කුරුළුගොයා

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    වීසා නැති සංචාරකයෝ -16 (කුරුළුගොයා )


    පෙරදිග හොබි කුරුළුගොයා යනු මෙරට ඉතා කලාතුරකින් දැකිය හැකි සංචාරක පක්ෂියෙකි. ඉංග්‍රීසි බසින් ඔරියන්ටල් හොබි Oriental Hobby යනුවෙන් හැඳින්වෙන මොවුන් සත්ත්ව විද්‍යාත්මකව ෆැල්කෝ සෙවරස් Falco severus ලෙස හැඳින්වේ.
    බොහෝ ගොදුරු කුරුල්ලන් අතර දක්නට ලැබෙන ලක්ෂණයක් වන්නේ ගැහැනු සතා පිරිමි සතාට වඩා ප්‍රමාණයෙන් විශාල වීමයි. පෙරදිග හොබි කුරුළුගොයා ද එවැනිය. සෑම කුරුළුගොයකුගේ මෙන් මොවුන්ගේ ද ඇස් දුඹුරු පැහැතිය. ඇස් වටා ලා පැහැති මුදු ආකාර වෙයි. ඇසට පහළින් පටන් ගෙන හොටය දක්වා ගෙල දෙපසින් දිවෙන පටි දෙකක් දක්නට ඇත.
    කුරුළුගොයා ගොදුරු අල්ලා ගන්නේ ගුවනේ දී ය. අහසේ සිට අධික වේගයෙන් පහළට එමින් හෙවත් විබෑවෙමින් පාදයේ පසුපස ඇඟිල්ලේ ඇති නඛරයෙන් ගොදුරට පහර දෙයි. කුරුළුගොයන් අතර තරමක් කුඩා විශේෂයක් වූ පෙරදිග හොබි කුරුළුගොයා වැඩිපුර ගොදුරු කරගන්නේ කෘමි සතුන්ය. අන් කුරුළුගොයන්ගේ ප්‍රධාන ගොදුර වන්නේ වෙනත් කුරුල්ලන්ය.
    ලොව සිටින කුරුළුගොයන් විශේෂ 60ක් අතරින් ෆැල්කෝ ඝනයට අයත් කුරුළුගොයන් විශේෂ 38 කි. ඉන් වැඩි ප්‍රමාණයක් කිසිවෙකුට ළඟාවීමට අපහසු උස් පර්වත මුදුන් හා පැති බැමිවල කැදලි තනා බිත්තර දමයි. එසේ වුව ද පෙරදිග හොබි කුරුළුගොයා ඇතුළු විශේෂ කිහිපයක් පමණක් ගස් මත වෙනත් කුරුල්ලන් විසින් සාදා අතහැර දමන ලද කැදලිවල බිත්තර දමයි. විශේෂයෙන් ම මේ සඳහා තෝරාගන්නේ කපුටු කූඩුවයි. වරකට බිත්තර තුනක් පමණ දමයි.
    පෙරදිග හොබි කුරුළුගොයා ගේ පිට කය කළුවන් අළු පැහැතිය. හිස කළු පැහැතිය. උගුර පෙදෙස හැරුණු විට යටි කය තද දුඹුරුවැනි රතු පැහැයක් නී. උගුර ලා රතු පැහැති පඬුවන් ස්වරූපයක් ගනී. පර්වත දඹවලත්, කඳු මුදුන් හා වනාන්තරවලත් ගැවසේ.



    oriental_hobby_0168_sb.jpg


    oriental_hobby2-Copy.jpg


    oriental_hobby4.jpg


    orientalhobby_rs.jpg



    වීසා නැති සංචාරකයෝ - 1 (නිල් පෙඳ බිඟුහරයා)

    වීසා නැති සංචාරකයෝ - 2 (අටු වැහිලිහිණියා)


    වීසා නැති සංචාරකයෝ - 3(රජ සියක්කාරයා)

    වීසා නැති සංචාරකයෝ - 4(වන හැලපෙන්දා)

    වීසා නැති සංචාරකයෝ - 5(අවිච්චියා)

    වීසා නැති සංචාරකයෝ -6 (සුදු රෙදි හොරා)


    වීසා නැති සංචාරකයෝ -7 (කොළ ගස්රැවියා)

    වීසා නැති සංචාරකයෝ -8 (පන් මැටි කොකා)

    වීසා නැති සංචාරකයෝ -9 (කොණ්ඩකොහා)

    වීසා නැති සංචාරකයෝ -10 (අළු කවුඩා)

    වීසා නැති සංචාරකයෝ -11 (දම් පිළිහුඩුවා)


    වීසා නැති සංචාරකයෝ -12 (ලොවිච්චියා)

    වීසා නැති සංචාරකයෝ -13 (කළු සරටකුස්සා)

    වීසා නැති සංචාරකයෝ -14 (නිල් නීලරාජයා )

    වීසා නැති සංචාරකයෝ -15 (සිටිකිච්චා)

    :lankadeepa
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අඩෝ තැන්කු මචං
    අපේ අක්කේ පුත්ට මාළු ගැන පොතක් හදන්න කියලා මම
    උබේ විසතර අරගත්තා
     
    • Like
    Reactions: djjaya