කුකුළා

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113


    අපේ හිටපු අගමැති සර් ජෝන් කොතලාවල මහත්තයා කුකුල් කේන්තිකාරයා උනාට මුඛරි කමට වගේම විහිළු තහළු වලටත් බොහොම ප්‍රසිද්ධ මනුස්සයා. විශේෂයෙන්ම කියන්න තියන දේ තැන නොතන නොබල මූණටම කියන විදියේ කෙනක් නිසාම ද කොහෙද බොහෝ වෙලාවට කට නිසා ලෙඩ දාගත්තට මුන්නැහේ දුප්පත් පොහොසත් බේදයක් නැතිව කොයි කාට උනත් උදව් පදව් කරන කෙනෙක් හැටියට කොයි කවුරුත් බොහොම ගරු සරු දක්වපු කෙනෙක්.

    මේ කතාව එතුමා ගැන බොහොම ප්‍රසිද්ධ කතාවක්, කළින් අහපු නැති අය නම් නැතුව ඇති, ඒත් ඉතිං පරණ අරක්කු වගේ පරණ දේවල් පරණ වෙන්න වෙන්න රස වැඩි නිසා ඔන්න ඔහේ ලියලා දානවා.

    සුද්ද රට පාලනය කරපු කාලේ දවසක් රෑ එතුමා සහභාගී උනා ගල්කිස්සේ මහා හෝටලේ තිබුනු උත්සවයකට. සුද්දාගේ කාලේ නිසා වැඩිපුර උත්සවයේ හිටියේ සුද්දෝ. කොතලාවල මහත්තයත් රෝස් කරපු කුකුලෙක් එහෙම රෑ කෑමට ඕඩර් කරලා පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා.

    ටික වෙලාවකින් දුම් දාන රෝස් කරපු කුකුලවත් ලස්සනට ට්රේ එකක තියාගෙන වේටර් කෙනෙක් එනවා කොතලාවල මහත්තයා ළඟට. මේ උත්සවේ හිටියා කොතලාවල මහත්තයගේ තරහකාර සුද්දෙකුත්. මේ සුද්දාත් හිටියේ, කොහොමද කොතලාවල මහත්තයත් එක්ක වලියක් දාගන්නේ කියලා බල බල

    කුකුලා අරගෙන එන වේටර් දැක්කා විතරයි සුද්දා නැගිටලා ගියා වේටර් ළඟට,

    "ඔය කුකුලා මට දීපන්..."

    සුද්දා ඉල්ලනවා කුකුලව. හැබැයි වේටර් කොල්ලා කැමති නෑ කුකුලා සුද්දට දෙන්න. වේටර් කොල්ලා කියනවා

    "මේ කුකුලා කොතලාවල මහත්තයට... සර්ට වෙන කුකුලෙක් දෙන්නම්"

    සුද්දයි වේටර් කොල්ලයි දෙන්නා එතන එකම ගාලගෝට්ටියයි. කොතලාවල මහත්තයත් මේක බලාගෙන.

    ටික වේලාවකින් කොතලාවල මහත්තයා නැගිටලා ගියා වේටර් ළඟට. ගත්තා වේටර් අතේ තිබුනු කුකුලව, කතාබහක් නැතිවම ඇවිත් තමන්ගේ මේසේ වාඩිවෙලා කුකුලාව කන්න දැන් ලැහැස්තිය.

    කුකුලව නැතිවෙච්ච එකට තරහෙන් පිපිරි පිපිරී කොතලාවල මහත්තයා ළඟට ආපු සුද්දා, පිහියා ගෑරුප්පු එහෙම අරන් කුකුලව කන්න ලැහැස්ති වෙලා හිටපු කොතලාවල මහත්තයට තර්ජනය කරනවා.

    "උඹ දැන ගනින් උඹ ඔය කුකුලට කරන දේමයි මම උඹටත් කරන්නේ..."

    කොතලාවල මහත්තයා සුද්දා දිහා හොඳට බැළුවා.

    "ඒ කියන්නේ මම මේ කුකුලට කරන ඕන දෙයක් උඹ මට කරනවා..."

    කොතලාවල මහත්තයා අතේ තිබුණු පිහියයි ගෑරුප්පුවයි වන වන සුද්දගෙන් අහනවා.

    “ඔට්ටුයි උඹට බෑ ඒක කරන්න”

    සුද්දව සත පහකට මායිම් නොකරපු කොතලාවල මහත්තයා සුද්දට අභියෝග කරා

    සුද්දත් හිටියේ කොතලාවල මහත්තයාව කන තරමේ තරහෙන්. ඒක නිසා සමහර විට සුද්දට කොතලාවල මහත්තයා පේන්න ඇත්තේත් රෝස් කරපු කුකුළෙක් වගේ. ඒක නිසාම සුද්දත් අභියෝගේ භාරගෙන දත් කුරූ කකා කොතලාවල මහත්තයගේ මෙසේ ඉස්සරහ වාඩිවුනා.

    දැන් පිහියයි ගැඇරුප්පුවයි අතේ තියන් කොතලාවල මහත්තයා ඉන්නවා කුකුළව කන්න බලාගෙන, සුද්දත් පිහිය අතේ තියාගෙන තරහින් පිපිරි පිපිරී ඉන්නවා කොතලාවල මහත්තයා කුකුළව කපනකන් කොතළාවල මහත්තයට අනින්න.

    විනාඩි දෙක තුනක් දෙන්නට දෙන්න මුණට මූණ බලාගෙන හිටියා.

    විනාඩි කීපයකට පස්සේ කොතලාවල මහත්තයා හිනාවෙලා අතේ තිබුනු ගෑරුප්පුවයි පිහියයි පැත්තකින් තිව්වා.

    ඊට පස්සේ කුකුලාව අනික් පැත්ත හරවලා පිටිපස්සෙන් ඇඟිල්ල ගහලා උගේ බඩේ පුරවලා තිබුනු බැදපු තුනපහ මිශ්රණය ඇඟිල්ලට අරගෙන ඇඟිල්ල කටේ ගහලා සූප්පු කලා.

    ඊට පස්සේ සුද්දගේ මූණ දිහා බැළුවේ ඔන්න දැන් උඹේ වාරේ කියන්න වගේ.

    වාඩිවෙලා හිටපු තැනින් උඩ විසිවෙලා නැගිට්වෙච්ච සුද්දා ආපහු ගියේ පස්සවත් හැරිලා බලන්නේ නැතිව.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    :lol::lol:

    pathfinder.png