කුකුළා සහ රුපියල~!!!

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    කුකුළා සහ රුපියල~!!!

    කිකිලිගෙයි රු.1000 යි කතාව බලපු අය දැන් කුකුලගෙයි රුපියලෙයි කතාව බලන්නකෝ...!!!

    මේක රුපියලකින් ටොපි 4ක් විතර ගන්න පුළුවන් කාලේ වෙච්ච දෙයක්!

    එක් කුකුළු ව්‍යාපාරිකයෙකුට විශාල ගොවිපලක් තිබිණ. ඔහුගේ ගොවිපලේ මස් සහ බිත්තර හොඳම ඒවා ලෙස පළාතේම ප්‍රසිද්ධය. ඒ ගැන අතිශයෝක්තියෙන් පුරසාරම් දෙඩීමට පවා ඔහු මැලි වුයේ නැත.

    දිනක් ඔහුගේ ගොවිපළට පැමිණි පුද්ගලයකු ඔහු කුකුලන්ට ආහාර සඳහා දෙන්නේ මොනවාදැයි විමසීය.
    "මම මුන්ට හොඳම ධාන්‍ය තඹ හට්ටිවල සඳුන් දර දාලා සකස් කරලා එ‍ක එකාට වෙන වෙනම රිදී පින්ගන්වල දාලා තමයි දෙන්නේ"
    ව්‍යාපාරිකයා පැවසුවේ උජාරුවෙනි.
    "ආ!, එහෙමද? දැනගත්තු එක හොඳයි. මම ආවේ ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන්! තමුසෙට කුකුල්ලුන්ටත් ඔය විදියට කන්න දෙන්න සල්ලි කොහෙන්ද? මම අදම තමුසෙට විරුද්ධව නඩු දානවා"
    අමුත්තා පිළිතුරු දුනි.:P
    මෙසේ කට නිසා ඔහුට විශාල අලාභයක් සිදුවුණි.

    නැවත දිනක තවත් මිනිසෙකු පැමිණ ඉහත ප්‍රශ්නයම ඔහුගෙන් ඇසීය.
    පෙර සිදුවීමෙන්
    පාඩමක් උගත් ව්‍යාපාරිකයා,
    "අපෝ මහත්තයා මම මේ කුකුල්ලුන්ට මුකුත් කන්න දෙන්නේ නැහැ" ඉක්මනින් පැවසුවේය.:no:
    "මොනවා, තමුසේ කන්නවත් දෙන්නේ නැතුවද මේ අසරණ සත්තුන්ගෙන් බිත්තරයි මසුයි ගන්නේ! මම *** සත්ත්ව අවිහිංසා සංගමයෙන්, තමුසෙට විරුද්ධව මම අදම නඩු දානවා." මිනිසා පැවසීය.
    ව්‍යාපාරිකයාට දෙවන වතාවටත් වැරදින.:(

    නැවත දිනක තවත් මිනිසකු පැමිණ ඔහුගේ මස් සහ බිත්තර වල අනර්ඝ බව කියා ඔහු ඔවුන්ට කෑමට දෙන්නේ මොනවාදැයි ඇසීය.
    ව්‍යාපාරිකයා කල්පනාකාරී විය.:rolleyes:
    "මහත්තයා මම හැමදාම උදේට මුන්ට,එකෙකුට රුපියල ගානේ දෙනවා, හැබැයි උන් ඒකෙන් මොනවා කනවද කියලා මම නම් දන්නේ නැහැ, මහත්තයට දැනගන්න ඕනමනම් උන්ගෙන් අහලා බලන්න"
    ව්‍යාපාරිකයා කීය.:P:P:P

    කොහොමද??? කොමෙන්ට් එකෙක් දාමුද???:D
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ela kukula rupiyala katekata danwa kiyanna athi

    elakiri_coke.jpg