කූඹියෝ_සුජීව_ලිව්වනම්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කූඹියෝ_සුජීව_ලිව්වනම්

    කූඹියෝ සුජීව ලිව්වනම් ✍️


    29468533_10216384614873889_5648949332267761664_n.jpg





    මල්දෙනිය දීපු කෝපි පාට බෑග් එක පුරාම පුරවල තිබුනෙ සල්ලි... පන්දාහෙ නෝට්ටු සීරුවට මිටි හදල චූටි රබර් පටි වලින් හිර කරල..

    හිරුණිගෙයි මගෙයි කතාවත් මේ සල්ලි වගේමයි නේද.. හරිම වටිනව. ඒත් හිරවෙලා විඳවනව. ඒ අහිංසක මූන සල්ලි නෝට්ටු මැද්දෙන් මැවිල ජෙහාන්ට හීල්ලුනා..

    පවු අසරණී.

    මේ සල්ලි වලින් ඉස්සිස්සෙල්ලම හිරුණිට ඕඩිකොලොං කුප්පියක් අරන්දෙන්න ඕන කියල ජෙහාන්ගෙ හිත ඒ වෙද්දිත් තීන්දු කරල ඉවරයි. රුපියල් තිහට පමුණුවෙන් ගන්න ලේන්සුවකට ඕඩිකොලොන් ටිකක් දාගත්තම කෙල්ල දවසම මාව මතක් කර කර සුවඳ බලයි.

    ජෙහාන්ට හීනියට හිනාවක් ගියා. මල්දෙනිය මහත්තයත් දැක්ක. චුට්ටක් ලැජ්ජත් හිතුන..

    මේ හිනාව හරිම කපටි පාටයි කියල සුදු අක්ක නිතරම කිව්වත් අම්මනම් කියන්නෙම ඒකට තේජස් පාටයි කියල. අම්මට හැට්ට රෙද්දක් ගත්තනම් හොඳයි. රේන්ද හිච්චි අක්කට කියල ගෙන්න ගනීවිනෙ.

    මල්ලිට පැක්ටිස් යන්න ඇඳුම් දාගන්න මේ කෝපි පාට බෑග් එක දුන්නැහැකි. මට දැන්ම එකක් ඕන නැහැ.ඔය කලිසං කෑලි හත අට පරණ එකේම දානව.

    හිරුණිව මුලින්ම දකිද්දි කරේ එල්ලන් හිටිය බෑග් එක දැන් අපේ ආදරේම කොටස් කාරයෙක් වගේ. පණ නැති වුනත් ඒකත් අපේ ජීවිතේ කොටසක්..ජෙහාන් රබර් ගහක් දිහා බලන් හිතුව.

    ජෙහාන්!

    කල්පනා කර කර හිටිය ජෙහාන් ගැස්සුන. ඒ ලේකම් සර්ගෙ කටහඬ. සර්ගෙ ඇස්වල කඳුලු පිරිල. මේත් තාත්ත කෙනෙක් නේද. ජෙහාන් හිතුවෙ එහෙමයි. එතකොටමයි ජෙහාන් දැක්කෙ තමන් දිහාවට එල්ල කරන් ඉන්න තිත්ත කලුපාට චූටි තුවක්කුව. පොඩිකාලෙ හින්නි අම්මගෙ පුතා සෙල්ලමට තියන් හිටියෙත් මේ වගේම ප්ලාස්ටික් එකක්. ජෙහාන්ට හිතුන.

    මල්දෙණිය සර්ගෙ ඇස් වල කඳුලු. ඒ දිහා බලන්න හයියක් නැති නිසාම ඉක්මනට මැරෙනවනම් හොඳයි කියල ජෙහාන්ට හිතුන. මේ ලැබුන කෝටි පනහත් අරන් හිරුණි එක්ක එක වහලක් යටට උන ගමන් එයාගෙ අතින්ම හදපු කිරිම කිරි රස කිරිබත් එක්ක උම්බලකඩ සම්බෝලෙයි, පොළොස් කිරිදාල, කෙසෙල් මුව මැල්ලුමක් එක්ක බත් එකක් බැඳගෙන බලන්න එන්න හිටිය මල්දෙනිය මහත්තය නේද මේ ඇස්වල කඳුලු පුරවන් ඉන්නෙ කියල හිතෙද්දි ජෙහාන්ට වාවන්නෙ නැතුව ගියා..

    හිරුණි ලග තියෙන රෝසපාට නොකියා ෆෝන් එකේ සින්දුවමයි මල්දෙනිය සර්ගෙත් ⁣⁣ෆෝන් එකට දාල තියෙන්නෙ. ඒ හඩත් එක්ක තියෙන ආත්මීය බැඳීම නිසාමද කොහෙද මල්දෙනිය සර්ගෙ ෆෝන් එක රිං වෙද්දිම සර් ඕක ගන්නම ඕනෙ කියල ජෙහාන්ට කියවුනා.

    අනේ!

    මේ කොල්ලගෙ අහින්සකකම තවත් බලාගෙන ඉන්න බැරුව ලේකම් තුමා බිම බලාගත්ත...

    :lol::lol:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කූබියෝ නම් බලලා නෑ,ඒත් මේ ස්ටයිල් එකටහිනා යනවා...රෙප්+

    කුබියෝ බලපන් මචන් යුටියුබ් තියනවා ..කතාව එල ..නිකන් බ්‍රෙකින්ග් බැඩ් /හවුස් ඔෆ් කාර්ඩ්ස් ටයිප් එකට ලංකාවේ ක්‍රමේට ගහපු කතාවක් ..දැන් තියන මල් මෙගා නාට්ට්‍ය වලට වැඩියනම් දාහෙන් සම්පතයි
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    කුබියෝ බලපන් මචන් යුටියුබ් තියනවා ..කතාව එල ..නිකන් බ්‍රෙකින්ග් බැඩ් /හවුස් ඔෆ් කාර්ඩ්ස් ටයිප් එකට ලංකාවේ ක්‍රමේට ගහපු කතාවක් ..දැන් තියන මල් මෙගා නාට්ට්‍ය වලට වැඩියනම් දාහෙන් සම්පතයි

    ටීවී නම්බලන්න වෙලා නෑ.වෙනස් කතාවක් නම් යූටියුබ් තියෙනවනම් බලන්න ඕන..අපේම වෙනස් එකක් නම් ආසවෙන් බලන්න පුලුවන්. තෑන්ක්ස්.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,839
    9,985
    113
    කියවන්ඩ ගත්ත වෙලේ ඉඳන් මට හිනා යනව ඕයි. :P පොරගෙ පොතක් කියවල බලන්ඩ ඕනෙ.හිනා ගිහින් මැරෙයිවත්ද:rolleyes: