කුරක්කන් පිටි ඉඳි ආප්ප (6 දෙනෙකුට)
අවශ්‍ය ද්‍රව්‍ය :
හොදින් හලා ගත් කුරක්කන් පිටි ග්‍රෑම් 225
වාෂ්පයෙන් තම්බා ගත් හාල් පිටි ග්‍රෑම් 225
උතුරන වතුර අවශ්‍ය වේ.
පමණට ලුණු. රස අනුව.
සාදා ගන්නා ක්‍රමය :
පිටි වර්ග දෙකම හොදින් මිශ්‍ර කර ලුණු එකතු කරන්න. පිටි කවලම් කරමින් එයට උණු වතුර ටිකෙන් ටික එකතු කරන්න. වතුර එකවරම දමන්න එපා. පිටි මිශ්‍ර වන ආකාරය අනුව වතුර එකතු කල යුතුය. පිටි මිශ්‍ර කරගත් පසුව ඉදිආප්ප වන්ගෙඩියක දමා වට්ටි වලට මිරිකා ගන්න.