~~ කුණු කානු හැදූ ~~ නදීෂා නාසා යයි

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
~~ කුණු කානු හැදූ ~~ නදීෂා නාසා යයි

ජනාකීර්ණ නගරවල වැසි ජලය ගලායාම සඳහා වන කාණු පද්ධති, ඝන අපද්‍රව්‍ය හේතුවෙන් අවහිරවීම වළක්වාලීමේ ක්‍රමවේදයක් සම්බන්ධ ව්‍යාපෘතියක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ නදීෂා චන්ද්‍රසේන මහත්මිය නාසා පර්යේෂණ උද්‍යානයේ සින්ග්‍යුලරිටි විශ්ව විද්‍යාලයේ උපාධි අධ්‍යයන පාඨමාලාවට සහභාගී වීමේ වරම් ලබාගත්තාය. නාසා ආයතනයේ උපාධි පාඨමාලාවක් සඳහා සුදුසුකම් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන්නේ ඇයයි.

සින්ග්‍යුලරිටි විශ්වවිද්‍යාලය ලෝකයේ නව නිපැයුම්කරුවන්, විද්‍යාඥයන් හා ව්‍යවසායකයන් 60 දෙනකු තෝරාගෙන ඔවුන් සඳහා සති දහයක ප්‍රායෝගික අධ්‍යයන පාඨමාලාවක් පැවැත්වීම සිදුකරයි. මේ සඳහා නදීෂාට ගූගල් සමාගම ඇමෙරිකානු ඩොලර් 29,500 (රුපියල් ලක්ෂ 39ක් පමණ) ශිෂ්‍යත්වයක් පිරිනමයි.

පාඨමාලාවට සහභාගීවන්නන් ඉදිරි වසර දහයේ දී ලෝකයේ මිනිසුන් බිලියනකගේ ජීවිත යහපත් ලෙස වෙනස් කිරීමට හැකි නව නිපැයුමක්, අලුත් ව්‍යාපෘතියක් සඳහා සැළසුම් සකස් කළ යුතු බව ද නදීෂා පවසයි.

අදාල පාඨමාලාව හැදෑරීමට නදීෂා තේරී ඇත්තේ ලොව පුරා අයදුම්කරුවන් පන් දහසකට අධික පිරිසක් අතරිනි. මලයාසියාවේ පෙට්‍රොනාස් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යා ක්ෂේත්‍රෙය් ආචාර්ය උපාධිය හදාරණ නදීෂා චන්ද්‍රෙස්න තම ආචාර්ය උපාධිය සඳහා ඉදිරිපත් කළ “ඝන අපද්‍රව්‍යවලට ඔරොත්තුදෙන වැහි වතුර කාණුව“ ව්‍යාපෘති යෝජනාව පදනම් කැර ගනිමින් ඇයට මේ ශිෂ්‍යත්වය හිමිවිය.

ඝන අපද්‍රව්‍ය හේතුවෙන් කානු පද්ධති අවහිරවීමෙන් ඇතිවන හදිසි ගංවතුර තත්ත්වයන් මර්ධනය කිරීමට මේ කාණු පද්ධතිය සමත්වනු ඇතැයි ලොව පුරා විද්‍යාඥයන් විසින් පිළිගෙන ඇත. ඉදිරි පස් වසරේ දී නදීෂා හඳුන්වාදුන් නව කාණු පද්ධති ආසියාවේ සහ අප්‍රිකාවේ ජනාකීර්ණ නගරවලට හඳුන්වාදීමට නියමිතය.

ගාල්ලේ උපන් නදීෂා චන්ද්‍රසේන ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයේ සහ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.

මොරටුව විශ්වවිද්‍යාලයේ නගර හා ග්‍රාම නිර්මාණය පිළිබඳ මූලික උපාධිය ලබා ඇති නදීෂා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ජල සම්පත් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ගත්තාය. වෘත්තියෙන් වරළත් නගර නිමාණ ශිල්පිනියක වන ඇය කලක් ලක්බිම පවත්පතේ මාධ්‍යවේදිනියක ලෙස ද කටයුතු කළාය. ඇය ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු සේවා බලකායේ අධිකාරීලත් නිලධාරිනියකි. දැනට මැලේසියාවේ පෙට්‍රොනාස් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යා ක්ෂේත්‍රෙය් ආචාර්ය උපාධිය හදාරන්නීය.

බර්ටි ලොකුලියන මහතා සමග විවාහවී සිටින නදීෂා චන්ද්‍රසේන මහත්මිය එක්දරු මවකි.

Lankadeepa

http://www.lankadeepa.lk/index.php/top_story/315789


10698501_10204195589984837_1467186480919891262_n-Copy.jpg
 
Last edited:

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
කුණූ කාණු ගැන කියලා තියෙන කොට මම හිතුවේ අනෙක් නදිශා කියලයි :P
 
Last edited:

Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura
elakiri kanthavak, samaharak piriminta atha paya mole thiyagenath topiyaka wedak karaganna behe anna ewage eunta meya adarshayak!
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
කුණූ කාණු ගැන කියලා තියෙන කොට මම හිතුවේ අනෙක් නදිශා කියලයි :P

:lol::lol::lol:



elakiri kanthavak, samaharak piriminta atha paya mole thiyagenath topiyaka wedak karaganna behe anna ewage eunta meya adarshayak!


implement this in colombo then flooding can be stop
if 1 hour rain all road are full

අපේ කෙල්ලට ජයවේවා!





11.gif
11.gif
11.gif
11.gif