දළදා පෙරහැර 2023 - අද සිට ඇරඹෙන වගයි!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    7,406
    7,355
    113
    පෘථිවිය
    කන්ද උඩරට මංගල්ලය 2023 අදින් ඇරඹෙන වගයි

    මේ පැවැත්වෙන්නේ 1713 වැනි පෙරහැරයි

    අද පලවෙනි කුඹල් පෙරහැර ආරම්භ වෙනවා

    කට්ටියම ගිහින් බලන්න.

    හැබැයි විශේෂයෙන් පොඩ්ඩක් මේ ජාතික උත්සවේට උදවු කරන්න.

    බලන අය පාරට එක එක ඒවා විසික්කකරන්න එපා!

    ඒ වගේම එන්ජිඕ නඩ සහ අසල්වැසි රටවල අපේ රටේ සංචාරක කර් මාන්තය කඩන්න විවිධ උපක්‍රම යොදනවා, එහෙම දේවල් දැක්කොත් පොලිසියේ මහත්වරුන් දැනුවත් කරන්න
    අලින්ගේ ඇස් වලට ලේසර් ලයට් අල්ලන එවුන් ඉන්නවා ඒවා දැක්කොත් නවත්තන්න

    දළදා ඉතිහාසය

    දළදා පෙරහරේ වැඩමවන්නෙ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පුජාකරපු කරඬුවයි.
    දළදා පෙරහරේ වඩමවන කරඬුවට කවුරුත් අප්‍රමාණ ගෞරවයක් දක්වනවා. පෙරහරේ මේ වැඩමවන්නේ දළදා වහන්සේ යැයි ගෞරව දක්වනවා.
    දළදා වහන්සේ වැඩ ඉන්නේ කරඬු හතක් තුළයි. ඉතින් ⁣දළදා වහන්සේ එළියට වැඩමවන්නේ සුවිශේෂිම අවස්ථාවකයි.
    පෙරහරේ වැඩම වන්නේ දළදා වහන්සේ නොවේ. දළදා වහන්සේ වැඩසිටින විශාල කරඬුව ළගටම ගිහින් හෝ දුරින් දැක හෝ ඔබ වන්දනා කර ඇති. ඒ විශාල කරඩුව පුජාකර ඇත්තේ පළමුවන විමලධර්මසූරිය රජතුමා. ඉතින් ඒ කරඬුවළගම තිබෙනවා පොඩි කරඩුවක්. ඒ තමයි පෙරහ⁣ර කරඩුව. අන්න ඒ පෙරහර කරඬුව තමයි පෙරහරේ දී වැඩම කරවන්නේ.


    දළදා පෙරහරේ දී දළදා වහන්සේ වැඩමවන්න රජතුමා හා සංඝරාජ හාමුදුරුවෝ කැමැතිවුනේ නැහැ. ඒ දළදා වහන්සේගේ ආරක්ෂාව සදහායි. ඉතින් රජතුමා අලුත් කරඬුවක් හදන්න නියම කළා. ඒ තනි රත්තරනින් තමයි කරඬුව හැදුවේ. ඔන්න දැන් එහි තැන්පත් කරන්නේ මොනවාද කියලා රජතුමා කල්පනා කළා.
    පෙරහරේ දළදා වහන්සේ වැඩම නොකළත් ඒ සංකේතවත් කරමින් රජතුමා මේ කරඬුවේ තැන්පත් කළේ එතුමා වන්දනා මාන කරපු ධාතුන් වහන්සේලා. රන් කරඬුවේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා රජතුමා එය මාලිගාවට පුජාකර තිබෙනවා. හැබැයි ඒ නිකම්ම නොවේ. එතුමාගේ කරේ තිබුණු වටිනා රන්මාලයත් මේ කරඬුවේ පළදලයි පුජාකලේ. අන්න ඒ කරඬුව තමයි අදත් පෙහෙරේ වැඩමවන්නේ. ඒ වගේම කරඬුව නිකම්ම අලියා පිට තැන්පත් කරන්න බැහැනේ. ඒ නිසා රජතුමා අලියා පිට නැග විථි සංචාරය කරනවිට ඉඳගෙන යන ආසනය ඒ කියන්නේ අවුඩාවත් රජතුමා පරිත්‍යාග කළා. ඒ අවුඩාව පෙරහර කරඬුව වඩමම්න්න දුන්නට පස්සේ රජතුමා කිසිම දිනක ඇතා පිටේ ගිහින් නැහැ කියලයි කියන්නේ. ඒ වගේම රන්සිවි ගෙයත් රජතුමා අලුතින් හදලම දුන්නා. අන්න ඒ රන්සිවි ගෙයි තමයි 1993 වෙනකල් පෙරහර කරඬුව වැඩකරවුයේ. ඒ රන්විසි ගෙය 1993 න් පස්සේ දළදා මාලිගාවේ කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා .

    මේ පෙරහරෙ වැඩමවන කරඬුවේ රන්මාල බොහෝ තිබෙනවා ඔබ දැක ඇති. ඒ සියල්ල රජවරු, බිසෝවරු, අධිකාරම්වරුන් ඇතුළු පිරිස පුජාකරපු ඒවා. ඒ වගේම කරඬුව හදා පුජකළ කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පෑලදු මාලයත් එහි තිබෙනවා. ඒ වගේම වර්තමානයේත් කරඬුවට රන්මාල පුජාකර තිබෙනවා. ඒ වගේම මහ කරඬුවට පළදලා ඉවත්කරන රන්මාලත් මේ කරඬුවට තමයි පළදන්නේ. මේ කරඬුවේ තියෙන ආභරණ ගැන මාලිගාවේ ලේකම් පොතේ සටහන්ව තිබෙනවා. ඒ ආභරණ කවුද පුජාකළේ මොන අවුරුද්දේද යන විස්තර ඒ පොතේ තියෙනවා.
    පෙරහර කරඬුව අවසන් රන්දෝලි පෙරහරෙන් පස්සේ අස්ගිරි ගෙඩිගේ විහාරයේ තැන්පත් කරලා තමයි දියකපන්න යන්නේ. ඉතින් කරඬුව ගෙඩිගේ විහාරයේ තැන්පත් කරන්න කලින් මාලිගාවේ ලේකම් කෙනෙක් එහි ඇති ආභරණ ගැන ලේඛනය කියවනවා. එය අස්ගිරි මහනාහිමියන් පරික්ෂා කිරිමෙන් පස්සේ කරඬුව සුදු රෙද්දකින් ඔතලා ලාකඩ වලින් සීල් තියනවා. ඒ ලාකඩ උඩ දියවඩන නිලමේ තුමාගේ මුද්‍රාව තබනවා. ආපහු දවල් පෙරහරට කරඬුව එළියට වඩම්මන්නේ මුද්‍රාව ඉවත්කර අර විදියටම ආභරණ ගැන ලේඛනය කිව්වාට පස්සේ.
    ඉතින් නුවර යුගයේ දළදා පෙරහර ඇරඹු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා තව බොහෝ පන්සල් නිර්මාණය කළා. මල්වතු විහාරය, දෙගල්දොරුව විහාරය ඒ අතර ප්‍රධාන වෙනවා .ඒ වගේම මෙතුමා කැලණි විහාරයත් ප්‍රතිසංස්කරණය තිබෙනවා. මේ.කාලයේ හින්දුන් අල්ලාගෙන සිටි ශ්‍රී පාදස්ථානය යළිත් අපිට උරුමකර දුන්නෙත් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමායි. මෙතුමාගේ කාලයේ ලන්දේසින් දළදා මාලිගාව ගිනිබත්ක කළා. රජතුමා ඊට පෙර දළදා වහන්සේ ආරක්ෂිත ස්ථානයක තැන්පත් කළා. පස්සේ යළිත් එතුමා මාලිගාව හැදුවා. ලන්දේසින් එහෙම කලේ එතුමා 1761දි පහතරට ලන්දේසි බලකොටුවට පරදුන් නිසයි.
    ඉතින් දළදා ⁣පෙරහරේ අදත් වඩම්මන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පුජාකරපු කරඬුවයි. අපේ සාහිත්‍යයට හා බුදුදහමට මහ මෙහෙයක් කරපු මෙතුමා බුදුදහම වැළදගත්තා කියලත් කියනවා. කොහොම වුණත් අපමණ සේවාවක් කරපු රජතුමා1782 දි මියගොස් තිබෙනවා. ඒ රජතුමා ආදාහනය කර ඇත්තේ අස්ගිරි ගෙඩිගේ විහාර භූමියේදි. එතුමාගේ ස්මාරකය ඉංග්‍රීසි සමය වෙනතුරු ගෙඩිගේ විහාර භූමියේ තිබුණත් ඉංග්‍රීසින් මාතලේ දුම්රිය මාර්ගය හදනවිට ඒ සියලු සොහොන් කඩා දමා තිබෙනවා.
    සටහන: ධර්ම ශ්‍රී බණ්ඩාර තිලකවර්ධන. (ලක්බිම පුවත්පතේ හිටපු ප්‍රධාන උප කතෘ)


    Kandy-Esala-Perahera-2023-Time-Schedule.jpeg
    367464700_23857375358370110_2209330875072606015_n.jpg
    03.jpg
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    7,406
    7,355
    113
    පෘථිවිය
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    11,192
    18,194
    113
    ඇයි දළදා කරඬුවට මාල පූජා කරන්නේ. දළාදා කරඬුවෙන් නිරූපණය වන්නේ දළදා වහන්සේ, ඒ කියන්නේ බුදුන් වහන්සේ, එතකොට ඒක හරියට බුදුන් වහන්සේට මාල පැලැන්දුවා වගේ අගෞරවයක් නේ කරන්නේ. ඇයි මේ?
     
    • Love
    Reactions: RandomGuy

    redux

    Well-known member
  • Feb 19, 2017
    6,443
    7,711
    113
    අලි සීසන් ඊස් හියර්

    අහිංසක අලි අත්තුන්ට දස ව... see more
     
    • Like
    Reactions: chami2015

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    24,284
    21,597
    113
    @asliyanage , ඇයි බන් මේ පින් ඇත්තෝ මෙච්චර මනුස්සලෝකේ ඉද්දි තිරිසන් අපායේ වැටිච්ච එකෙක්ගේ පිටේ කරඩුව වඩම්මන්නේ ??
    Karanduwa bara wedi ne
     
    • Like
    Reactions: dilann

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,161
    1,730
    113
    weekend යන්න ඉන්නේ. සෙනගනම් ඉදියි නේද ගොඩක්. පලවෙනි වතාවට යන්නේ. :love: :love: :love: :love: :love:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    17,578
    3,318
    113
    @asliyanage , ඇයි බන් මේ පින් ඇත්තෝ මෙච්චර මනුස්සලෝකේ ඉද්දි තිරිසන් අපායේ වැටිච්ච එකෙක්ගේ පිටේ කරඩුව වඩම්මන්නේ ??
    ඔහේ හිතන විදියට ඇතා පිට කරඬුව වඩම්මන්නෙ නැතුව... මනුස්ස ලෝකේ සුදුසුම පුද්ගලයා කවුද ආයිබෝං....
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    39,921
    105,726
    113
    එකමත් එක රටක
    ඔහේ හිතන විදියට ඇතා පිට කරඬුව වඩම්මන්නෙ නැතුව... මනුස්ස ලෝකේ සුදුසුම පුද්ගලයා කවුද ආයිබෝං....
    ඇතා තිරිසන් අපායේ වැටිච්ච එකෙක් නේ.
    පින්වත් මනුස්ස ආත්ම ලබපු ඕන කෙනෙක් තිරිසන් ආත්මෙක එකෙක්ට වඩා හොදයි නේ.

    උබ හිතන්නේ මහානායක හාමුදුරුවෝ ඕක අරන් යන එකද හොද තිරිසන් සතෙක් ගේ ඇගේ ගැටගහල යවන එකද ?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    17,578
    3,318
    113
    ඇතා තිරිසන් අපායේ වැටිච්ච එකෙක් නේ.
    පින්වත් මනුස්ස ආත්ම ලබපු ඕන කෙනෙක් තිරිසන් ආත්මෙක එකෙක්ට වඩා හොදයි නේ.

    උබ හිතන්නේ මහානායක හාමුදුරුවෝ ඕක අරන් යන එකද හොද තිරිසන් සතෙක් අරගෙන යන එකද ?
    මටනම් අරන් යන කෙනා නෙවෙයි වැදගත්, දළදා වහන්සේ කෙරෙහි ඇතිවෙන භක්තිය සහ පැහැදීම... නිසි ගෞරවයක් එක්ක වෙහෙසක් නැතුව කරඬුව වඩම්මන්න පුලුවන්නම් කවුරු කලාම මොකෝ ආයිබෝං...

    ඔහේ හිතන විදියට ඇතා පිට කරඬුව වඩම්මන්නෙ නැතුව... මනුස්ස ලෝකේ සුදුසුම පුද්ගලයා කවුද ආයිබෝං.... නිකන් ඉඟියක් හරි දෙන්න බලන්න...