්න ඇති .
    නමුත් සියළුම රාජපක්ෂවරු තමන්ගේ ආරක්ෂාව ගැන ද පෙරට වඩා සිතිය යුතුයි .
    ජයවේවා
    මව්බිම දිනේවා .
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    දැන් මහින්ද ඇතුලු පිරිස කල්පනා කළයුතු ප්‍රධාන කරුණක්වෙයි.එනම් මෙරට දේශප්‍රේමීන්ගේ අභිලාශය කුමක්ද යන්නයි,ඔවුන් ප්‍රධාන වශයෙන් මහින්ද ඇතුලු දේශප්‍රේමීන්ගෙන් බලා පොරොත්තුවන්නේ ඒකීය රාජ්‍යයක් තුළ තම අනාගත පරපුර ඔසවා තැබිය හැක්කේ මහින්ද ඇතුලු පිරිසටම බවය,ඔවුන් ජීවන අරගලය එතරම් කලපනා කරන්නේ නැත,ලුනු කැද හෝ බී බියෙන් තොරව හිස කෙලින් තබා ගෙන ජීවත් විය හැක්කේ මහින්ද වැනි මිනිසකු හරහා පමණක්ම බව ඔවුන් හොදින් දනී,එහෙයින් මෙම ප්‍රවණතාව හොදින් කළමනාකරණය කරගැනීමට මෙම කදවුරට හැකියාව පවතීනම් අභලාශය සාධනය කර ගැනුම අපහසු නොවන බව මෙටට ජනතාව මෙම රැලිය හරහා මහින්ද ඇතුලු පිරිසට පෙන්වා දුන්නේය.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මේක තමයි පට්ට සිද්ධිය හමුදාවො කොල්ලො දන ගහල වැදල ගියෙ ඔන්න නායකයො, වද පොනිලයි නිවට සිරයි ගාව ඉන්න එකෙක් වදීද බැරිවෙලාවත් පුලුවන් නම් කන පැලෙන්ඩ ගහල යන්නෙ.

    13133337_935650663199386_2852326320088695366_n.jpg
     
    • Like
    Reactions: LalaJ

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    දැන් මහින්ද ඇතුලු පිරිස කල්පනා කළයුතු ප්‍රධාන කරුණක්වෙයි.එනම් මෙරට දේශප්‍රේමීන්ගේ අභිලාශය කුමක්ද යන්නයි,ඔවුන් ප්‍රධාන වශයෙන් මහින්ද ඇතුලු දේශප්‍රේමීන්ගෙන් බලා පොරොත්තුවන්නේ ඒකීය රාජ්‍යයක් තුළ තම අනාගත පරපුර ඔසවා තැබිය හැක්කේ මහින්ද ඇතුලු පිරිසටම බවය,ඔවුන් ජීවන අරගලය එතරම් කලපනා කරන්නේ නැත,ලුනු කැද හෝ බී බියෙන් තොරව හිස කෙලින් තබා ගෙන ජීවත් විය හැක්කේ මහින්ද වැනි මිනිසකු හරහා පමණක්ම බව ඔවුන් හොදින් දනී,එහෙයින් මෙම ප්‍රවණතාව හොදින් කළමනාකරණය කරගැනීමට මෙම කදවුරට හැකියාව පවතීනම් අභලාශය සාධනය කර ගැනුම අපහසු නොවන බව මෙටට ජනතාව මෙම රැලිය හරහා මහින්ද ඇතුලු පිරිසට පෙන්වා දුන්නේය.

    :yes::yes::yes::yes::yes:
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    UNP කාරයන්ට අලිය මාක් එක පෙන්නල උන්ගෙ නායකයන්ට ඕන පර වැඩක් කරන්න පුලුවන් උනාට අත මාක් එක පෙන්නල ශ්‍රීලංකා කාරයන් එක්ක ඒ සෙල්ලම් බෑ. මොකද ඒ මිනිස්සුන්ගෙ ඇගේ උනු ලේ තාම හොන්දට දුවනවා.

    poddak hithapalla..
    unp kaaraya kepuwath unp ma thama.
    sebe srilanka kaaraya thaama mahinda langa
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මහින්ද රාජපක්‍ෂ මහතාගේ පළපුරුදු හමුදා ආරක්‍ෂාව ඉවත් කිරීම තුළින් රනිල්-මෛත්‍රී රෙජ්මය අපේක්‍ෂා කළේ රාජපක්‍ෂ මහතාගේ ජීවිතය අනතුරේ දැමීම පමණක් ම නොවේ. කිරුළපන රැළියේ දෝංකාරය මාධ්‍ය තුළින් වසන් කිරීම සඳහා සිරස්තල අලුත් කිරීම එහි ආසන්නතම අපේක්‍ෂාවයි. ඒත් සමගම වැට්බදු ඉහළ නැංවීමෙන් කල කිරීමට පත්වන 62 ලක්‍ෂයෙන් තව ඉතිරි වී ඇති කීප දෙනෙකුගේ හෝ මනස්-පොකැට්ටුව අහිමි වන මුදල් වෙනුවට රාජපක්‍ෂ-වෛරයෙන් පිරවීම ද ප්‍රධාන අරමුණක් විය. "රාජපක්‍ෂට කෙලවෙනවා නම් අපට කුමක් වුවත් කමක් නැත" වැනි චින්තනයක් සහිත ව ජීවත් වන පිරිසක් ලංකාවේ සිටින බව සමීක්‍ෂණ වාර්තාවලින් පෙනී ගොස් තිබේ. කෙසේ වෙතත්, මේ කිසිවකට වැඩි ආයුෂක් නැති බව අපට වඩා හොඳින් ආණ්ඩුව දැනුවත් ය.