ඔන්න ඉංග්‍රීසි සර් කෙනෙක්ට ඈත ඉස්කෝලෙකට මාරුවීමක් ලැබුනා. ඈත කිව්වට පොඩි ටවුන් එකක්.
ඔන්න සර් පලවෙනි දවසෙම පන්තියකට ගියා උගන්නන්න.
“පුතාලගෙ ඉංග්‍රීසි දැනුම කොහොමද කියලා මම දන්නේ නෑනේ. හා කවුරු හරි නැගිටල පොතේ පලවෙනි පාඩම කියවන්න”
කෙල්ලෙක් නැගිටලා පාඩම කියෙව්වා. මෙලෝ රහක් නෑ.
“පුතාලා ඔයිට වඩා මහන්සිවෙලා ඉගනගන්න ඕන.. ඔයාලගෙ ඉංග්‍රීසි දැනුම නම් දුර්වලයි” සර් කිව්වා.
“ඔව් සර් අපිත් මේ ට්‍රයි කරන්නේ කොහොමහරි ඉගනගෙන යුනිවකුටියකට යාගන්න තමයි” කොල්ලෙක් කිව්වා.
“කොහෙ යන්ඩද?” සර් අන්දුං කුංදුං
“යුනිවකුටි“පංතියම එක හඬින් කිව්වා.
සර්ට තෙරෙන්නැ “මොක්කද පුතා යුනිවකුටි කියන්නේ”
“ඇයි සර්, යුනිවකුටි කියන්නෙ විස්වවිද්යාලෙටනේ….”
එතකොට තමා සර්ට සීන් එක තෙරුනේ මුං මේ යුනිවකුටි කියන්නේ යුනිවසිටි එකට කියලා.
පීරියඩ් එක ඉවරවුනාට පස්සේ සර් ගියා ප්‍රින්සිපල්ව හම්බුවෙන්න.
“කොහොමද සර් ලමයි ටික” ප්‍රින්සිපල් අලුත ආපු සර්ගෙන් ඇහුවා.
“කියන්න තරං ලොකු වරදක් නෑ. හැබැයි වචන උච්චාරණයේ එහෙම වැරදි නං තියනවා ” සර් කිව්වා.
“ගනං ගන්න එපා සර්. එක එක ලමයගේ මොලේ කැපෑකුටිය එක එක ගානනේ” ප්‍රින්සිපල් කිව්වා.
“මොකක්ද සර් එක එක ගනං කිව්වේ”
“කැපෑකුටිය කැපෑකුටිය“
බලාගෙන ගිහාම ප්‍රින්සිපලුත් ලමයි වගේ තමා කැපෑසිටි කියන එක කියන්නේ කැපෑකුටි කියලා.
සර්ට තේරුනා මේක තනියෙං ගොඩදාන්න පුලුවං සීන් එකක් නෙවේ. කෙලින්ම ගියා ඒ පලාතේ කලාප අධ්‍යාපන කාර්යාලයට. ගිහිල්ලා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක හම්බෙලා ඉස්කොලේ තියන ඉංග්‍රීසී ප්‍රස්නේ පැහැදිලි කරා.
“සර් අපේ ඉස්කෝලේ ලමයි විතරක් නෙවේ ගුරුමණ්ඩලේ අයගෙත් ඉංග්‍රීසි දැනුම ඉතා දුර්වලයි. විශෙෂයේන් වචන උච්චාරනය එහෙම අන්තිමයි. මට හිතාගන්න බෑ මහා විද්යාලෙක මෙච්චර ඉංග්‍රීසි අඩුපාඩුකම් තියනවා කියලා. මේ ඉස්කෝලෙට තව ඉංග්‍රීසි ගුරුවරු දෙන්නෙක්වත් දෙන්න. නැත්නම් මම ම අමාත්‍යංශෙට ලියලා ඉල්ලීමක් කරන්නද?” සර් ප්‍රස්නේ කිව්වා.
එතකොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මහත්තය කිව්වා
“දැනටනම් එවන්න ඉංග්‍රීසි ගුරුවරු නෑ. තව මාස තුනක් ඇතුලත් එවන්නම්. එතකං ඔය සිද්දියට වැඩි පබ්ලිකුටියක් දෙන්න එපා.”
source
REPකුටියකුයි Commentකුටියකුයි දල යන්න අමතක කරන්න එපා






bump
