කෙල්ලක්, කොල්ලෙක්ගේ ජිවිතයට කොච්චරනම් වට

Apr 24, 2010
351
107
0
Kandy
කෙල්ලක්, කොල්ලෙක්ගේ ජිවිතයට කොච්චරනම් වට

මගේ ජීවිතය.. හරියට හුළගට ගසාගෙන යන කොළ කෑල්ලක් වගේ...
ඒ කොළ කෑල්ල හිස්.. අරමුණක් නැතුව ඔහේ හුළගට
තෙරක් නොපෙනෙන ඈතක් හොයාගෙන ඔහේ..
පාවී පාවී.. ඈතට.. ඈතින් ඈතට ගියේ.. ඉබාගාතේ...
මගේ ජීවිතයත් අරමුණක් නැතුව ඔහේ අවුරුදු 21 ක් ගෙවිලා ගියේ කිසිම අරමුණක් නැතුව..
ඒ ජීවිතය හරිම සැහැල්ලුයි.. බැදීම් තිබ්බෙම නැති තරම්..
ඒත් දෛවය... මගේ මේ ජීවිතට කණපිට හැරෙව්වේ මටත් හිතාගන්න බැරි පුදුම විදිහකට...
දන්නවද... මේ ඉබාගාතේ පාවුන කොළ කෑල්ල.. පෙම් හසුනක් බවට පත්කළේ ඔයා...
ඔයාගේ ඔය අවිහිංසක සිනහව...

එදා ඉරිදාවක්.. ලස්සන දවසක් කියල එදා උදේ පාන්දරම මට හිතුන.......
වෙනදට ඉර අවුව වැටෙනකන් නිදාගන්න මම එදා පාන්දරම නැගිටලා
ඉර පායන විදිහ බලන් හිටය.. ඒ ඇයි කියල මමවත් දැනගෙන හිටියේ නෑ..
ඒත් කන්ද කපාගෙන රිදිපාට කිරණ විහිදාගෙන ඉර පායන ලස්සන
මම හදවතින්ම විදගෙන උන්නේ...
හිත පිරිලා උතුරනවා වගේ හැගීමක මට එදා දැනුන...

එදා උදෙන්ම මම එලියට බැස්සේ කිසිම වැඩක තියන හින්ද නෙවයි..
මොනවා කරන්නද කියල හිතාගන්නවත් බැරි හින්ද..
අම්ම හදල් දුන්නු තේ එකත් බිල මම ඔහේ ටවුම පැත්තට රස්තියාදුවේ ගියා...
මග දිගට යාලුවෝ කීපදෙනෙක හම්බුනා..
ටිකක් වෙලා වල්පල් දොඩවල අයෙත් ඇවිදින්න ගත්තා..
හිතට කියන්න බැරි බරක් වගේ දැනෙන්න ගත්තට මට ඒ ඇයි කියල තේරුම් ගන්න බැරි උනා...
වෙලාව... 1. 00 විතර ඇති..
හිටිහැටියේ අහස කළු කරගෙන ඒ දෛවෝපගත වරුසාව වැස්ස පොලවට කඩා හැලුනා..
බලාපොරොතු නැති වැස්සට මම දුවගෙන ගිහින් බස් හෝල්ට් එකක් අස්සට රිංගුවා..
ඒ වෙනකොටත් මම බාගෙට තෙමිලයි උන්නේ...

ජිවිතයේ සමහර සිද්දි මතක කරන්නත් ආසයි..
මට දැනුත් එදා වැස්සට තෙමුණු මාව මැවිලා පේනවා වගේ..
එදා තමයි මගේ ජීවිතයේ වටිනාම කියන වස්තුව ලැබුණු දවස..
මගේ ඉරණම්කාරී දැක්ක මුල්ම දවස.. ඒ දවස කොහොම නම් අමතක කරන්නද.....
දෛවය විසින් ඒ හමුවීමේ අපුර්වතම චිත්‍රය.. මගේ ජිවිතය උඩ සිත්තම් කළා...
වැස්ස කීයට පායිද කියල වටේ හිටපු අය කියව කියව උන්න..
ඒත් මට ඒ කිසිමදෙයක් දැනුනේ නෑ.. මම ඔහේ පාරේ ඈත බලාගෙන හිටියා..
පාරේ වාහනත් එච්චර තිබ්බේ නෑ... මහා පාලු බවක් මට පෙනුන..

ඒත් ඒ පාළුව අස්සෙන්... රුවක් මතුවෙනවා මම ඈත දැක්ක..
කුඩයක් ඉහලාගෙන එන පුංචි රුවක්..
වැහිපොද අස්සෙන් මතුවුණා.. ඕව්.. ඒ තමයි ඔයා...
මගේ පපුව එකපාරටම නැවතුනා වගේ දැනුනා..
දෙවියනේ කවුද මේ.. එච්චරමයි මට හිතුනේ..
ටිකෙන් ටික මට රුව පෙනෙන්න ගත්තා...
දෙවියනේ... මේ කවුද.. මම දන්නේ නෑ..
ඒත් ඔයාගෙන් ඇස් දෙක අහකට ගන්න මට බැරි වුනා...
සුදුපාට සල්වාර් එකක් ඔයා ඇදගෙන හිටියේ..
එක අතකින් පොතක් පපුවට තුරුළු කරගෙන..
අනිත් අතින් කුඩේ ඉහලාගෙන...
වැස්සට හැරුණු පුංචි මඩ වලවල් උඩින් බේරලා කකුල තියන්.. ඔයා ආපු විදිහ...
වැහි බිංදු දෙකක් ඔයාගේ සුදු කම්මුල් උඩ තැවරිලා...
හුළගට මුහුණට වැටුණු කෙස් කැරැල්ල...
ඔයා අයින් කරන්න බලනවා...
මට මාවම අමතකවෙලා ගියාවාගේ දැනුනා..
දෙයියනේ මෙහෙමත් කෙල්ලෙක්.....
මට දුවගෙන ඇවිල්ල ඔයාගේ ඔය සුදු මුහුණට වැටුණු කෙස් කැරැල්ල අයින් කරලා... ඔයාව.......... ඉඹගෙන ඉඹගෙන යන්න හිතුන.....
ඇත්තමයි... මට හිතුන... සත්තයි.....

අපි ඕනතරං ලස්සන කෙල්ලෝ දැකල තියනවා..
ඒ කෙල්ල ලස්සනයි කියල කියනවා තමයි.. ඒත් තමන්ගේම කරගෙන...
තමන්ගේ ජීවිතේම පුජාකරන්න හිතෙන්නේ එකම එක කෙල්ලෙකුට විතරයි..
ඒකෙනා තමන්ගේ හදවත විසින් තෝරාගන්නවා..
ඒ තමයි තමන්ගේ ඉරණම්කාරි.... එදත් මට උනේ එටිකමයි...

ඔයා දැක්ක ඒ මොහොතේම මම හිතාගත්තා.. මට දැනුන..
ඔයා ඉපදුනේ මං වෙනුවෙන්මයි කියල...
ඔයා මාව පහුකරගෙන යන ගමන් යන්තම් මං දිහා බැලුව මතකද...
මගේ පපුව හතර පස් කඩකට පැලිලා ගියාවාගේ දැනුනා..
"මම ඔයාටමයි..." කිවාවගේ හැගීමක මට දැනුනා...
මුළු ලෝකයක් හරහට හිටියත් මම ඔයාව මගේම කරගන්නවා කියලා
මම මගේ හදවතට දිව්රල කිවා...
එදා මට දැනුන දේවල් මම කොහොම නම් කියන්නද...

මම මේ මොනවා ලියනවද මමවත් දන්නේ නෑ...
ඔහේ හුළගට පාවුණු කොලයක් වගේ උන්නු මාව..
පෙම් හසුනක් උනේ... ඔන්න ඔහොම තමයි....
ඒ හසුන හැඩ වැඩ දාලා.. කවි නිසදැස් ලියල...
අකුරු කලේ ඔයා තමයි...
කෙල්ලක්, කොල්ලෙක්ගේ ජිවිතයට කොච්චරනම් වටිනවද....
ඒ යටාර්ථය කියලා දුන්නු ඔයාට දස දහස් වාරයක් පිං සිද්දවෙනවා රත්තරන්........
-රස්තියාදුකාරයා -
rasthiya.blogspot.com
facebook.com/rasthiya
 
ncyasassri

Active member
  • Jun 15, 2009
    429
    62
    28
    Wow!

    Niyamai machan! හදවතට දැනෙන ලස්සන නිර්මාණයක්... +++
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක ඔයාට ඇත්තටම වෙච්ච දෙයක්ද මචන්.
    ලස්සනයි. ඒ වුනාට ඇත්ත ජීවිතේ මේ වගේ දේවල් වෙනවාද කියලත් සැකයි. කෙල්ලෙක් කොල්ලෙක්ගේ ජිවිතයට ගොඩක් වටිනවා තමයි හැබැයි ඒකම උගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පුලුවන් කම් තියෙනවා. යථාර්තය තේරුම් අරගෙන හිටියා නම් හොඳයි මචන්.
     
    උඹ හරියට හරි මචන්.. :yes::yes: ඒකත් හරියට කාසියක දෙපැත්තක් වගේ.. තැන්ක්ස් මචන්..
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    සමාජේ වැරැද්ද. ගොඩක් කොල්ලන්ගේ යාලූවෝ කරන්නේ උන්ව නොමග යවන එකයි මොකද උන්ගේ මතයක් තියෙනවා සිගරට් ගැහුවේ නැත්නම්, අරක්කු ගැහුවේ නැත්නම්, Porn බැලුවේ නැත්නම්, බඩු ගැහුවේ නැත්නම් ඌ කොල්ලෙක් නෙවෙයි ඉතින් peer pressure එක නිසා ගොඩක් කොල්ලෝ මේවා කරන්න ගිහින් අනාත වෙනවා.නමුත් කෙල්ලොන්ට එහෙම නෑ. සමහර කෙල්ලන්ගේ යාළුවෝ උන්ව නොමග යවන්න හැදුවත් සමාජය බලකරනවා කෙල්ලොන්ට හරි මග යන්න එහෙම ගියේ නැත්නම් කොන් කරනවා (බඩුව කියයි, වේසි කියයි නැත්නම්) ඉතින් කෙල්ලෝ බයටම හරි යනවා. කෙල්ලෝ ඒ මග ගියොත් උන්ට කවුරුත් මොකුත් කියන්නේනෑ (කෙල්ලෝ porn බැලුවෝ නැත්නම් ඒක සාමාන්‍යයි, අතේ ගැහුවේ නැත්නම් ඒක සාමාන්‍යයි ,කොල්ලෝ පස්සේ යන්නේ නැත්නම් ඒක සාමාන්‍යයි නමුත් කොල්ලෙක් ඒක කරොත් ඌට රටේ නැති නම් දායි) නමුත් කොල්ලෙක් කෙල්ලෙක් දාගන්නේ නැතුව ගියොත් ඌට කොලු කාරයා කියයි, පොන්නයා කියයි, drink එකක් බිව්වේ නැත්නම් කියයි කොල්ලෙක් නෙවෙයි කියයි, porn බැලුවේ නැත්නම් කොලු කාරයෙක් කියයි. ගොඩක් කෙල්ලෝ හම්බ වුනාම කොල්ලෝ හැදෙන්නේ කෙල්ල තමන් ඉගෙන ගත්ත දේවල් සමාජය උගන්වපු දේවල් කොල්ලන්ටත් පුරුදු කරන නිසයි ,බලෙන් හරි කොල්ලවත් ඒ මග අරින නිසයි (මේක නිසයි ගොඩක් කෙල්ලෝ කොල්ලන්ගේ යාළුවන්ව අයින් කරන්න කියන්නේ උන් හරි නැත්නම්) ඒකයි කෙල්ලෝ හම්බ වුනාම සමහර කොල්ලෝ හැදෙන්නේ. ඒක මේ සමාජේ වරදයි නැත්නම් කෙල්ලෝ නැතුව උනත් කොල්ලන්ට හැදෙන්න පුලුවන්.

    තමන්ගේ ළමයින්ට පොඩි කාලේ ඉදලම උගන්වන්න තනියෙන් නැගිසින්න, අනුන්ගේ මඩ නොතකා තමන්ගේ ගමන යන්න එතකොට කවුරුත් ඕන නෑ හැදෙන්න. මේක 2.50 සීනි බෝල ටෝකක් විතරයි.
     
    Last edited:

    hmm.. thanks for comments machan.. :rolleyes:
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මටත් අම්බානක වැදිලා ඉන්නේ මචන්...:love::love::love::love:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හිතේ ඉන්න ගෑනුලමයව මුන ගැහුනම එදාට ඇතිවෙන හැඟීම හරියටම මෙතන ලියලා තියෙනව. ඔය සමහරු කියන විදියට ආදරය යතාර්ථවාදි කරන්න බැහැ. ආදරයෙ තියෙන වින්දනය/රසය තියෙන්නෙ ඒ බොලඳකම ඇතුලෙ.:cool:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    හිතේ ඉන්න ගෑනුලමයව මුන ගැහුනම එදාට ඇතිවෙන හැඟීම හරියටම මෙතන ලියලා තියෙනව. ඔය සමහරු කියන විදියට ආදරය යතාර්ථවාදි කරන්න බැහැ. ආදරයෙ තියෙන වින්දනය/රසය තියෙන්නෙ ඒ බොලඳකම ඇතුලෙ.:cool:

    හා මචන්:rofl:
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    හිතේ ඉන්න ගෑනුලමයව මුන ගැහුනම එදාට ඇතිවෙන හැඟීම හරියටම මෙතන ලියලා තියෙනව. ඔය සමහරු කියන විදියට ආදරය යතාර්ථවාදි කරන්න බැහැ. ආදරයෙ තියෙන වින්දනය/රසය තියෙන්නෙ ඒ බොලඳකම ඇතුලෙ.:cool:

    :D:D:D:D:D:D:D:D:D:D:yes::yes::yes::yes:
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    හිතේ ඉන්න ගෑනුලමයව මුන ගැහුනම එදාට ඇතිවෙන හැඟීම හරියටම මෙතන ලියලා තියෙනව. ඔය සමහරු කියන විදියට ආදරය යතාර්ථවාදි කරන්න බැහැ. ආදරයෙ තියෙන වින්දනය/රසය තියෙන්නෙ ඒ බොලඳකම ඇතුලෙ.:cool:

    ඔව් බන්.. ආදරය කියන්නේ හැගීමක්.. බිස්නස් කරනවා වගේ ආදරේ කරන්න බැහැ... ඔය කවුරු මොනවා කිවත්, love කරන්න ගත්තම.. ඕන එකෙක් කෙල්ල එක්ක රෑ තිස්සේ බොලද කතා කියවන්න ආසයි මචන්..