කෙන්ටකි අනතුරෙහි අද්භූත සේයාව

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෙන්ටකි අනතුරෙහි අද්භූත සේයාව

    kentaki.jpg

    පසුගිය දිනයක අන්තර්ජාලය හරහා ලොව පුරා එක්‌ ලොමුඩැහැගැන්වෙන ඡායාරූපයක්‌ සංසරණය වූවා. එම ඡායාරූපයේ දැක්‌වුණේ ඇමරිකා එක්‌සත් ජනපදයේ කෙන්ටකීහි අධිවේගී මාර්ගයක සිදුවු මාරාන්තික මෝටර් සයිකල් අනතුරක්‌. නමුත් හොඳින් නිරීක්‍ෂණය කළ විට පෙනෙන්නේ එම ඡායාරූපයේ දැක්‌වෙන පිරිස අතර සිටින ප්‍රාන්ත පොලිස්‌ නිලධාරියාගේ හිස්‌වැසුමට ඉහළින් යම් මිනිසෙකුගේ හැඩයෙන් යුතු කිසියම් පාරදෘශ්‍ය සේයාවක්‌ ඉහළට මතුවී ඇති බවයි.

    මේ දිනවල වඩාත් කතාබහට ලක්‌වන මෙම ඡායාරූපයේ ඡායාරූප ශිල්පියා වන්නේ සාවුල් වස්‌කෝස්‌ (Saul Vozques) නමැති කෙන්ටකීහි සාමාන්‍ය ට්‍රක්‌ රථ රියෑදුරෙක්‌ ඔහු ප්‍රකාශ කරන අන්දමට ඔහු විසින් අදාළ අනතුර සිදු වූ ස්‌ථානයට යාබද මාර්ගයේ ගමන් කරමින් සිටි අතරතුර තම රථයේ වීදුරුව පහත්කොට තමා දුටු සිදුවීම මෙලෙස ඡායාරූපගත කර ඇත.

    පසුව ඔහු විසින් අන්තර්ජාලයට මුදාහැරුණු එම ඡායාරූපයට ඉහළින් ඔහු මෙලෙස සඳහන් කෙරුවා. මෙය ඡායාරූප මා විසින් මාගේ ට්‍රක්‌ රථයේ ගමන්කරමින් සිටි අතරතුර ගනු ලැබූ කැම්ප්ටන් හා ස්‌ටැන්තන් අතර පිහිටි කඳුකර ප්‍රදේශයක්‌ අසල සිදුවු රිය අනතුරක ඡායාරූපයක්‌ මෙය විශාලනය කර (ZOOM) එහි සිටින ප්‍රාන්ත පොලිස්‌ නිලධාරියාගේ තොප්පියට ඉහළින් ඇති සෙවනැල්ල වෙත අවධානයෙන් බලන්න.

    එලෙස ඔහු විසින් ඉකුත් අඟහරුවාදා දිනයක සිය ෆේස්‌ බුක්‌ පිටුවේ පළකරන ලද මෙම ඡායාරූපය එම සතියෙම බ්‍රහස්‌පතින්දා දිනය වනවිට ලොව පුරා 7,600 වතාවක්‌ හුවමාරු වී (share) තිබිණි. මෙම අද්භූත ඡායාරූපය ගැන එරට මාධ්‍යවේදියෙකු විසින් සඳහන් කර සිටියේ එම ඡායාරූපයේ සඳහන් වී ඇති අද්භූත සේයාව තමාට හා අන් සියල්ලන්ටම ඔහු ස්‌වර්ගයට යන බව ඉඟිකර ප්‍රකාශ කරන බවක්‌ තමාට දැක්‌වෙන බවයි. කෙසේවෙතත් මෙබඳු අද්භූත සිදුවීම් ගැන පරීක්‍ෂණ කරන ඇතැම්මුන් නම් කියා සිටියේ මෙය මරණින් පසුව පුද්ගලයාගේ ජීවිතය පිළිබඳව ඉතා හොඳ සාක්‍ෂියක්‌ ලොවට සපයන බවයි.


    අශානි ඩිලක්‍ෂි ඇල්ලේපොල
     
    • Like
    Reactions: erozan