කුඹල් පෙරහර හා රන්දෝලි පෙරහර

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,493
    100,618
    113
    අතර ඇති වෙනස්කම්...

    කුඹල් පෙරහර කියන්නේ හැදෙන පෙරහරක්. නැත්තම් අසම්පූර්ණ පෙරහරක්. කුඹල් පෙරහරවල් වලට ඒ නම ඇවිල්ලා තියෙන්නේ ඉස්සර කුඹල් පෙරහරේ ඉස්සරහින් මැටි වලං ගෙනියන මනුස්සයෙක් වලං කදක් අරන් ගිය නිසා බව ඉතිහාසයේ පැවසෙනවා. කුඹල් පෙරහරවල් වර්ණ භාවිතය ද අඩුයි. සුදු පාට තමා වැඩිපුර යොදාගන්නේ. ඒ වගේම ඇත්තුන්ට දල කොපු, පාද සිලම්බු ආදිය පැළදවීමක් වෙන්නේ නෑ. ගජනායක නිලමේ වරයා රිදී අංකුසයක් දරන්නේ. ඒ වගේම ප්‍රධාන හේවිසි කණ්ඩායම සම්පූර්ණ හිස් වැසුම් පළදින්නේ නෑ. බෙර වලට සවරං බදින්නේ නෑ. ඒ වගේම දෑලෙ ඇතුන් පිට සාමන්‍ය නිල කරුවන් දෙදෙනෙක් විතරයි ගමන් කරන්නේ. පළවෙනි කුඹල් පෙරහරේ හැර දියවඩන නිලමේ වරයා යන්නෙ නෑ. දේවාල වල බස්නායක නිලමෙවරු යන්නේ නෑ. සාමාන්‍යයෙන් නවක ශිල්පීන්, නවක අලි ඇතුන් පුහුණු වෙන්නේ මේ පෙරහරවල් වලින්. ඒ වගේම දේවාල සතරේ වෙස් ශිල්පීන් වෙස් තට්ටුව පළදින්නේත් නෑ.

    නමුත් රන්දෝලි පෙරහර විචිත්‍රවත්. නෙක වර්ණ ශබ්ද ආදියෙන් අලංකෘතයි.
    ගජනායක නිලමේ වරයා රං අංකුසයක් දරනවා. සියලු ශිල්පීන් අලි ඇතුන් නෙක විද වර්ණ ඇදුමෙන් හැඩ වෙනවා. ඇතුන්ට දල කොපු පළන්දනවා. පෙරහරේ බෞද්ධ කොඩි වලට අමතරව දිසා කොඩි, මහ දිසා කොඩි රටවල්, කෝරල වලට අදාල පිත්තල දිසා කොඩි, ධජ, සේසත් හා මුරායුධ ගෙන යනවා. ප්‍රධාන හේවිසි කණ්ඩායම අංග සම්පූර්ණව ගමන් කරනවා. මඟුල් ඇතුට දෙපස දෑලෙ ඇතුන් පිට පාතමාලේ රාල හා ගෙපරාල විසින් කරඩුවට මල් ඉසිනවා සහ චාමර සලනවා. බුරුම ධජ, සියම් ධජ පෙරහරේ ගෙනියනවා. ඒ වගේම මල් පහන් කණ්ඩායම ගමන් කරනවා. දියවඩන නිලමෙ තුමා හා බස්නායක නිලමෙවරු, ප්‍රධාන පිටිසර දේවාල වල බස්නායක නිලමේවරු ගමන් කරනවා. මේ ආදී ලෙස ඉතා විචිත්‍ර පෙරහර පහක් ලෙස රන්දෝලි පෙරහර පවත්වනවා. එයිනුත් හතර වැනි හා පස්වැනි හෙවත් අවසන් මහ රන්දෝලිය යන පෙරහර දෙකේ මඟුලැතුට පාවඩ හා උඩු වියන් ඔසවා දළදා වහන්සේට පුද කරන සියලු පූජාවන් සම්පූර්ණ කරනවා. ඒ වගේම රන්දෝලි පෙරහරවල රන්දෝලි ද රැගෙන යනවා. එනිසා තමා එය රන්දෝලි පෙරහර ලෙස හදුන්වන්නේ.

    https://www.facebook.com/share/VKMMgdUsNJaYEqge/?mibextid=oFDknk

    #EsalaPerahera #SriDaladaMaligawa #Kandy #SriLanka