කුමාරි.බඹසර

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    1-beautiful-big-hair-blue-eyes-Favim.com-964560.jpg

    මෙහෙව් රටේ කුමාරි බඹසර පරම පිවිතුරු..

    දවසේ පැය විසිහතර පුරාම බණ කියන, පැය විසිහතරම බණ අහන, සැදැහැවතුන්ගෙන් පන්සල් පිරී ඉතිරී යන පෝය දවසට වයින් ස්ටෝර්ස්, මස් කඩ තහනම් වෙන, පුංචි උත්සවයක් වුණත් පන්සිල් සමාදන් වෙලා අරඹන, පිරිත් නූලක් නොබැඳි පව්කාර අතක් සොයා ගන්නටවත් අමාරු මේ ධර්මිෂ්ඨ රටේ දිනකට අඩුම වශයෙන් ස්ත්‍රීන් හය දෙනකුවත් දූෂණයට ලක්වෙනවා. ඒ කියන්නේ ගෙවී ගිය අවුරුද්දේ පළමු මාස එකොළහට ස්ත්‍රීන් 1,854 දෙනකු දූෂණයට ලක්වෙලා තියෙනවා. ඔබ මවිතයට පත්වෙනවා නේද? නමුත් කටුක ඇත්ත ඒකයි. මතක තියාගන්න අපි මේ කතා කරන්නේ පොලිසියට වාර්තා වී තිබෙන ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව ගැන පමණයි. පොලිසියට වාර්තා නොවන සංඛ්‍යාව කොපමණ දැයි ඔබට හිතාගන්නවත් පුළුවන්ද?


    පසුගියදා නිකුත් වුණු අලුත්ම පොලිස් වාර්තාවකට අනුව 2015 වසරේ මුල් මාස එකොළහ තුළදී මේ ස්ත්‍රී දූෂණවලට අමතරව මිනිස් ඝාතන 441ක්ද, මුල් මාස නවය තුළ සියදිවි නසා ගැනීම් 2,375ක්ද සිද්ධ වෙලා තියෙනවා. ඒ අනුව මාසයකට සියදිවි නසා ගැනීම් 263ක් සිදුවෙනවා. මේ පොලිස් වාර්තාව අපේ ධර්මිෂ්ඨ රාජ්‍යයේ චරිත සහතිකය කියලයි මට හිතෙන්නේ.


    මේ පිරිසුදු චරිත සහතිකය නිකුත් වුණහම එය මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය ලෙස වාර්තා කොට තිබුණේ "මව්බිම" හා තවත් එක් ජාතික පුවත්පතක් පමණයි. හිරුණිකාගේ ඩිෆෙන්ඩරය, හිරුණිකා අත්අඩංගුවට ගන්නවද නැද්ද? එන්රිකේගේ තනපටය වගේ උණුසුම් ජනප්‍රිය මාතෘකා තියෙද්දී රටේ සදාචාරාත්මක පටසළුව ඉරා දමමින් සැබෑ නිරුවත පෙන්වන මේ වගේ මාතෘකා මොකටද කියලා සමහරුන්ට හිතෙන්න ඇති.
    ඒ අතරේ ඔබගේ අවධානය දිනාගත යුතු කරුණක් විශේෂයෙන්ම පෙන්වා දෙන්නට කැමැතියි. ඒ පසුගිය අවුරුද්දේ සිදුවුණු ස්ත්‍රී දූෂණවලින් 1,501ක් වයස අවුරුදු 16ට අඩු දැරියන් වීමයි. ඒ කියන්නේ මේ ලිපිය කියවන ඔබගේ වයසේ යුවතියන් නැත්නම් ඔබේ දයාබර නංගියගේ වයසේ යුවතියන් අඩුම වශයෙන් හතර දෙනෙක් එක දවසක් තුළ දූෂණයට ලක් වෙනවා.


    ඊටත් වඩා කනගාටුදායක කරුණක් මේ වාර්තාවට අඩංගු වෙලා තිබුණා. මේ දූෂණ 1,501 අතරින් වැඩි යුවතියන් සංඛ්‍යාව ඇගේ කැමැත්තෙන්ම පෙම්වතා හෝ දූෂකයා සමඟ එක්වූ අය බව පොලිසිය කියනවා. බලහත්කාරයෙන්, යුවතියන් දූෂණයට ලක්වීමේ පැමිණිලිවල ප්‍රතිශතය සියයට විස්සක් වෙද්දී සිය කැමැත්තෙන්ම පෙම්වතා හෝ දූෂකයා සමඟ ලිංගිකව හැසිරී ඇති සංඛ්‍යාව සියයට අසූවක් බව පොලිසිය තවදුරටත් කියනවා. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව අවුරුදු දහසයට අඩු බාලවයස්කාරියක් සමඟ ලිංගිකව හැසිරීම
    දූෂණයක් ලෙස සැලකෙනවා. එය අධිකරණයෙන් දඬුවම් ලැබිය හැකි වරදක්.


    මේ අහිංසක යුවතියන් ජීවිතය ගැන දන්නේ මොනවද? ඔවුන්ට ඇත්තේ මොන වගේ අත්දැකීම්ද? වැඩි දෙනෙක් පොත පතින්වත් බුද්ධියෙන්වත් මුහුකුරා ගිය අය නොවෙයි. අපේ රටේ තරුණ පරපුරට ලිංගිකත්වය ගැන විද්‍යාත්මක දැනුමක් ලැබෙන්නේ නැත. අපේ සදාචාරාත්මක කුහක සමාජයෙන් පාසල්වල ලිංගික විද්‍යාව ඉගැන්වීමට ඉඩක් ලැබෙන්නේත් නැහැ. මේ නිසා ලිංගික හැසිරීම් ගැන වැඩිදෙනකුට සරල දැනුමක්වත් නැහැ.
    වැරැදි ලිංගික හැසිරීම් නිසා ඇතිවිය හැකි ඒධ්ච්ඉ ඇතුළු ලෙඩ රෝගවල විපාක ගැනවත් ඔවුන් හරියට දන්නවාද? ඒවා ගැන ඉගෙන ගන්නේ කොහෙන්ද? ලිංගික සබඳකම්, හොර රහසේ කළුවරේ කළ යුතු ලැජ්ජා සහගත දේවල් ලෙස සලකන සමාජයකයි අපි ජීවත් වෙන්නේ. ඒක නිසා ලිංගික දැනුමත් කළුවරේ අත-පත ගෑමක් වෙනවා. අත්දැකීමෙන්ම ලබාගත යුතු දෙයක් බවට පත්වෙනවා. එතකොට පරක්කු වැඩි වෙන්නත් පුළුවන්.


    විවාහයට පෙර ලිංගිකව එක්වීම බටහිර රටවලට අලුත් දෙයක් නොවෙයි. හුඟාක් බටහිර රටවල තරුණ තරුණියන් අතරේ කන්‍යාභාවය කියන්නේ විහිළුවක්. නමුත් අපේ රට ඊට හුඟාක් වෙනස්. අපේ කුල සිරිත් අනුව විවාහයේදී කන්‍යාභාවය වැදගත් සාධකයක්. තමන් කෙතරම් අපචාරවල යෙදුණත් කුමරි බඹසර රැකගත් මනාලියකගේ අත ගැන්ම අපේ බොහෝ තරුණයන්ගේ ප්‍රාර්ථනාව බව අමුතුවෙන් කිව යුතු නැත.


    කන්‍යාභාවය අපේ රටේ කෙතරම් වැදගත් පවුල් සාධකයක්ද කියා පිළිබිඹු කරන සිදුවීමක් මේ ලිපියට එක් කරන්නට කැමැතියි. මේ කතාවට සවන් දෙන්න.
    "මං යාළුවෙලා හිටියේ මගේ මස්සිනා එක්ක. මුලින් ආශ්‍රය කෙරුවේ සහෝදරයෙක් වගේ. ඊට පස්සේ එයා මට ආදරය කරන්න පටන් ගත්තා. මාත් එයාට ආදරය කළා. දවසක් ටියුෂන් පන්තියට ගිහිල්ලා එන ගමන් එයා මාව ගෙස්ට් හවුස් එකකට එක්කරගෙන ගියා. මුලින් මා අකැමැති වුණත් ඔහු මගේ අනාගත ස්වාමිපුරුෂයා වෙන නිසා ලිංගිකව එකතුවීමට කැමැති වුණා.


    එත් දැන් එයා මාව සැක කරනවා. ඒකට හේතුව එදා අපි දෙන්නා එකතු වුණ වෙලාවේදී ලේ ගියේ නැහැ කියලා. මං ඒ අයියා ඇරෙන්න වෙන කිසිම පිරිමියෙක් ආශ්‍රය කරලා නැහැ. ඒත් දැන් එයා මාව අත්හරින්නයි කල්පනාව. මුලින් මට හිතුණා පාරට බැහැලා කෑගහලා මගේ මස්සිනා මට කරපු විනාශය ගැන කියන්න. ඒත් මං ඒක කරන්නේ කොහොමද? ඒකෙන් අපේ මුළු පරපුරේම මූණුවල දැළි ගෑවෙනවා. දැන් මට හිතෙනවා ජීවිතේ නැතිකර ගන්න..."
    මේ කතාව මා උපුටා ගත්තේ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ ලියූ පොතකින්. මේ අහිංසක යුවතිය හැඬූ­ කඳුළෙන් වෛද්‍යවරයා වෙත ආවේ කිසියම් උපදෙසක් ලබා ගන්නයි.


    විවාහයට පෙර ලිංගිකව හැසිරීම වරදක්ද? එය අපචාරයක්ද? එසේ නොවුණු යුවතියන් ශුද්ධ වන්තියන්ද? මඟුල් දවසට පහුවැනිදා රෙදි නැන්දාට ලේ තැවරුණු ඇඳ ඇතිරිල්ල පෙන්වන්නට සිදුවීම කෙතරම් ලැජ්ජා සහගත දෙයක්ද? ලංකාවේ ග්‍රාමීය සමාජය මේ ගතානුගතික කුල සිරිත්වල තවමත් එල්බගෙන සිටිද්දී දැන උගත් සමාජය මේවා බැහැර කරමින් සිටීම යහපත් ප්‍රවණතාවක් ලෙස හඳුන්වන්න පුළුවන්.


    යොවුන් ඔබට ප්‍රථම ප්‍රේමය වූ කලී සොඳුරු අත්දැකීමක් බවට සැකයක් නැත. ඒ වගේම ප්‍රථම ලිංගික අත්දැකීමත් ජීවිතය පුරා මතකයේ රැඳෙන ආදරණීය අත්දැකීමක් විය යුතුයි නේද? ඒ අත්දැකීම අපිරිසුදු හෝටල කාමරයක සිය ගණනක් දෙනා පාවිච්චි කරපු ඇඳ ඇතිරිල්ලකට ලඝු කරන්න එපා. ඉන් පස්සේ අනේ මගේ ජීවිතය ඔයාට භාරයි. මාව බඳින්න කියා කොල්ලා ඉදිරියේ දණින් වැටෙන යුවතියක් වෙන්න එපා.
    ඒ නිසයි මා කියන්නේ ප්‍රේමයෙන් හා වගකීමෙන් ලිංගිකව එක්වීමේ වැදගත්කම පිළිබඳ ඔබ නිවැරැදි අවබෝධයක් ලබාගත යුතුයි කියලා.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය කෙල්ලෝ දුෂණය වෙන්නේ උන් අදින ඇදුම් නිසා... පිරිමින්ට වරදක් කියන්න බෑ....

    #සිංහලයෙක්
     
    • Like
    Reactions: udinuka

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔය කෙල්ලෝ දුෂණය වෙන්නේ උන් අදින ඇදුම් නිසා... පිරිමින්ට වරදක් කියන්න බෑ....

    #සිංහලයෙක්

    උඹට අක්කලා, නංගිලා ඉන්නවද? කෙල්ලෙක් ඉන්නවද? අඩුම ගණනේ දන්න අඳුනන ගෑනු ළමයි ඉන්නවද? උන් ඇඳුම නිසා දූෂණය වෙනවට උඹේ අකමැත්තක් නැද්ද?

    උඹට අමතකද අර අහිංසක කිරි සප්පයා "සේයා"? ඒ කෙලි පැටික්කි දූෂණය වෙලා මැරුණේ ඇඳුම නිසාද?

    උඹ සිංහලයෙක් නෙමෙයි, මුස්ලිම් එකෙකුත් නෙමෙයි.... වහාබි තලේබාන් හම්බ ප#$යෙක්!!