ඇත්තටම මොකක්ද හාල් ප්‍රශ්නය???
වී ඇතිවෙන්න තියෙනවා කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කිව්වට ඇත්තටම ඒ කියන ප්‍රමාණයෙන් වී නිෂ්පාදනය කරලා නැද්ද?
එහෙම නැත්නම් නිෂ්පාදනය කරපු වී මෝල් කාරයො හංගගෙන ඉන්නවද?
එහෙම නැත්නම් හාල් හිගයක් නෑ පාලන මිලට දෙන එක ප්‍රායෝගික නෑ නිෂ්පාදන පිරිවැය එක්ක. ඒක හින්දා පාලන මිලට නොදී 260 ට හොරෙන් විකුණනවද?
එහෙමත් නැත්නම් හාල් හිග නෑ, පාලන මිලට දීලාත් සාධාරණ ලාභයක් ලබන්න පුළුවන් කම තියාගෙන වැඩි මිලකට විකුණලා අයුතු ලාභයක් ලබන්න 260 ට විකුණනවා ද?