කුඹුක් ගසේ වටිනාකම

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Godak wathura nethi place wala hadenne nedda?

    හරියටම ෂුවර් නෑ බන් ඕක
    රස්නේ පැතිවල එහෙමත් තියෙනවා
    හැදෙන්නේ නැති වෙන්න විදියක් නෑ බන්
     
    • Like
    Reactions: netsurfer

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    හරියටම ෂුවර් නෑ බන් ඕක
    රස්නේ පැතිවල එහෙමත් තියෙනවා
    හැදෙන්නේ නැති වෙන්න විදියක් නෑ බන්

    මම හිටෙව්වේ පාර අයිනෙ. වැස්සොත් විතරයි කානුවෙ වතුර තියන්නෙ. නැත්නම් වෙලිලා තමයි තියන්නෙ. පැලය තාම හොදට තියනවා
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම හිටෙව්වේ පාර අයිනෙ. වැස්සොත් විතරයි කානුවෙ වතුර තියන්නෙ. නැත්නම් වෙලිලා තමයි තියන්නෙ. පැලය තාම හොදට තියනවා

    අෑ බන් කාණුව බඹ ගාණක් යටට කපලද ලිද වගේ?
    :sorry::sorry::sorry::sorry:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    mama negombo paththe yanakota mal pela thibba place ekaka kumbuk pela gaththa. mata mathaka wididyata eka thibune negombo walata kalin kurana hariye, right hand side eke.
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    smiley-good-post-sign.gif
     
    • Like
    Reactions: osandaja
    රත් පිතට ගුණ දෙන කුඹුක්

    ඹුක් ශාකය ගංගා ඇළ දොළ ආශි‍්‍රතව බෙහෙවින් වැවේ. බොහෝ දෙනා ළිං ආශි‍්‍රතව වගා කිරීමට ද මේ ශාකය යොදා ගනුයේ එහි ඇතැයි සලකන ජල පවිත‍්‍රකාරක ගුණය නිසාය.
    ඖෂධීය ගුණයෙන් අනූන කුඹුක් ශාකයේ බොහෝ කොටස් සතුව විවිධ රෝග සමනය කිරීමට ඇත්තේ පුදුම හැකියාවකි. කුඹුක් ගසේ පොතු, කොළ, මල් සහ ගෙඩි විශේෂයෙන් ම ඖෂධ සඳහා යොදා ගැනේ.
    ak0811305.jpg
    සෙම් හා පිත් රෝග සමනය කිරීමේ හැකියාවක් ඇති කුඹුක් ශාකය ‘රත් පිතට’ කදිම ඖෂධයකි. කුඹුක් ඉස්ම හෝ කුඹුක් පොතු චූර්ණයෙන් ‘රත්පිත’ සමනය කරගැනීමට හැකිය.
    හදවතට ඉතා හිතකර ඖෂධයක් වන කුඹුක් කැල්සියම් බහුල ඔසුවකි. කුඹුක් කිරි කෂාය හදවත් රෝග වලට කදිම පිළියමකි.
    තුවාල සුව කිරීමටත්, ලේ ගැලීම් නවතාලීමටත් ඔසුමගක් ලෙස භාවිතා කළ හැකි කුඹුක් ශාකයේ පොතු හොඳින් කුඩුකර ලේ ගලන තුවාලයකට යෙදීමෙන් ලේ ගැලීම අවම වේ.
    චර්ම රෝග හා මුඛ රෝග සුව කිරීමේ හැකියාවක් ඇති කුඹුක් ශාකයේ, පොතු තැම්බූ වතුරින් කට සේදීමෙන් මුඛ රෝග පාලනය කරගත හැකි අතර කුඹුක් පොතු සියුම්ව කුඩු කොට ඒවායින් දත් මැදීම දත් දිරායාම ද සමනය කර ගැනීමට මගකි.
    සිරුරේ මේධය අඩු කර ගැනීමටත් උණ තත්ත්වයන් පාලනය කිරීමටත් හැකියාවක් ඇති කුඹුක් ශාකය විස නැසී මෙහිලා සුවිශේෂී ඖෂධීය ගුණයකින් හෙබි ශාකයකි. කුඹුක් සමග ලෝලු තම්බා බීම දිවි මකුළු විසට කදිම ප‍්‍රතිකර්මයකි.
    මුත‍්‍රාගල් ඉවත්කිරීමෙහිලා ද මේ ඖෂධීය ශාකය කදිම විසඳුමක් වන්නේ, කුඹුක් පොතු ස්වරසය තල තෙල් හා මිශ‍්‍ර කර සතියක් පමණ බීමෙනි.
    ශී‍්‍ර ලංකාවේ වියළි හා තෙත් කලාපවල මීටර් 500 දක්වා උස් ප‍්‍රදේශවල මෙන්ම විශේෂයෙන් ජලාශි‍්‍රත ප‍්‍රදේශයන්හි බෝවන සුවිසල් ශාකයකි. එහි කඳ පාදය මහතය. කයිරුව සහිත කඳකින් යුත් මේ ශාකයේ රෝස හෝ කොළ හෝ පැහැයට හුරු සිනිඳු පොත්ත විශාල පතුරු වශයෙන් ගැලැවී යයි.
    අණ්ඩාකාර ආයත හැඩයෙන් යුතු කුඹුක් පත‍්‍ර සෙන්ටි මීටර 10-15 පමණ දිගය. එහි අග‍්‍ර දෙකම රවුම් ය.
    කුඹුක් මල් තියුණු පැණි සුවඳක් විහිදෙන කොළ පැහැයට හුරු සුදු පැහැයක් ගනී. ගෙඩි සෙන්ටි මීටර 25-5 පමණ දක්වා දිගටි අණ්ඩාකාර හැඩයකින් යුක්ත වේ.
    කෙඳි සහිත තද පියාපත් පහක් නෙරා පිහිටයි. තද ජඹුරු පැහැති මේ බීජය තනි බීජයකි.
    හොඳින් මේරූ කුඹුක් බීජ මගින් පැළ ලබාගත හැකිය. ගන බීජාවරණයක් ඇති නිසා කුඹුක් බීජය රළු යමක අතුල්ලා, බීජයේ කෙළවරක් නිරාවරණය කර ගැනීමෙන් පසු එහි ඇති බීජ වැලිතවානක යෙදීමෙන් පැළ ලබාගත හැකිය.
    කුඹුක් ශාකය ගංඉවුරු ළිං ආදී ජලාශි‍්‍රත ස්ථානයන්හි වැවීම සඳහා වඩාත්ම සුදුසුය.
    හර්ෂනී රුද්‍රිගු

    :shocked::shocked::cool::cool: