කුමන්ත්රණයක ඇත්ත නැත්ත
අද ශ්‍රේෂ්ඨාධිකරණය තීරනය කලා සියලුම පෙත්සම් සලකා බැලීමට.... පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව ඉදිරිපත් කල...
මේ දේවල් මේ විදිහට පෙල ගැහෙන්නෙ ඇයි,?
2015 දි තමන් තදින්ම ප්‍රතික්ෂේප කරපු මහින්දව 2018 මේ තරම් උවමනාවෙන් රකින්න මයිත්රීට ඇති උවමනාව මොකක්ද?
මේ මගේ මතය..කැමති කෙනෙකුට කියවන්න පුලුවන් ..නොකියවාම ඉන්නත් පුලුවන් ..එකග වෙන්නත් පුලුවන් ,නොවෙන්නත් පුලුවන්..
2015 මයිත්‍රී පක්ශය කඩා ගෙන එලියට ගියේ ලොකු අවදානමක් අරගෙන... එදා ඒ චන්දෙන් මයිත්‍රී පැරදුනා නම් මයිත්රීට වෙන දේ ගැන මයිත්‍රීම කියලා තිබුනා ප්‍රසිද්ධ වේදිකා වල පවා..දැන් අවුරුදු 3 මාස10 ක් ගත වෙලා ඉවරයි ..තව මයිත්රීට තියෙන්නෙ අවුරුදු 2 මාස ගනනක්.. එදා මයිත්රීට දැනුනු හේතු සහිත බය නැවතත් ඔහුට දැනෙනවා... කවුරු මොනවා කිව්වත් ඊලගට තියෙන ඡන්දෙකින් මහින්ද පිල ඉදිරිපත් කරන අපේක්ශකයා දිනන එක අනිවාර්ය යි...2015 මයිත්‍රී තමන්ට කල දෙයට පලි ගන්න මහින්ද පැකිලෙන්නෙ නැති බව සරත් ෆොන්සේකාට කල දේ දැකපු මයිත්‍රී නොදන්නවා නෙවෙයි..
එතනදි තමන්ට UNPඑකෙන් පිහිටක් නොවෙන බවත් මයිත්‍රී දන්නවා..එය බොහෝ විට ජනපති පදවියට පත් වීමට පෙර කිසියම් සිද්දියක් මුල් කරගෙන කරන නඩු පැවරීමක් හරහා සිරගත වීමක් වීමට බොහෝ ඉඩකඩ තිබුනා....
මට හිතෙන විදිහට මයිත්‍රී මෙතනදී තමන් ගත්ත ආත්මාර්ථකාමී ම තීරනය ගන්නවා.. ඒ තමයි තමන්ගෙ ජීවිතය / අනාගතය උදෙසා අනිත් සියල්ල ඇපයට තබමින් මහින්දව ආයෙත් කුලුපග කර ගන්න එක .. ඒකට තියෙන එකම දේ තමයි මහින්දව අගමැති කරන එක..එත් දැනට ඉන්න අගමැති අයින් කරන්නෙ කොහොමද? ඒකට ලන්කාවෙ ජනතාව කොහොම වෙතත් ජාත්‍යන්තයෙන් විශාල පීඩනයක් එන බව මයිත්‍රී දන්නවා.
ජනපති ඝාතන කුමන්ත්රනය කරලියට එන්නෙ මේ වෙලාවෙ..ඊට අමතරව මහ බැංකු බැදුම්කර සිද්ධිය හරහා රනිල්ට එල්ල වුන චෝදනාවත් ඒකට හොද රුකුලක් උනා..
මට හිතෙන විදිහට ජනපති ඝාතන කුමන්ත්‍රණය සමපුර්නයෙන් ගෙතූ කථාවක්. මයිත්‍රී ගේ පූර්න අනුදැනුම හා ආශිර්වාදය ඇතුව ගෙතූ කතාවක්.. නාමල් කුමාර හා නාලක ඩි සිල්වා වගේ දෙන්නෙක් ලංකාවෙ ජරාජීර්ණ දේශපාලන් නරා වලෙන් මතු කර ගන්න එක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි.මුදලට හෝ වරදාන වලට..(නාමල් කුමාර අම්පාරෙන් මැතිවරණය ට ඉල්ලිමට නාමයෝජනා බලාපොරොත්තු වීම ඒ වරදානය වෙන්න පුලුවන් ).
මෙතනදි ලොකුම සැකය වෙන්නෙ ඝාතන කුමන්ත්‍රණය මයිත්රීට හා මහින්දට එල්ල නොවී.. ගෝථාට එල්ල වීමයි.. මොකද චෝදනා එල්ල කරලා මහින්ද අගමැති උනාට පස්සෙ සමාජයේ සැකයක් එල්ල වෙන්න පුලුවන් එ දෙන්නට..ගෝථාව ඉදිරියට දැම්මම ඒ සැකය එන්නෙ නෑ..දෙවෙනි කරුන සිද්ධිදාමය අවසානයේ ඝාතන තැතට ලක් වූ දෙදෙනාම එක පාර්ශ්වය ක සිටිය යුතුයි... එතකොට ජනතා අනුකම්පාව එල්ල වෙන්නෙ සම්පූර්ණ පාර්ශ්වයටමයි...
මට හිතෙන විදිහට මෙතනදි මයිත්‍රී මහින්ද ගෙන් තමන්ට අනාගතයේ එල්ල වේ යයි සිතෙන තර්ජනයෙන් බේරීමට මහින්දවම පාවිච්චි කලා
කරුනු කාරනා සිද්ධ වෙලා තිබුනු විදිහට මහින්ද පාර්ශ්වය ඉදිරි මැතිවරණකදි වැඩි ඡන්ද ප්රමානයකින් ජයග්‍රහණය කරන්න ඉහල විභවයක් සහිතවයි හිටියෙ.රනිල් ඊලග ඡන්දෙන් පැරදිලා ගෙදර යයි..ඒත් මයිත්‍රී හිටියෙ අවිනිශ්චිත තත්වයක..ඔහු මහින්දව උපයෝගී කරගෙන ඒ අවිනිශ්චිතතාවයෙන් මිදුනා... දැන් මහින්ද මයිත්‍රී ගෙන් පලි ගන්න හෙතුවක් නෑ... මේ කුමන්ත්‍රණය වැරදුනත් ඕනෙ නම් බනිවි එච්චරයි .
මේ සිද්දියෙන් විශාලම හානිය උනේ මහින්දට.. ලන්කාවෙ ඡන්ද දායකයන් කැමති දෙයක් තමයි දේශපාලන GAME.. 2015 මයිත්‍රි එලියට ඇවිත් ප්‍රවුර්ති සාකච්ඡාව තියද්දි UNP එකේ අය කුල්මත් වුනේ ඒක දේශපාලන ගේමක් නිසයි... ඒ වගේම පාක්ශිකයො බලාපොරොත්තු වෙනවා තමන්ගෙ පක්ශයෙන් ගහන ගේම තිතට වදියි කියලා... එතකොට තමයි ලංකාව වගේ නොදියුණු දේශපාලන සාක්ශරතාවක් තියෙන රටක මිනිස්සුන්ට ඒක HITවෙන්නෙ.
මෙතනදි අවුල් සහගත තැන් 3ක් තිබුනා..එකක් තමයි මහින්ද එක පාරටම අගමැති කමේ දිවුරුම් දීම... ඒකෙන් මහින්ද බලයට කෑදරයි වගේ දෙයක් මැදහත් චන්දදායකයින් අතරට යනවා.... දෙවැන්න පාර්ලිමේන්තුවේ බහුතරය හදාගන්න බැරි නිසා පාරලිමේන්තුව විසුරුවා හැරීම..තෙවැන්න ඒ තීරනය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් වීම... පස්සෙ කියපු සාධක දෙක මහින්දගෙ ජනතාව අතර තිබ්බ ප්‍රතිරූපයට ලොකු හානියක්..සාධක 3ම ගත්තම ඉදිරි මැතිවරණයකදි ඡන්ද සෑහෙන ප්‍රමාණයක් මහින්දට අහිමි වෙන්න හේතු වේවි (කොහොම උනත් ජයග්‍රහණය කිරීමට අවස්ථාව ඉහලයි...චන්ද ප්‍රමාණය අඩු වේවි)
මේක කුමන්ත්රණක් උනත් නැතත් මෙකෙන් ගොඩ යන්නෙ මයිත්‍රී ... හෙට පාර්ලිමේන්තුව රැස් උනොත් බහුතරය පෙන්වා රනිල්ට දිගටම අගමැති කමේ ඉන්න පුලුවන්..(ගොඩක් විට වෙන්නෙ ඒක- මොකද දැන් මයිත්රීට බැහැනෙ ආයෙ පාර්ලිමේන්තුව කල් දාන්න.තමන් විසුරුවා හැරපු පාර්ලිමේන්තුව කල් දැම්මොත් එයාම පිලිගන්නවා වෙනවා විසුරුවා හැරිම බල රහිත බව..එතකොට ඊලග නඩු දිනේදි නිකම්ම පරාදයි).
ඊලගට පෙත්සම් සලකා බලලා ශ්‍රේෂ්ඨාධිකරණය තීරනය කරන්න ලොකු ඉඩක් තියෙනවා.. විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැනියි කියලා..මොකද පොඩි ඉඩක් හරි තිබුනා නම් තහනම් නියෝගයක් දෙන්නෙ නෑ ජනදිපති කෙනෙක්ගෙ තීරනයකට...එතකොට රනිල් දිගටම අගමැති කමේ ඉදීවි...
මේ සිද්දිය කීප ආකරයකින් රටට අහිතකරයි
එකක් මේක සිද්ධ වෙච්ච විදිහ ප්රජාතන්ත්රවාදී රටකට ගැලපෙන්නෙ නෑ..ගෝත්‍රික ගතියක් පෙන්නුම් කරනවා..එහෙම රටවල් අන්තර්ජාතිකව අපකීර්තිමත් වෙන්න ඉඩකඩ වැඩියි.
දෙවැන්න කවුරුත් කතා කරපු පාර්ලිමේන්තුව වසර 4 හමාරක් යනතුරු විසුරුවා ලීමට නොහැකියි කියන වගන්තිය ..මයිත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට උත්සහ කලේ මේ වගන්ති අතර තියෙන සිදුරක් තුලින්... රටක ජනාධිපති කෙනෙක් නීතියේ සිදුරු හොයනවා නම් රිංගන්න,ඒ රටේ මිනිස්සුත් ඒකම නොකරයිද?

, එ්ත් තවම කල් වැඩී. මොකද මේයන විදිහට හිතෙන දේවල් වෙන්නෑ.. 