@blackeddy
උඹ අපේ ආතල් එකක් ගන්නේ නෑ කියලා හිතලා දාන්නේ.
පළවෙනිම දේ ප්රශ්නය තමන්ගේ නොවෙන තාක් කල් පිළිතුරු දාර්ශනිකයි. අනික් එක ගොඩක් පිළිතුරු අර තාත්තයි පුතයි බූරුවයි වගේ තමයි. මට දැනිච්ච දේ මම කියන්නම් අත්දැකීම් එක්ක.
ප්රොපොසල්වලදී ඔය වගේ දේවල් අනිවා වහලා ගහනවා.
ඔය වගේම ලෙඩක් තියෙන අක්කා කෙනෙක් ඉන්නවා අපේ ගෙවල් ළඟ. ඒ අයියගේ ගෙදරින් අදටත් මල කෙල්ලව ලෙඩේ හංගලා දුන්නා කියලා.
ඔය ලෙඩේ ජානමය ලෙඩක්. මගේ නෑදා කෙනෙක්ට හැදිලා ඇඟ පුරාම සුදු කබර ඇවිත් අර සුදුවෙන ඉන්ජෙක්ෂන් එක ගැහුවා. දැන් අර ඕෂදී වගේ.එයාටත් එහෙම වෙලාලු ගහලා තියෙන්නේ(සත්‍ය නොදනිමි)
මම දන්න විදියකට සම්පූර්ණ සුවය ලබන්න බෑ ලෙඩේ පාලනය කරගෙන ඉන්න පුළුවන් බෙහෙත් අරන්.
මම කාලෙකට කලින් යාළු වෙච්ච ගෑණු ළමයෙක් හිටියා ලියුකේමියාව හැදිලා හොඳ වෙච්ච. දාහකින් හොයා ගන්න බැරි ළමයෙක් හැබැයි අපි දෙන්නම කතා වෙලා වෙන් උනා මොකද ළමයි එහෙම හදනකොට ආපහු ලෙඩේ මතු වෙන්න පුළුවන්.
හැබැයි උඹේ කේස් එක මාරාන්තික ලෙඩක් නෙවෙයි නිසා තීරණ දෙකක් ගන්න පුළුවන්.
එකක් තමයි ප්‍රොපොසල් එකක් නිසා ශේප් එකේ සම්බන්දය නතර කරන එක
අනික් එක ඔය ලෙඩේ ගැන හිතන්නේ නැතුව කසාද බඳින එක. ඇඟ පුරාම ආවත් පාලනය කරන්න බෙහෙත් තියෙනවා.
අනික් පැත්තෙන් උඹට බඳින වයස පහුවෙලා නෑ. ඒ නිසා ලොකුවට හදිස්සි වෙන්නත් එපා.
හැබැයි ගෑණු ළමයාගේ අනික් දේවල් උඹ බලාපොරොත්තුවෙන තරමටම තියෙනවා නම් ඉතින් කැප කිරීමක් කරපන්.
සමහරවිට ඔය කෙල්ල වෙන කෙල්ලෙක්ට වඩා උඹට සලකයි මොකද එයාට කසාදයක් බඳින්න ලේසි නැති නිසා.
කොහොමත් කසාදෙදි 100% සර්ව සම්පුර්ණ අය හම්බවෙන්නේ නෑ.