"කුණු ලොරියේ න්‍යාය"
එක්තරා පුද්ගලයෙක් දිනක් ටැක්සියක නැගී ගමනක් යන්නට පිටත් උනා. ටැක්සි රථයේ රියදුරා නිවැරදි ලෙස රථය පදවමින් සිටියා.
මේ අතර, අතුරු මාර්ගයකින් හදිසියේ මෙන් කළු පැහැති කාර් එකක් පදවමින් පැමිණි පුද්ගලයෙකු සැනින් එම කාරය ටැක්සිය ගමන් කරමින් තිබූ මාර්ගයට ඇතුළු කළා.
ටැක්සි රථයේ රියදුරු ඉතා අසීරුවෙන් තිරිංග පාලනයෙන් සිදුවීමට ගිය අනතුර අනු නවයෙන් බේරා ගත්තා.
වැරැද්ද තමන් අතේ තිබියදී, කාරය පදවා ගෙන පැමිණි පුද්ගලයා දැඩි කෝපයකින් යුතුව ටැක්සි රථයේ රියදුරුට ඉතා අසභ්‍ය වචනයෙන් බැන වදින්නට වුණා.
මෙය දුටු ටැක්සි රථයේ රියදුරා සිනා මුසු මුහුණින් අනෙක් රියදුරා දෙස බලා ඉතා මිත්‍රශීලී ලෙස අතක්ද වනා තම රථය ඉදිරියට පදවාගෙන ගියා.
මෙය දුටු ටැක්සියේ ගමන් ගත් පුද්ගලයා ඉතාමත් පුදුමයට පත් වෙලා, තමා අතේ වරදකුත් නැතිව නිස්කාරනේ පරුෂ වචනයෙන් බැනුම් ඇසීමෙනුත් අනතුරව එසේ මිත්‍රශීලීව සැලකුවේ මන්දැයි විමසා සිටියා.
එවිට ටැක්සි රථයේ රියදුරා පවසා සිටියේ.
"අපි වටේ ඉන්න ගොඩක් අය හරියට නිකන් කුණු ලොරි වගේ, ඒ අය ඇවිදින්නේ, ගමන් කරන්නේ, හැසිරෙන්නේ කුණු කන්දල් ගොඩ ගහගෙන.
එයාලගේ ජීවිත වෛරය, කෝපය, බලාපොරොත්තු කඩවීම් වගේ කුණු ගොඩවල් වලින් පිරිලා. මේ කුණුගොඩවල් වැඩි වෙන්න වැඩි වෙන්න එයාලා බලන්නෙ ඒ කුණු කොහේට හරි හලන්න.
සමහර වෙලාවට ඒ කුණු හැලෙන්නෙ අපේ ඇඟට. ඉතිං අපි හිනහා වෙලා අත වනලා අපි අපේ ගමන යන එකයි හොඳම දේ.
මොකද අපි එයාල විසිකරන කුණු කර ගහ ගත්තොත්, අපි ඒවා හලන්නේ අපි එක්ක වැඩ කරන අයගේ, එහෙම නැත්තං අපේ ගෙවල් වල අයගේ ඇඟවල් වල. ඉතිං එහම කරන්න නං ඇයි අපි අනුන්ගේ කුණු ගොඩවල් කර ගහ ගන්නේ,..."
සාර්ථක මිනිසුන් කිසිවිටෙක අනුන්ගේ කුණු තමන්ගේ ඇඟේ හලන්නට ඉඩ දෙන්නෙ නැත.
අපිට ජීවත් වීමට ඇත්තේ ඉතාම කෙටි කාලයකි.
එම නිසා ඒ කාලය තුල, ඔබට ආදරය කරන්නන්ට ආදරය කරන්න.
ඔබට වැරදි කරන්නන්ට උපේක්ෂාව දක්වන්න.
ඉතිං....., ඔබත් මේ "කුණු ලොරියේ න්‍යාය" හොඳින් සිහියේ තබා ගන්න...

repost nam sorry
gaththe chat room eken
gaththe chat room eken
Last edited: