කුරුණෑගල ප්‍රසිද්ධ "ඩයනා" ඝාතනයට ලක්වෙයි

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    1,214
    1,996
    113
    1000103747.jpg
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    'මම නම් එකෙන්ම රෙස්පට් කරන ගැහැනියක්.. එයා වැරදි පාරක ගියාට කවදාවත් ලමයෙක්ට එහෙම පාරක එන්න කියලා නෑ.. ඉස්සර කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේ නුවර බස් ගහන තැන පිටිපස්සේ පඩිපෙලේ ඉද්දි මම ගිහින් ඩයනා ඇන්ටි රුපියල් සීයක් දෙන්නකෝ ඩයනා ඇන්ටි වඩේ අරන් දෙන්න කියද්දි අනේ අරන් දෙනවා.'

    'දීලා මට බනිනවා මොකද මේ රස්තියාදු ගහන්නේ පලයන් ගෙදර කියලා මට නෙවෙයි ඕන ලමයෙක්ට බනිනවා. ගෑනු ලමයෙක්ට මොකෙක් හරි කරදර කරනවා දැක්කොත් මට මතකයි රෝස පාට කුඩේ අරන් ගහන්න යන්නේ. ඒ කරලා ඒ ගෑනු ලමයට කියනවා මගේ දුවේ බය වෙන්න එපා කියලා පව් ඩයනා ඇන්ටි'

    ෆොටෝ එකක් දැක්කත්... 'නම' ඇහුවත්... කවුරුත් දන්න අඳුනන (සමාජ මාධ්‍යයේ වුණත් අතිශය ජනප්‍රිය) ඈ 'කුරුණෑගල ඩයනා'.

    ලොව 'ඉපැරණි වෘත්තීයේ' නියැලි ඈ කුරුණෑගල නගරය අරක්ගත් සියල්ලන්ගෙත්, ඉන් එහා....... රටේත් 'අවධානය' දිනූ කෙනෙක් වුණා.

    ඈ නමින් නිර්මාණය වූ 'මීම්ස්' ඇතුළු සමාජ මාධ්‍ය 'පළකිරීම්' ද බොහෝමයි.

    මේ වන විට සිය 'සැදෑ සමය' ගතකරමින් ඉන්න 'කුරුණෑගල ඩයනා' පසුගිය දිනෙක යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සිය 'අතීත ජීවිතය' මේ විදිහට හෙළි පෙහෙළි කළා.

    'දරුවෝ නම් දැන් ලොකුයි. දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා, එයාලා දැන් බැඳලා.... කුරුණෑගල ඇවිත් අවුරුදු 30ක් විතර වෙනවා. එද්දි මට 20යි...'

    ඈ මෙපමණක් 'ප්‍රසිද්ධියට පත්වීම' ගැන ඈ කිවුවේ මෙහෙම කතාවක්...

    'මම මොනා කරන්නද ඉතින්..??? ඒවා ගියා කියලා. මම කාටවත් කරදරයක් වුණේ නෑ. මංකොල්ල කෑවේ, හොරකම් කළේ නෑ... වෘත්තිය නිසයි මට ප්‍රසිද්ධියක් ආවේ... ඇත්ත නම අනුලා රාජපක්ෂ... ඩයනා කියලා නමට වැටුණේ, ඉස්සර මට කොණ්ඩෙ තිබුණනේ.. පස්සෙ කොටට කැපුවා. ඒක නිසා තමා මට එහෙම කිවුවේ...'

    'මම ඉස්කෝලෙ 10 වසරට වෙනකන් ගියා. අවුරුදු කුමරියටත් දෙපාරක් ම තේරුණා.........'

    'මම ඉතින් දැන් ගෙදර තනියම ඉන්නෙ... දැන් මට වයස අවුරුදු 63යි. ඉස්සර මම හොටෙල් වල හිටියා, බදුලු බණ්ඩාරවෙල නුවරඑළි හොටෙල්වල හිටියා......'

    'අවුරුදු 20කට කලින් ජීවිතේ මම හොඳින් හිටියා. ඒ කාලේ ඉතින් හරි ලස්සනයි.. ඒත් ඒ ජීවිතේ මමම නැති කරගත්තා. ඒක හිතට දුකයි, අහන්න එපා!!!'

    'මම බඳිනකොට අවුරුදු 19ක් විතර ඇති‍. මම බැන්ඳේ හමුදාවේ කොල්ලෙක්ව. මගේ ජීවිතේ කාලකණ්ණි වුණේ එයා හින්දා තමයි. මගේ කොණ්ඩෙ කැපුවෙත් එයා තමා... පස්සෙ මට මොනා වුණාද දන් නෑ. ඊටපස්සෙ ඔහොම යනකොට මට හම්බුණා නරක කෙල්ලක්. ඉලෙක්ෂන් කැම්පේන් එකකදී අපි එකට වැඩ කළා..... පස්සෙ තමා යොමුවුණේ මේකට....'

    'දැන් කෙල්ලො ඔක්කොම කාලකණ්ණි වෙනවා... අවුරුදු 18 ළමයි ඔක්කොම මේ වෘත්තියේ දැන් ඉන්නවා......'

    'මම කිසිම කෙනෙකුට වෛර කරන් නෑ. මම සතෙකුට වුණත් හරි ආදරෙයි...'

    'මම සතුටින් මේක කළා නෙවෙයි. ජීවත් වෙන්න කළේ... මම වැටිච්ච වළනේ මේක.. මම දවසට 30,000 හොයලා තියනවා. ඒ හම්බකරපු සල්ලිවලින් කුඹුරු හැදුවා. ගෙවල් හැදුවා. මට වාහනයක් තියනවා... තිබ්බට මම පෙන්නන් නෑ. මොනා වුණත් මම ලබන්නෙ මිනිස්සුන්ගෙන් නින්දා විතරමයි...'

    https://www.ikman.lankahotnews.com/2024/03/dayana.html
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,031
    113
    කවුද මරලා තියෙන්නේ?
    මරන්න හේතුව කුමක්ද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,031
    113
    එංගලන්තේ ඩයනා මැරුනු වෙලේ අරිසෙන් අහුබුදුවන් මෙහෙම කවියක්ලීවා ලු

    දියනා සුපෙම්සරා – සමග දොදී අල්පයිදා

    බනිසේ නැගී ගියා – උමගේ හැපී මළා
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    එංගලන්තේ ඩයනා මැරුනු වෙලේ අරිසෙන් අහුබුදුවන් මෙහෙම කවියක්ලීවා ලු

    දියනා සුපෙම්සරා – සමග දොදී අල්පයිදා

    බනිසේ නැගී ගියා – උමගේ හැපී මළා

    අනිත් මිනිස්සුන්ගෙ ළමයින්ට කුනුහරප නම් හදල දුන්නට මුගෙ දුවට දැම්ම නම සමන්ති.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,832
    113
    36
    අනිත් මිනිස්සුන්ගෙ ළමයින්ට කුනුහරප නම් හදල දුන්නට මුගෙ දුවට දැම්ම නම සමන්ති.
    සමන්ති ත් කරන්නේ ඒ බිස්නස් ඒකමයි නේද
     
    • Like
    Reactions: War Fighter