කුමන්ත්‍රණයක් අනාවරණය වෙයි!!!!

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කුමන්ත්‍රණයක් අනාවරණය වෙයි!!!!

    එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව මෛත්‍රී, රාජිත, කරූ, නවීන් සහ රවීගේ බලවත් කුමන්ත්‍රණය අනාවරණය වී ඇත .

    මෙම කුමන්ත්‍රණය මුලින් සැලසුම් කර ඇත්තේ කරූ ජයසුරිය, රවී කරුණානායක, රාජිත සේනාරත්න, ඇතුළු පිරිසකි. පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා මීට ආඳා ඇත. මෙම කුමන්ත්‍රණයේ පළමු පියවර වන්නේ මලික් සමරවික්‍රම මහතා සහ කබීර් හෂීම් මහතාගේ උපකාර ඇතිව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයකු වීම වැළැක්වීමයි. මේ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට චන්ද්‍රිකා කුමාරතුංග, TNA සංවිධානය ඇතුළු පිරිසක් අවධාරණය කර ඇත්තේ රනිල් ජනපති අපේක්ෂකයා වුවොත් තමන්ගේ සහාය ලබා නොදෙන බවය. මේ තත්ත්වය යටතේ තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නුවනට හුරු නැති බව තීරණය කල රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ අදහස අත්හරින ලදී.


    මෙම කුමන්ත්‍රණයේ දෙවන පියවර වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 30ක් රැගෙන එන බව පවසමින් චන්ද්‍රිකා, මෛත්‍රී, රාජිත, රතන හිමි, චම්පික, TNA කල්ලිය එකතුවී කරූ ජයසුරිය මහතා වෙනුවට මෛත්‍රීපාල සිරිසේන මහතා අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමට යෝජනා කර ඇත. මෙම යෝජනාවට රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වී ඇත. ජනාධිපතිවරණයෙන් සිරිසේන මහතා ජයගතහොත් රනිල් වික්‍රමසිංහ මහතාට විධායක අගමැති ධුරය ලබාදෙන බවට අමූලික බොරු පොරොන්දුවක් එතුමාට ලබා දී ඇත. නමුත් කුමන්ත්‍රණකරුවන්ගේ අදහස ජනාධිපතිවරණය සිරිසේන මහතා ජයග්‍රහණය කළහොත් රනිල් වික්‍රමසිංහ මහතා කොන්ඩමයක් ලෙස ඉවත දමා කරූ ජයසුරිය මහතාට අගමැතිකම ලබාදීමයි.

    මෙම කුමන්ත්‍රණයේ තොරතුරු රනිල් වික්‍රමසිංහ මහතාට අනාවරණය වන විට ඔහුට ජනාධිපතිවරණයට නම යෝජනා දීමට කල් මදිය. අපට වාර්තා වන ආකාරයට එතුමා ඉතා කෝපයෙන් සියලු දෙනාට බැණවදිමින් සිටින අතර ඉදිරියේදී සිරිසේන මහතාට හොඳ පාඩමක් උගන්වන බව පවසා ඇත.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    uG14dXn.jpg


    https://beta.hive.im/join/e832
    Randhu Shan
    එවන උන් එවපියව්