කෙල්ලගේ...

blackeddy

Active member
  • Sep 2, 2012
    777
    140
    43
    කාලෙකින් මේවගේ post එකක් දාන්න හිතුනේ... ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ වගේ දෙයක් ලේසියෙන් කොල්ලෙක්ට වෙන්නේ නෑ.. ඒක නිසා කාටවත් කියලා හරි උත්තරයක් ගන්නත් බෑ.. මේ ගැන හිතලම මානසිකව හොදටම වැටිලා ඉන්නේ... කතාව මේකයි.. පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට පොඩි හරි විසදුමක් දෙන්න මේකට.. කතාව මේකයි..

    මට දැන් අවුරුදු 32 තවම බැදලා නෑ.. කෙල්ලෝ එක්ක යාලු වෙලා හිටියා ඒත් ඒවා සිරා කරන්න තරම් හිතුනේ නෑ.. ආතල් ජීවිතේට හුරු වෙලා බදිනවා කියන එක ලොකුවට ඔලුවට ආවේ නෑ.. ඒත් දැන් අවුරුද්දක් වාගේ ඉදලා ගෙදරින් බදින්න කියලා අවුල.. ඒක නිසා කෙල්ලෝ බලන්න ගියා ඒත් ඒවත් මගේ හිතට සෙට් උනේ නෑ.. මේ ලගදි කෙල්ලෙක් බලන්න ගියා මේ අවුරුද්දේ මුල වාගේ.. මට ලොකුවට හිතට වැදුනේ නෑ දැක්ක ගමන්ම.. ඒත් ටික දවසක් ඉන්නකොට මට එයා ගැන පැහැදීමක් ඇති උනා.. අපි කතා කලා ඇවිදින්න ගියා.. මට ආදරේ දැනුනා.. ඒත් මට පොඩි ප්‍රශ්නයක් ආවා කෙල්ල අදින්නෙම දිගට.. මගෙත් එක්ක කොහෙ හරි යන්න ආවොත් කලිසමක් අදිනවා.. ගෙදරට shot අදිනවා.. මම දවසක් ඇහුවා ඇයි එහෙම දිගට අදින්නේ කියලා..

    හේතුවක් තියනවා කියලා මට කකුල පෙන්නුවා.. ලොකූ දදයක් වගේ හමේ පාට අඩු වෙලා දනහිසට පහලින් තියනවා මම දැක්කා.. මට ඒක ඒ වෙලාවේ හිතා ගන්න බැරි උනා.. මම එයාට ඒක අගවන්න ගියේ නෑ.. ඒත් මට ඒ ගැන හොයන්න ඕනේ උනා.. එතකොට එයාලා ගෙදරින් අපේ ගෙදර එන්න දින දාගෙන ඉවරයි.. මම හොයලා බලනකොට මට දැනගත්තා පොතු කබර වලට එහෙම වෙනවා කියලා.. අපේ ගෙදර එන්න දින දාගෙන තිබුන නිසා මම ගෙදර අයට මේ ගැන කිවුවා.. එයාලා අපේ ගෙදර ආව දවසේ අපෙ අක්කලා එයාව එක්කරන් ගිහින් ඒක බැලුවා..

    කොහොම හරි දැන් වැඩේ පත්තු උනා.. අක්කලා දැන් පට්ට අවුල්.. එදා ඔක්කොමලා කාල බීලා ගියා.. දැන් එහෙන් WEDDING එකට ලෑස්ති වෙනවා.. මටත් හිතා ගන්න බෑ කරන්න ඕනේ මොකද්ද කියලා.. ලෙඩේ ගැන හොයලා කල්පනා කරලම මගෙ ඔලුව රිදෙනවා.. මොකද කෙල්ල මට හොදටම සෙට් වෙනවා.. කොහොම හරි මම ඒ ගැන ඇහුවා.. එයා කියනවා පොඩිවට දදයක් ඇවිත් එක ලොකු උනා කියලා.. සිංහල බෙහෙත් කසාය බීවුවා කියලා.. කොහොම හරි අපි මේ ගැන හිතනවා කියල කෙල්ලගේ ගෙදර අය දැනගෙන english බෙහෙත් අරන් දුන්නා.. මානෙල් දිසානායක කියලා දොස්තර කෙනෙකුගෙන්.. මමත් වැඩිය ඒ ගැන අහන්න ගියේ නෑ මොකද කෙල්ල මානසිකව වැටෙන නිසා.. covid නිසා අපි දෙන්නට හම්බෙන්න බැරි උනා මාසයක් ඉතින් මේ ලගදි මම ගියා එයාව බලන්න.. කෙල්ල පට්ට කලු වෙලා.. මට මාර අවුල්.. ඒවට දෙන බෙහෙත් ගොඩාක් සැරයි කියලා දැනගත්තා..

    දැන් කකුල ආයේ හමේ පාටට එනවා.. ඒත් අලුතින් අත් දෙකේ වැලමිටේ දද අවිල්ලා.. මට තේරෙන්නෙ නැ මම දැන් මොනාද කරන්න ඕනේ කියලා.. මට දැන ගන්න ඕනේ උබලාගේ කාට හරි මෙහෙම දද ඇවිල්ලා හොද වෙලා තියනවද.. මේක වැඩි වෙලා මුලු ඇගේම යයිද කියලා මට බයයි.. අපි දෙන්නම පට්ට අවුලෙන් ඉන්නේ.. දැන් අදුරගෙන මාස 4ක් වගේ ඒ උනත් ලොකු ආදරයක් ඇති වෙලා ඉන්නේ දෙන්නටම
    ..

    ඇත්තටම පොතු කබර Psoriasis හොද කරන්න අමාරුයි කියලා දැනගත්තා.. උබලගේ කාට හරි මෙහෙම ප්‍රශ්නයක් වෙලා විසදුමක් ලැබුන කෙනෙක් ඉන්නවද.. මේ ගැන දන්න දෙයක් තියනවනම් කියන්න

    .. ඒක මට ලොකු සැනසීමක් වෙවි...
     

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    350
    428
    63
    හැබැයි ඕක හොද කරන්න ලේසි නැ හැබැයි පාලනය කරන්න පුළුවන් ටිකක් ඩොකෙක් ගෙන් අහලා බලපන් ඊලගට උබට ඔය දේ උනානම් ටිකක් හිතලා බලපන් හැබැයි ඕක බෝ වෙන්නේ නැ ජානමය කේස් එකක් තියනවා හැබැයි කවදාවත් ආයේ උබට කවදා හරි පසු තැවෙන්න වෙයි කියලා හිතෙන තීරණයක් ගන්න එපා බුට් තියපු දුක කාලයක් එක්ක නැති වෙලා යයි ඒත් දුකක් එක්ක ජීවිත කාලයක් ඉන්නඋනොත් ඒක කරැමයක්!
     

    nadun Prabath

    Active member
  • May 19, 2009
    298
    44
    28
    මටත් ඔ්කම වුනා 2010 දි ජීවිතේ හම්බවෙච්ච හොඳම කෙල්ල නැතිකරගත්තා ඔය වගේ හිතලා. දැන් ඒකි හොඳ කොල්ලෙක් බැඳලා සැපට ඉන්නවා. ලෙඩෙත් හොඳ කරන්. ඒකි තාම මගේ හොඳ යාලූවෙක්. මම නොගැලපෙන ගෑණියෙක් බැඳගෙන දුක් වෙවී ඉන්නවා. මම නම් කියන්නේ කෙල්ල අතාරින්න එපා....
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,161
    1
    1,088
    113
    මචං ඒකි උබට ආදරෙයි නම් උබත් ආදරෙයි නම් බැදපං, ලෙඩ දුක් ඕනි වෙලාවක හැදෙන්න පුලුවන්, ලෙඩ හැදෙන්නෙ නැති මිනිස්සු ලෝකෙ නෑ, උබ වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා බැන්දට පස්සෙ ඒකිට ලෙඩක් හැදුනොත් උබට ඒකිව දාල යන්න බෑනේ. කෙල්ලව සනීප කරගන්න පුලුවන් හැමදේම කරහන්, එයාට ආදරේ කරපන්, තවත් දුක් විදින්න දෙන්න එපා, ජය වේවා ❤
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    4,753
    1,898
    113
    මෙන්න මෙතන...
    Poddak hithala balapan machan ubata oya de una nam ubata mona wage daneida kiyala..leda kiyana dewal katath hadenwa machan..kella ubata set wenwa nam anith dewal gana worry wenna epa..oya ledeta beheth nati wenna wdiyak ne..aniwa hoda weda mahaththayek hoyagna pluwn wei..e kellata ubata oya de hangagena inna tibuna..eth kella ehema kale nane ubata..

    කෙල්ලව සනීප කරගන්න පුලුවන් හැමදේම කරහන්, එයාට ආදරේ කරපන්, තවත් දුක් විදින්න දෙන්න එපා, ජය වේවා ❤