කුරුල්ලන්ගල

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    අවුරුදු ලක්ෂ ගණනක් පැරණි චිත්‍ර කරඳගොල්ලේ ලෙන් වල



    අවුරුදු ලක්ෂ ගණනක් පැරණි චිත්‍ර කරඳගොල්ලේ ලෙන් වල
    හෙළ ඉතිහාසයේ ආන්දෝලනාත්මක සොයාගැනීම
    මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමු නොවූ ආකාරයේ ඉපැරණි ලෙන් චිත්‍ර සමුහයක් ඌව කරඳගොල්ල ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා. සැඟවී ගිය හෙළ ඉතිහාසය සොයා ටී වී දෙරණ නිෂ්පාදනය කරන හෙළ වංශය වැඩසටහන වෙනුවෙන් සිදු කල ගවේෂණයකදී මෙම සිතුවම් හමු වී තියෙනවා. මෙහි සුවිශේෂී සිතුවම් ගණනාවක් දක්නට ලැබෙනවා. ගල් බිත්තියක රතු පැහැයෙන් වර්ණ ගන්වා ඇති සිතුවම් මත මිනිස් අත් සටහන් පැහැදිලිව දැකගත හැකියි. සෙසු චිත්‍ර සටහන් අතර පියාඹන ඉරියව් සහිත පක්ෂීන් සහ විශාල උරග විශේෂ යැයි සිතිය හැකි රූප සටහන් දක්නට ලැබෙනවා. ඩයිනොසරයන්ට සමාන රූප සටහන් වී තිබීමද මවිතය දනවන කරුණක් විය. ලංකා ඉතිහාසය පමණක් නොව ලෝක ඉතිහාසයද වෙනස් කරන්න පුළුවන් තරම් ප්‍රභල සාක්ෂි ගෙන දෙන මේ චිත්‍ර ගැන පර්යේෂකයන්ට හිතා ගන්න බැරි තත්වයක් උදා වෙලා තියෙනවා.




    මේ සම්පූර්ණ ගමනෙම වැඩසටහන කොටස් 23ක් තියෙනවා.කැමති අය බලාගන්න වේලව තියන හැටියට

    Code:
    https://www.youtube.com/watch?v=7PTtO3m4aBQ&index=2&list=PLgGjsFINxEwzNAIg6cgTc9ffIvOBfUAkS




    ලිපිය උපුටා ගැනීම විශ්වකර්ම