කුකුළු මස් යැයි සිතා මිතුරාගේ බොරු දත කාල&#353

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    කුකුළු මස් යැයි සිතා මිතුරාගේ බොරු දත කාල&#353

    මිතුරන් ඔහු ඇමතුවේ ඒ.කේ. කියාය. ඒකේ. ගේ උපන් දිනය පසුගිය දිනක සමරන ලද අතර එය මත්පැන් සාදයක් විය. මත්පැන් බෝතල් පහ හයක් සමඟ බයිට් එකට කුකුළු මස්ද තිබිණි. ගිටාරයක් රැගත් මිතුරෙක් එය වයන්නට විය. ඒ.කේ. ගේ උඩ ඇන්දේ දත් දෙකක් අතර කුඩා හිඩසකටද දතක් සවිකර තිබිණි. පදම වැඩිවීගෙන එනවිට මස් සැපීමේදී අපහසුතාවයක් ඇතිවූ නිසා ඒ.කේ. තම කුඩා දත ගලවා බයිට් පිඟාන අසල ඇති පොතක් උඩ තැබුවේ ආරක්‍ෂාවටය. සියල්ලෝම ගීත ගයමින් නටන්නට වූහ. පිඟානේ තිබූ කුකුළු මස්ද ශීඝ‍්‍රයෙන් ක්‍ෂය වන්නට වූහ. අවසාන මත්පැන් උගුරත් කටට හලාගත් මිතුරෙක් හොඳි පිඟානට අත දමා මස් සොයන විට පොතේ අත වැදී කුඩා දත හොඳි පිඟානට වැටුණු අතර එය මිතුරාගේ අතට හසුවිය. මස් කැබැල්ලක් යැයි සිතූ මිතුරා එය කටට දමා සපන්නට විය. ඔහුට එය සැපීමට නොහැකිවූයෙන් එය මස් කටුවක් යැයි සිතා සූප්පු කර ජනේලයෙන් පිටතට විසි කළේය.
    මේ අතර තම දත පොත මත නොතිබෙනු දුටු ඒ.කේ. මේසය සහ පිඟාන අවට සෝදිසි කරන්නට විය. මෙය දුටු දත විසිකළ මිතුරා ”මොනාද උඹ හොයන්නේ” යැයි ඇසීය. ”මගේ දත මචං” ඒ.කේ. කීය. කාරණය වැටහුණ මිතුරාට ”එහෙනම් ඒක තමයි මම විසිකළේ” යැයි ජනේලය පෙන්වමින් අප්පිරියාවෙන් පැවසීය. වහා මිදුලට දිව ගිය ඔහු දත අහුලාගෙන සබන්වලින් සෝදා නැවතත් හිඩසට සවි කළේය.
    :eek::eek::no:

    උපුටාගත්තේ - lankadeepa online edition
     
    • Like
    Reactions: DemonAkalanka

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,614
    113
    Colombo
    :lol:
    image.php