Please me kathaawa kiyapan?
මචං මම ඔය කියන කෙල්ල එක්ක සෙට් උනේ දනට අවුරුදු 9.5 කට කලින්.ඒකි එතකොට A/L.එදා ඉදලා පන වගේ ආදරේ කලා.ඒකි ටිකක් දුප්පත්.මට ඕන උනා ඒකිට හොදට උගන්වන්න. කොහොම හරි මම් ඒක කලා. ම්මම ජොබ් එකට ආව මුල් කාලේ පඩි අඩුයි.මුල්ම පඩියෙන් කලේ ඒකිට phone එකක් අරන් දුන්න එක.නොකා ඉදලා තියෙනවා අනන්තවත් සල්ලි ඉතුරු කරගෙන ඒකිව බලන්න යන්න. කැපකිරීම් මොනවද කියලා ඇහුවොත් උබලට පිස්සු හැදෙයි. හිත හදාගන්න ඕන එකෙන් ඉන්නව නම් අහපන් මම ඒවත් කියන්නම්.
ඔය කාලේ එක එක ලවු සීන් සෙට් උනා.ඉගෙනගත්තු,සල්ලි තියෙන එහෙම ඒවා.ඒත් මම් අරකිට තිබුන ආදරේට ඒ මොකුත් කරන්න ගියෙ නෑ. මුල ඉදන් අපේ ගෙවල් වලින් ඕකට කැමති උනේ නෑ.අවුරුදු 7ක් ගේම ඉල්ලල්ලා ගෙදරිනුත් කැමැත්ත ගත්තා. ඒත් ඒකිට ජොබ් එක එහෙම සෙට් වෙලා අන්තිම කාලෙ වෙද්දි මට වෙනසක් දැනුනා.. මම ඒකිගෙන් ඇහුවා කවුරු හරි ඉන්නවද,ඉන්නවනම් කියන්න කියලා ඒත් මට මේකේ අවසානයට එනකල් ඉගියකින් වත් වෙනසක් තේරුනේ නෑ.
ඒකි ඉස්සර ඉදන් මට කතා කලේ "අම්මේ" කියලා.ඒ ඒකිට මම සලකපු විදිහ නිසා වෙන්න ඇති.
ප්‍රස්න ගොඩක් උනා.අවසානෙට එනකොට තමයි මම දන්නේ ගෙදරින් හොයපු සල්ලි ටිකක් තියෙන අයියගෙ යාලුවෙකුට සෙට් වෙලා කියලා.. ඒකත් අවුරුදු ගානක්. ඒකත් හැරෙන්න බැරි විදිහට.ඒ කැ#යාත් මට උන් දෙන්න ඉන්න පොටෝ එව්වා.හීනෙන් වත් හිතපු දේවල් නෙවෙයි ඒ. හිත හදාගත්තෙ හෙන අමාරුවෙන් බං. දැන් ඒකි අඩ අඩ කෝල් කරනවා.මැසේජ් කරනවා.ඒත් සන්සාරේ කවදාවත් ඒකි වත්, අර කාලකන්නි පොන්නයා වත් මේකට සම්බන්ද කවුරුම වත් හතුරෙක් වත් වෙලා හම්බවෙන්න එපා කියලා තමයි මම නම් ප්‍රාර්තනා කරන්නේ. මම මේක දැම්මෙ පොරක් වෙන නෙවෙයි.ඒ වගේම ඒකි ගැන තරහකුත් නෑ. ලව් සීන් කෙලවිලා හිත හදාගන්න අමාරු එකෙක් මේක බලලා හිත හදාගන්නවා නම් ඒ ඇති.