කූරගල ඉතිහාසයෙන්.............

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
කූරගල ඉතිහාසයෙන්.............

මෙහි ඉතිහාසය රාවණා රජ දවස දක්වා යනවා.මෙය හෙළ නරෝත්තම රාවණාගේ ඉන්ද්‍රගිරි රාජධානිය.මෙහි චිත්‍ර සටහන් වල ඒ බව සඳහන් වෙනවා.අනික මේක නිකම්ම නිකන් කලු ගලක් නොව සිංහලයාගේ අතීත උරුමය,ශ්‍රී ලාංකික අයිතිය තහවුරු කරන ස්ථානයකි.මුසල්මානුවන් විනාශ කරන්නේ එම උරුමයයි.සිංහල බෞද්ධ උරුමයයි.
කූරගල පර්වතයේ (කල්තොට පැත්තට වෙන්න)සෙල් ලිපි 2ක් තියෙනවා.මේක හොයා ගත්තේ කොලින්ස් කියන මහත්මයා.එහි ඇත්තේ "ද ත හ ස පු ද හ ලෙ ණෙ" යන්නයි.මේක දැකපු මුස්ලිම් වරු සිංහල ව්‍යාහාරයට කියවෙන විදිහට"දත්ථාසේලාන්"කියා ශබ්ද කළා.ඔය එකක්.අනික තමයි ඒ බ්‍රාහ්මීය අක්ෂර වලට මුන් කිවුවෙ "කුරන්" අකුරු කියලා.මේ අනික,කූරගල එක තැනක ගැඹුරු ගල් කුහරයක් තියෙනවා.අවුරුදු ගණනාවකට කලින් ඕකට බැස්ස මුස්ලිම් පූජකයෙක් ආපිට ආවෙ නෑ.ඒ නිසා ඔවුන් හිතන්නෙ මේ කුහරය මක්කම දක්වා තියෙනවා කියල.මේක මෙතනින් නතර වෙයි කියල හිතන්න අමාරුයි.රටේ බොහෝ සෙල් ලිපි වල අර්ථ ඉදිරියේදී වෙනස් කරන්න පුලුවන්.ඒ හින්දා කල්පනාවෙන්
මෙහි පැරණි නාමය කූරගල නොවේ.කුහරගලයි.එම නම යෙදීමට හේතු වී ඇත්තේ හිටුවන්ගල පර්වතය මුදුනේ ගල් දෙබොක්කාවේ ස්භාවිකව පිහිටි ගල් කුහරය නිසයි.
මෙම ස්ථානයේ ඓතිහාසික බෞද්ධ පුරාවිද්‍යාත්මක සාධක විනා මුස්ලිමුන්ට අයත් කිසිවක් නොමැත.


"යමකු ඉතිහාසය විකෘති කිරීමට උත්සාහ කිරීමෙන් සිදුවන්නේ ප්‍රකෘති ඉතිහාසය නැවත මතු වීම පමණකි"

407710_275020079225534_100001526332365_774366_1664305652_n.jpg
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කූරගල බුදුගල ලංකා පබ්බතය සහ ගල්ටැම්යාය නමින් ආරාම සංකීර්ණ රාශියක්‌ දුරාතීතයේ සිටම මේ ප්‍රදේශයේ පිහිටා තිබිණි. පැරණි කුරුදියවල විහාරය වශයෙන් හඳුනා ගත හැක්‌කේ ගල්ටැම් යායයි. පලුගහවැවව නම් දැනට කැඩී ඇති වැව් බැම්ම හරහා කුරුදියවල විහාරයටත් එතනින් ගල් ඇතිරූ පාරක්‌ ඔස්‌සේ කූරගල දෙසටත් පාරක්‌ තිබූ බව පැරන්නෝ කියති. මේ කුරුදියවල විහාරය අනුරාධපුර යුගයේ ඉදිවූ පංචාවාස ආරාමයෙකි. ලංකා පබ්බතයේ වටිනා සෙල්ලිපි දෙකක්‌ පිහිටා තිබෙන අතර බුදුගල ආරාමයේ ද පධානඝර නොහොත් පියන්ගල් දක්‌නට ඇත. මේ සියලු සිද්ධස්‌ථාන ඉතිහාසයේ යුග ගණනාවකදී සංවර්ධනයට පත්ව කෝට්‌ටේ යුගයේදී එකම ආරාම සංකීර්ණයක්‌ බවට පත්වුණු ආකාරය අධ්‍යයනය කළ හැකිය. යුරෝපීයන්ගේ යටත් විජිත සමයේදී මේ ස්‌ථානය වනගත වන්නට ඇති බවද කල්පනා කළ හැකිය.

    මෙම ආරාම සංකීර්ණයේ පැරණිතම ස්‌ථානය කූරගලයි. එහි තිබෙන සෙල් ලිපි ක්‍රි.පූ. දෙවනි සියවසට අයත් ලෙසට සලකන නමුත් බෞද්ධ සිද්ධස්‌ථානයක්‌ වශයෙන් එය ස්‌ථාපිතව ඇත්තේ බුදුන් වහන්සේගේ ලංකාගමනය සිදුවූ අවස්‌ථාවේදී බවට සාධක පවතී. බුදුන් වහන්සේ තෙවෙනි වර ලංකාවට වැඩිය ගමනේදී සමන් දෙවියන්ගේ ආරාධනය පරිදි සමන්ත කූඨ මස්‌තකයේ ශ්‍රී පාද ලාංඡනය පිහිටුවීම පිළිබඳව සඳහන් වන නමුත් ජන ප්‍රවාදයන්ට අනුව මහියංගණයට පැමිණීමට ද ප්‍රථම බුදුන් වහන්සේ මුහුදු යාත්‍රාවකින් ලංකාවේ වයඹ මුහුදු තීරයට වැඩම කොට ඇත්තල මක්‌කම නම් ස්‌ථානයේ ප්‍රථම ශ්‍රී පාද සටහන තබා ඇත. මෙය සිද්ධ වූයේ රාක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ආරාධනය පරිදි බව සඳහන්ය. ඒ අනුව ලංකාවේ ශ්‍රී පාද වන්දනාව ඇතිවූයේ යයි මතයෙකි.

    කූරගල ද රාක්‍ෂ ගෝත්‍රිකයන්ගේ වාස භවනයෙකි. ඔවුහු තෙරුවන් සරණ යැමෙන් පසුව එහි ගල්ලෙන් භාවනායෝගී රහතුන් වහන්සේලාට පූජා කොට ඇත. එසේම සිරිපතුල් ලාංඡනයක්‌ද එහි පිහිටුවා වැඳුම් පිදුම් කරන්නට ආරම්භ කොට ඇත. කූරගල ආශ්‍රිත ජන ප්‍රවාද ජන කවිවල සඳහන් වන ආකාරයට සමන් පව්වට බුදුන් වහන්සේ වැඩිය ගමනේදී දිවා විහරණය පිණිස කූරගලට වැඩම කොට ඇත. ඒ සමන් දෙවියන්ගේ ආරාධනයෙනි. එම නිසා මෙම ස්‌ථානය දිවා ගුහාව යනුවෙන්ද නමක්‌ දිනා තිබේ.

    අනුරාධපුර යුගයේදී සංවර්ධනය වූ බුදුගල පියන් ගල් ආරාමයේ මෙම ජන ප්‍රවාද තහවුරු කරන සලකුණු කීපයක්‌ ඇත. ඉන් පළමුවැන්න එහි පහළ මළුවේ බෝධියට නුදුරින් ගල් කණුවක සටහන්ව තිබේ. සංඛයක හැඩය ගත් එහි එක රූපයක්‌ ගුවන් යානාවක හැඩයක්‌ ගනී. දෙවැන්නේ ඇත්තේ සිරිපතුල් ලකුණයි. තිස්‌ දෙකෙන් කියෑවෙන්නේ සිරිපතුල් දෙකක්‌ ඇති බවයි. තුන් වැන්න සවස්‌තිකයයි. එය රාක්‍ෂ ගෝත්‍රිකයන්ගේ ගෝරා පසලම නම් සංකේතයයි. පළමු සලකුණත් දෙවැන්නත් අතර තිබෙන රේඛා චිත්‍රය එක වරම හඳුනා ගන්නට බැරි වූවද කූරගල ජන කවි අතර ඇති එක්‌ කවියෙකින් එයට අවශ්‍ය අරුත දිය හැකි යයි සිතමි.

    තාරක අසුරා පෙරළු ගල යට කෙටුව සිරිපද පත්ම සටහන සැමට නොපෙනේ යයි සඳහන් කවි පදය අනුව කුහර ගල උමං මාර්ගයේ දමා වසා ඇති සිරි පතුල මෙයින් සංකේතවත් වන්නේ යයි සිතමි. සටහනේ දක්‌වා ඇත්තේ ඒ උමං මාර්ගයයි.

    සපරගමු බින්තැන්නේ සිට වන්දනාවට එක්‌වෙන ජන සමූහයා බුදුගල මේ සංකේතය දැක ශ්‍රද්ධා භක්‌තියෙන් පිරී ඉතිරී ගොස්‌ සාධු සාධු කියමින් කූරගල කරුණා කරන්නට ඇති බව කල්පනා කරන්නට හැකිය. ඒ සිංහල බෞද්ධ සංස්‌කෘතියෙන් හික්‌ම වූ සාධු පිළිවෙතයි. අන්‍යාගමිකයන්ගේ යකුළු පහරකට හෝ මිථ්‍යා මතවාදයකට එම හැදියාව වෙනස්‌ කළ නොහැකි බව ඉතිහාසය විසින් අපට පසක්‌ කොට දී තිබෙන බව අවසන් වශයෙන් සටහන් කළ යුතුව තිබේ.


    මෙ ලිපිය තිබුනේ දිවයින පත්තරයේ මේකෙන් හිතා ගන්න පුලුවන් මුන් මේක අයිති කරගත් විදිය දැන් මෙම ස්තානය හදුන්වන්නේ ඡෆටර් ඡයිලානිලෙස ලොවට හදුන්වා දෙනවා:angry::angry::angry: දැන් මෙම ස්තානයට සිංහල මිනිහෙක් ගියත් බලන්නෙ වපර ඇසින් එ තරමට අද අපට මෙය අහිමි වෙලා
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මේ වෙලා තියෙන දේවල් දැක්කම දුක හිතෙනවා... අපේ යමක් කමක් කරන්න පුලුවන් ලොකු මිනිස්සුත් ඇස් කන් පියාගෙන ඉද්දී මොනවා කරන්නද?

    “අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා...“ :(
     

    Duo Plazt

    Well-known member
  • Jan 7, 2012
    577
    64
    48
    somewhere i belong
    මේ වෙලා තියෙන දේවල් දැක්කම දුක හිතෙනවා... අපේ යමක් කමක් කරන්න පුලුවන් ලොකු මිනිස්සුත් ඇස් කන් පියාගෙන ඉද්දී මොනවා කරන්නද?

    “අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා...“ :(

    :(:(
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන්ලා මම සතියකට විතර උඩදී මේ ස්ථාන 3ම බලන්න ගියා ,ඉතාම වටිනා ස්ථාන ,හැබැයි දැන් කාලකන්නි හම්බයෝ අල්ලාගෙන ඉන්නේ ,උන් අල්ලා අදහන්නේ අනික් එවුන්ගේ දේවල් අල්ලගන්න නිසා වෙන්න ඇති