කුහුඹු ලොව පිළිබඳ...About Ants කුහුඹියා
මෙලොව සත්ත්ව සමූහයා අතර කුහුඹුවන්ගේ ලෝකය, ඒ අයගේ දින චරියාව, හැසිරීම් රටාව, ඉව, ජීවත් වීමේ පිළිවෙත සම්බන්ධයෙන් අපට එතරම් තේරුමක් නැත්තේ කුහුඹුවන් ගැන අප වැඩි සැලකිල්ලක්, අවධානයක් නොදක්‌වන බැවිනි. එහෙත් මොවුන්ගේ මේ අසිරිමත් ලෝකය සම්බන්ධව විද්‍යාඥයන් පර්යේෂණ පවත්වා ඇති ආකාරය ඔබ දන්නවාද. කුහුඹුවන්ගේ ජීවන චර්යාව අළලා නවකතාකරුවන්, කෙටිකතාකරුවන්, කවියන්, පර්යේෂකයන් විවිධ කෘති නිර්මාණය කොට ඇත.
මෙබඳු අහිංසක සත්ත්වයන්ගේ ලෝකය දෙස අඛණ්‌ඩවම නෙත් හෙළා ඒ අය පසු පස හඹා ගියහොත් මිනිසාට ඒ සතුන්ගෙන් ගත හැකි පාඩම් බොහෝය.
මිනිසා සත්ත්වයන් අතර උසස් විඥනයක් ඇති සත්ත්ව විශේෂයකි. මේ සතුන්ට විඥනයක් නොමැත. මිනිසා සතුන් අතර ශ්‍රෝෂ්ඨවන්නේ ඒ හේතුව නිසාය. විඥනයක් ඇති මිනිසාට වඩා විඥනයක් නැති කුහුඹුවා අප්‍රමාණ පාඩම් කියාදෙන්නට සමත්වී ඇති බව ඒ පිළිබඳව පර්යේෂණ කළ අය පෙන්වා දෙති.
බෙදා හදාගෙන කෑම
මිනිසාට ඉවසීමක් නොමැත. සමගියෙන් ඇති කරන්නට දක්‌වන්නේ මන්දගාමී ස්‌වරූපයකි. තමන්ට වඩා අනෙකා ඉහළට යන්නට ඉඩ දෙන්නෙ නැත. ලැබුණු යමක් බෙදා හදාගෙන කෑමේ සිරිත මිනිසාට නොමැත. එහෙත් මේ සිරිත සමස්‌ත කුහුඹු වර්ගයාටම ඇත.
ඉතාම කඩිසර ආකාරයෙන් ආහාර සොයා යැම ඔවුන්ගේ සිරිතයි. මේ ආහාර සොයා යන්නේ තමන්ගේ කුස පුරවා ගන්නට නම් නොවේ. සමස්‌ත කුහුඹුවන් ගේම කුස පුරවන්නටය.
උදෑසන අවදි වූ තැන් පටන් නින්දට යනතුරු ඔවුන්ගේ කාරියවන්නේ ආහාර සොයා ගබඩා කර ගැනීමයි.
ලැබුණු ආහාර සියල්ලම එකවිට භූක්‌ති විඳීම මොවුන්ගේ ප්‍රතිපත්තිය, කාර්යය නොවේ. හැමදාම ගොදුරු නොලැබෙන්නට පුළුවන. ඒ අනුව ගොදුරු ලැබුණු විට ඒවා ශීතකාමරවල ගබඩා කර තැබීම කුහුඹුලෝකයේ සිරිතයි.
ගොදුර බාරදීම
දිසාන්තවල දිවයන කුහුඹුවන්ගෙන් එක් අයකුට කිසියම් ආහාරයක් නැත්නම් ගොදුරක් ලැබුණු විට සිය සගයන්ට මේ බව දැන්වීම ඔවුන් ගේ සිරිතයි. වහා දිව ගොස් කුහුඹු රැළ ගෙන්වා ඒ ගොදුර කිහිප දෙනකුට බාරදී සෙස්‌සන් වෙනත් තැන්වලට යැම පිළිවෙතයි.
අපේ මිනිස් සමාජයේ එබඳු දෙයක් ලැබුණු විට තම වර්ගයා සොයා ගොස් ඒ දෙය බාර දෙන්නේ ද?
නැත යන්න සෘජුවම දිය හැකි පිළිතුරයි. නිදසුනක් හැටියට සල්ලි මල්ලක් ලැබුණු විට අප අපේ වර්ගයා සොයා ගොස් මෙය රැගෙන යන්නට එහෙම නැත්නම් බෙදා හදා ගන්නට කටයුතු කරන ලෙස කියන්නේද. අප කරන්නේ හොර රහසේම එම සල්ලි පොදිය සඟවාගෙන ඉතාම කඩිනමින් නිවෙසට රැගෙන යැමය.
ප්‍රබල ඉවක් තිබීම
එහෙත් කුහුඹු ලෝකයේ මේ පිළිවෙත නැත. ඔවුන් දැඩි ලෙස, පිළිකුල් සහගත ලෙස මෙය බැහැර කරයි. කුමන දෙයක් ලැබුණත් තම වර්ගයාට දැනුම් දීම සම්ප්‍රදායයි. පිළිවෙතයි. ඔවුන්ට බුද්ධියත්, මානසික මට්‌ටමක් නොමැත. එහෙත් ඉව ඉතා ප්‍රබලය. මේ ඉව ඔස්‌සේ තමයි ඔවුන්ගේ ලෝකය ජීවමාන වී තිබෙන්නේ.
තමන්ට අභියෝගාත්මක පුද්ගලයෙක් සිටී නම් ඔහුව කැපිලි කෙටිලි දමා එම ක්‍ෂේත්‍රයෙන් ඉවත් කිරීම මිනිස් සමාජයේ බොහෝ දෙනාගේ සිරිතයි. එහෙත් මේ පිළිවෙත කුහුඹු ලෝකයේ පිරිස දැඩි ලෙස හෙලා දකිති.
පිළිකුල් සහගත දෘෂ්ටි කෝණයෙනි ඒ දෙස බලන්නේ.
ඒ අයට අභියෝග කරන්නට කිසිවෙක් නැත. එක සමාන චර්යාවන් ගෙන් යුක්‌ත පිරිසක් නිසා තරගයකට මුහුණ දෙන්නට අවශ්‍යතාවක් ද නොමැත. යමකු පාගා දමන්නට, සමච්චල් කරන්නට හාස්‍යයෙන් යුතුව ඒ දෙස බලන්නට වුවමනාවක් නොමැත.
නායකයා තෝරා ගැනීම
මිනිස් සමාජයේ මෙන් කහුඹු වර්ගයාගේ නායකයා තෝරා ගැනීමට අනවශ්‍ය ලෙස අරගල කරන්නේ නැත. දැඩි මතවාද ඒ අය අතර නොමැත. සංවේදී නායකත්වය කාටද හිමිවන්නේ යන්න සම්මුතියක් මගින් සිදුකෙරේ. ඒ අනුව කිsසිදු වාද බේද වලින් තොරව තමන්ගේ නායකයා තෝරා පත්කර ගනී.
මේ නායකයා තම වර්ගයා පාවා දෙන්නේ නැත. තම වර්ගයා වෙනුවෙන් ජීවිතය පූජාකරන්නට පවා සූදානම්ය. විවේචන කුහුඹු ලෝකයේ නැත. විවේචනය කරන්නට කාලයක්‌ද නොමැත. එකිනෙකා විවේචන කරන්නට යොමුවහොත් කුහුඹු රෑනටම කුසගින්නේ දිවි ගෙවන්නට සිදුවේ. මේ ආහාර සොයා යන්නේ පංගුපේරුවට නොව සමස්‌ත රෑනට උදෙසාය. කවුරු ආහාර රැගෙන ගියත් ඒවා ගබඩා කොට තැබීමත් එම කෑම එකවිට භුක්‌ති විඳීමත් සිදු නොවේ. නාස්‌තියක් නැත. ඇත්තේ අරිපිරිමැස්‌සමය.
ස්‌වයංපෝෂිත රටාව
හැමදාම ආහාරයෙන් කුහුඹුවන් ස්‌වයංපෝෂිතය. දිනක් ආහාර ගෙන දෙදිනක් කුසගින්නේ පසුවන්නෙත් නැත. සමබර අය – වැයක් ඇත. සැමදාම සතුටෙන් ජීවත්වීම ඔවුන්ගේ අභිප්‍රායයි. දුක හා වේදනාව ඔවුන්ට විෂය නොවේ. තවත් කෙනෙක් අමාරුවේ දමා තව කෙනෙක් සතුටු වෙන්න නැත. කෙනෙක් වළක වැටෙන්නට යන විට එම වළෙන් මුදා ගැනීම ඔවුන්ගේ සිරිතයි.
වේලාසනින් නින්දට ගොස් පාන්දරින් අවදිවීම ඔවුන්ගේ පිළිවෙතයි. හිරු මුදුන් වනතුරු නිදාගන්නේ නැත. අවදිවූ තැන් පටන් කඩිසරව ආහාර සොයා යැම ආර්ථික න්‍යායයි.
මෙසේ ආහාර සොයා යැමේදී කවරකුට හෝ අනතුරක් සිදුවූ වානම් මුළු කුහුඹු රෑහැනම වහා එතැනව දිවගොස් සගයාබේරා ගන්නට දැඩි උත්සාහයක යෙදෙති. සගයාට බරපතල තුවාල සිදුවී ඇත්නම් වහා රැගෙන විත් ප්‍රතිකාර කිරීම ඔවුන්ගේ සිරිතයි.
මූලාශ්‍රය
http://ipcblogger.net/munir/?p=558
මෙලොව සත්ත්ව සමූහයා අතර කුහුඹුවන්ගේ ලෝකය, ඒ අයගේ දින චරියාව, හැසිරීම් රටාව, ඉව, ජීවත් වීමේ පිළිවෙත සම්බන්ධයෙන් අපට එතරම් තේරුමක් නැත්තේ කුහුඹුවන් ගැන අප වැඩි සැලකිල්ලක්, අවධානයක් නොදක්‌වන බැවිනි. එහෙත් මොවුන්ගේ මේ අසිරිමත් ලෝකය සම්බන්ධව විද්‍යාඥයන් පර්යේෂණ පවත්වා ඇති ආකාරය ඔබ දන්නවාද.මෙබඳු අහිංසක සත්ත්වයන්ගේ ලෝකය දෙස අඛණ්‌ඩවම නෙත් හෙළා ඒ අය පසු පස හඹා ගියහොත් මිනිසාට ඒ සතුන්ගෙන් ගත හැකි පාඩම් බොහෝය.
මිනිසා සත්ත්වයන් අතර උසස් විඥනයක් ඇති සත්ත්ව විශේෂයකි. මේ සතුන්ට විඥනයක් නොමැත. මිනිසා සතුන් අතර ශ්‍රෝෂ්ඨවන්නේ ඒ හේතුව නිසාය. විඥනයක් ඇති මිනිසාට වඩා විඥනයක් නැති කුහුඹුවා අප්‍රමාණ පාඩම් කියාදෙන්නට සමත්වී ඇති බව ඒ පිළිබඳව පර්යේෂණ කළ අය පෙන්වා දෙති.
බෙදා හදාගෙන කෑම
මිනිසාට ඉවසීමක් නොමැත. සමගියෙන් ඇති කරන්නට දක්‌වන්නේ මන්දගාමී ස්‌වරූපයකි. තමන්ට වඩා අනෙකා ඉහළට යන්නට ඉඩ දෙන්නෙ නැත. ලැබුණු යමක් බෙදා හදාගෙන කෑමේ සිරිත මිනිසාට නොමැත. එහෙත් මේ සිරිත සමස්‌ත කුහුඹු වර්ගයාටම ඇත.
ඉතාම කඩිසර ආකාරයෙන් ආහාර සොයා යැම ඔවුන්ගේ සිරිතයි. මේ ආහාර සොයා යන්නේ තමන්ගේ කුස පුරවා ගන්නට නම් නොවේ. සමස්‌ත කුහුඹුවන් ගේම කුස පුරවන්නටය.
උදෑසන අවදි වූ තැන් පටන් නින්දට යනතුරු ඔවුන්ගේ කාරියවන්නේ ආහාර සොයා ගබඩා කර ගැනීමයි.ලැබුණු ආහාර සියල්ලම එකවිට භූක්‌ති විඳීම මොවුන්ගේ ප්‍රතිපත්තිය, කාර්යය නොවේ. හැමදාම ගොදුරු නොලැබෙන්නට පුළුවන. ඒ අනුව ගොදුරු ලැබුණු විට ඒවා ශීතකාමරවල ගබඩා කර තැබීම කුහුඹුලෝකයේ සිරිතයි.
ගොදුර බාරදීම
දිසාන්තවල දිවයන කුහුඹුවන්ගෙන් එක් අයකුට කිසියම් ආහාරයක් නැත්නම් ගොදුරක් ලැබුණු විට සිය සගයන්ට මේ බව දැන්වීම ඔවුන් ගේ සිරිතයි. වහා දිව ගොස් කුහුඹු රැළ ගෙන්වා ඒ ගොදුර කිහිප දෙනකුට බාරදී සෙස්‌සන් වෙනත් තැන්වලට යැම පිළිවෙතයි.
අපේ මිනිස් සමාජයේ එබඳු දෙයක් ලැබුණු විට තම වර්ගයා සොයා ගොස් ඒ දෙය බාර දෙන්නේ ද?
නැත යන්න සෘජුවම දිය හැකි පිළිතුරයි. නිදසුනක් හැටියට සල්ලි මල්ලක් ලැබුණු විට අප අපේ වර්ගයා සොයා ගොස් මෙය රැගෙන යන්නට එහෙම නැත්නම් බෙදා හදා ගන්නට කටයුතු කරන ලෙස කියන්නේද. අප කරන්නේ හොර රහසේම එම සල්ලි පොදිය සඟවාගෙන ඉතාම කඩිනමින් නිවෙසට රැගෙන යැමය.
ප්‍රබල ඉවක් තිබීම
එහෙත් කුහුඹු ලෝකයේ මේ පිළිවෙත නැත. ඔවුන් දැඩි ලෙස, පිළිකුල් සහගත ලෙස මෙය බැහැර කරයි. කුමන දෙයක් ලැබුණත් තම වර්ගයාට දැනුම් දීම සම්ප්‍රදායයි. පිළිවෙතයි. ඔවුන්ට බුද්ධියත්, මානසික මට්‌ටමක් නොමැත. එහෙත් ඉව ඉතා ප්‍රබලය. මේ ඉව ඔස්‌සේ තමයි ඔවුන්ගේ ලෝකය ජීවමාන වී තිබෙන්නේ.
තමන්ට අභියෝගාත්මක පුද්ගලයෙක් සිටී නම් ඔහුව කැපිලි කෙටිලි දමා එම ක්‍ෂේත්‍රයෙන් ඉවත් කිරීම මිනිස් සමාජයේ බොහෝ දෙනාගේ සිරිතයි. එහෙත් මේ පිළිවෙත කුහුඹු ලෝකයේ පිරිස දැඩි ලෙස හෙලා දකිති.
පිළිකුල් සහගත දෘෂ්ටි කෝණයෙනි ඒ දෙස බලන්නේ.
ඒ අයට අභියෝග කරන්නට කිසිවෙක් නැත. එක සමාන චර්යාවන් ගෙන් යුක්‌ත පිරිසක් නිසා තරගයකට මුහුණ දෙන්නට අවශ්‍යතාවක් ද නොමැත. යමකු පාගා දමන්නට, සමච්චල් කරන්නට හාස්‍යයෙන් යුතුව ඒ දෙස බලන්නට වුවමනාවක් නොමැත.
නායකයා තෝරා ගැනීම
මිනිස් සමාජයේ මෙන් කහුඹු වර්ගයාගේ නායකයා තෝරා ගැනීමට අනවශ්‍ය ලෙස අරගල කරන්නේ නැත. දැඩි මතවාද ඒ අය අතර නොමැත. සංවේදී නායකත්වය කාටද හිමිවන්නේ යන්න සම්මුතියක් මගින් සිදුකෙරේ. ඒ අනුව කිsසිදු වාද බේද වලින් තොරව තමන්ගේ නායකයා තෝරා පත්කර ගනී.
මේ නායකයා තම වර්ගයා පාවා දෙන්නේ නැත. තම වර්ගයා වෙනුවෙන් ජීවිතය පූජාකරන්නට පවා සූදානම්ය. විවේචන කුහුඹු ලෝකයේ නැත. විවේචනය කරන්නට කාලයක්‌ද නොමැත. එකිනෙකා විවේචන කරන්නට යොමුවහොත් කුහුඹු රෑනටම කුසගින්නේ දිවි ගෙවන්නට සිදුවේ. මේ ආහාර සොයා යන්නේ පංගුපේරුවට නොව සමස්‌ත රෑනට උදෙසාය. කවුරු ආහාර රැගෙන ගියත් ඒවා ගබඩා කොට තැබීමත් එම කෑම එකවිට භුක්‌ති විඳීමත් සිදු නොවේ. නාස්‌තියක් නැත. ඇත්තේ අරිපිරිමැස්‌සමය.
ස්‌වයංපෝෂිත රටාව
හැමදාම ආහාරයෙන් කුහුඹුවන් ස්‌වයංපෝෂිතය. දිනක් ආහාර ගෙන දෙදිනක් කුසගින්නේ පසුවන්නෙත් නැත. සමබර අය – වැයක් ඇත. සැමදාම සතුටෙන් ජීවත්වීම ඔවුන්ගේ අභිප්‍රායයි. දුක හා වේදනාව ඔවුන්ට විෂය නොවේ. තවත් කෙනෙක් අමාරුවේ දමා තව කෙනෙක් සතුටු වෙන්න නැත. කෙනෙක් වළක වැටෙන්නට යන විට එම වළෙන් මුදා ගැනීම ඔවුන්ගේ සිරිතයි.

වේලාසනින් නින්දට ගොස් පාන්දරින් අවදිවීම ඔවුන්ගේ පිළිවෙතයි. හිරු මුදුන් වනතුරු නිදාගන්නේ නැත. අවදිවූ තැන් පටන් කඩිසරව ආහාර සොයා යැම ආර්ථික න්‍යායයි.
මෙසේ ආහාර සොයා යැමේදී කවරකුට හෝ අනතුරක් සිදුවූ වානම් මුළු කුහුඹු රෑහැනම වහා එතැනව දිවගොස් සගයාබේරා ගන්නට දැඩි උත්සාහයක යෙදෙති. සගයාට බරපතල තුවාල සිදුවී ඇත්නම් වහා රැගෙන විත් ප්‍රතිකාර කිරීම ඔවුන්ගේ සිරිතයි.

මූලාශ්‍රය
http://ipcblogger.net/munir/?p=558

maxxa Movie eka