කුඩුම්බිගල තපෝවනය..

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    කුඩුම්බිගල තපෝවනය..

    කුඩුම්බිගල තපෝවනය..
    කුඩුම්බිගල කියන්නේ පොතුවි-පානම හරහා කුමන වනෝද්‍යානය නරඹන්න යන අතරතුර තියන සිද්ධස්ථානයක්.
    දෙමළ බසින් 'කුඩුම්බම්' කියන්නේ පවුලට...දැනගන්න ලැබුන විදියට සිය පවුල පිටින් මහණදම් පුරා නිවන අපේක්ෂා කල නිසා මෙතැනට මේ නම ලැබුනීලු..
    වයඹ දිගින් මොණරාගල කඳු වැටි පෙළත් ගිනිකොණ දිගින් මුහුදු වෙරළත් අතර තැනිතලා බිම් තීරුවෙහි මුහුදු මට්ටමේ සිට අඩි 100-500හ් අතර උස් බිම් කඩ කුඩුම්බිගලට අයත් වෙනවා..
    ඉතින් ඔන්න නැගෙනහිර පළාතෙම රැකියාව කරන නිසා අපිත් ගියා(මමත් තව දෙතුන් දෙනෙකුත්) ගියා මේ වටිනා කියන තැන දැකබලා ගන්න....

    දැනගන්න ලැබුණ විදිහට 1973 සැප්තැම්බර්මස 28 වැනිදින විශේෂ ගැසට් නිවේදනයකින් මේ භූමිය අභය භූමියක් බවට පත් කරලා තියනවා.....
    වර්ග සැතපුම් 5ක පමණ ප්‍රදේශයක පර්වත 5කින් වටවූ අක්කර 1000 පමණ ප්‍රමාණයක් කුඩුම්බිගලට අයත් නටබුන් විසිර පවතී...

    dsc00384q.jpg


    පානම මහාවිද්‍යාලය අසලින් ඇරඹෙන යාල අභය භූමියට පිවිසෙන ගුරුපාරේ සැතපුම් 7ක් පමණ 7-8 සැතපුම් කණු අතරින් දකුණට ඇති ගුරුපාරේ තවත් සැතපුම් දෙකක් විතර යන්න ඕනෑ..
    මේ සමහර විස්තර ගත්තේ එල්ලාවල මේධානන්ද හාමුදුරුවන්ගෙ පොතකින්...
    ඒකයි මේ දුර ගනන් සැතපුම් වලින් තියන්නෙ....
    කුඩුම්බිගල සීමාවේ සිට නැගනහිර වෙරළට සැතපුමක් විතර දුරයි...

    යන අතරමඟ......

    dsc00348d.jpg

    dsc00349m.jpg


    පටන් ගන්න කොටම තියන චෛත්‍යය...

    dsc00351e.jpg


    අපේ නඩය......

    DSC00354.JPG


    කතරගම දෙයියන් ගොඩ බැස්ස ස්ථානය ලෙස සැලකෙන ඔකඳ දේවාලය මේ අසල පිහිටලා තියනවා...
    ජනප්‍රවාදවලට අනුව කතරගම දෙවියන් මෙහි ලඟා වූ රන් ඔරුව ගල් වූ ස්ථනය මේ අසලවෙරලේ පිහිටලා තියනවා..
    කතරගම දේවාලයට නොදෙවෙනි සැලකිල්ලක් බැතිමතුන් මේ ස්ථානයට දක්වනවා...
    මෙතන තමයි මගේ සිත් ගත් තැන බලන්න ස්වභාව දර්මයේ විශ්මිත නිමැවුම්...

    dsc00422jc.jpg

    dsc00423km.jpg


    ගලෙන් නිමවූ කුටියක්....

    DSC00361.JPG


    භ්‍රාහ්මීය අක්ෂර......

    dsc00363dx.jpg


    බැලුම්ගලට නගින පාර සහ බෑවුම.......

    dsc00367nx.jpg


    දිය පහරේ සහ බෑවුමේ සැරට ගල ඛාදනය වී ඇති අයුරු.....

    dsc00371hi.jpg


    මේ කුමන අභය භූමිය......

    dsc00372ic.jpg


    මේ පොඩියට ඉන්නෙ මමලු...!;);)

    dsc00373f.jpg


    නිට්ටෑවෝ ලෙස සලකන දිගුනාසයක් සහිත මිනීකන කුරු මිනිසුන් සහ කම්පොත්තෝ ලෙස සලකන කන් දිගැටි මිනිසුන් මේ අවට විසුවේලු..
    කුමන ගම්මානයේ සිටි සිංහල මිනිසුන් වනෝද්‍යානය පුළුල් කිරීමේදී 1980 මහවැලි කලාපයක පදිංචි කිරීම එක පැත්තකින් අවාසනාවක් පානම පිරිසිදු සිංහල ඉන්නේ ටිකයි...ඉන්න අයත් දෙමළ අයත් එක්ක බලහත්කාරයෙන් විවාහකර දීලු....


    ගලේ නගින්න පඩි........

    dsc00377hs.jpg


    ඈතට විහිදෙන ගල් තලාව.....

    dsc00392zx.jpg

    dsc00393ij.jpg


    චෛත්‍යයක නටඹුන්.......

    dsc00399zf.jpg


    සෑගිරි බැලුම් ගලේ සිලින්ඩරාකාර චෛත්‍යය........

    dsc00391sy.jpg


    චෛත්‍යයක් තිබුනා යැයි සැලකෙන ස්ථානයක්.......
    මේක ගැන මගේ බුද්ධංගල ත්‍රෙඩ් එකේ ඇති..

    dsc00403z.jpg



    බලපු නැති අය පස්සෙ බලන්න...
    බුද්ධංගල තපෝවනය....

    පූජනීය වස්තු......

    dsc00441sk.jpg



    :):):):):)
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    කුඩුම්බුගල ගැන අහල තිබුනත් මේ තරම් විස්තර දැනගත්තේ මේ ත්‍රෙඩ් එකෙන්...:yes:
    ස්තුතියි මිත්‍රයා තොරතුරු වලට :)
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    Thawath dekapu nethi thenak :D Nice post ! :) 7+

    Nice thread bro :)
    You must spread some Reputation around before giving it to inranasingha again.

    niyamai macho :D
    +

    niymai macho!
    mey wage thanak thiyanwa kiyala danneth dan :)

    කුඩුම්බුගල ගැන අහල තිබුනත් මේ තරම් විස්තර දැනගත්තේ මේ ත්‍රෙඩ් එකෙන්...:yes:
    ස්තුතියි මිත්‍රයා තොරතුරු වලට :)
    :):):)
     
    • Like
    Reactions: precious

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    තවත් නොදැකපු
    අනිවාර්යෙන්ම දැකිය යුතු වටින තැනක්
    ඔබට පුලුවන් විදියෙන් මෙහෙම අපට දකින්න සලැස්වීම ගැන
    මගේ ස්තූතිය...!
    ඉදිරියටත් මේ වගේ වටින තැන් ගැන ත්‍රෙඩ් දාන්න සහෝදරය
    ඇත්තටම එක ගොඩක් වටිනව ඉතිහාසය ගැන දැනගන්න ලොකු උදවුවක් වෙනව
    ඔබට ජය...!

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල

    Valuable Post.............Thanks.............:):):):):)
    :)

    machan thanks godak watina thread ekak...
    :)

    නියමයි මචන් ... උඹනම් පෙර පිනක් කරල තියෙනව මේව දැක බලාගන්න
    :):):lol:

    බොහොම ස්තුතියි යාලුවා අපිත් එක්ක බෙදාගත්තාට
    රෙප්+++
    :):):)

    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    තවත් නොදැකපු
    අනිවාර්යෙන්ම දැකිය යුතු වටින තැනක්
    ඔබට පුලුවන් විදියෙන් මෙහෙම අපට දකින්න සලැස්වීම ගැන
    මගේ ස්තූතිය...!
    ඉදිරියටත් මේ වගේ වටින තැන් ගැන ත්‍රෙඩ් දාන්න සහෝදරය
    ඇත්තටම එක ගොඩක් වටිනව ඉතිහාසය ගැන දැනගන්න ලොකු උදවුවක් වෙනව
    ඔබට ජය...!

    You have given out too much Reputation in the last 24 hours, try again later.
    :cool::cool::cool::):):):):):)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් ..උපරිමයි...පට්ටයි..කියන්න අමාරුයි..ඒ තරම් ලස්සනයි..මේවා අපි නොදන්න, නොදැක්ක දේවල්..
    මේව අපිට කියල දුන්න, පෙන්නල දුන්න උඹට රෙප් අනිවා.. +5 ක්..
    ගොඩක් ස්තූතියි ලොක්ක..
    ලස්සන වැඩක්..
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මචන් ..උපරිමයි...පට්ටයි..කියන්න අමාරුයි..ඒ තරම් ලස්සනයි..මේවා අපි නොදන්න, නොදැක්ක දේවල්..
    මේව අපිට කියල දුන්න, පෙන්නල දුන්න උඹට රෙප් අනිවා.. +5 ක්..
    ගොඩක් ස්තූතියි ලොක්ක..
    ලස්සන වැඩක්..
    :yes::yes: