කෙල්ලන්ගේ කන්‍යාභාවය සහ මරණ දණ්ඩනය .....

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    කෙල්ලන්ගේ කන්‍යාභාවය සහ මරණ දණ්ඩනය .....

    කෙල්ලන්ගේ කන්‍යාභාවය සහ මරණ දණ්ඩනය .....

    මුල්න්ම කියන්න ඕනි මේ ලිපිය මම ලියපු එකක් නෙවී කියලා..මේක මම දැම්මේ ගොඩක් වැදගත් වෙයි කියලා හිතලා එලකිරි යාළුවන්ට...මේ ලිපියට ලැබෙන සියළු ගෞරවය කතෘ තුමාට හිමි විය යුතුය..(ලිපිය වැදගත් නම් කොමෙන්ටුවක් වත් කොටලා යන්න අමතක කරන්න එපා....)

    gavel_1865356b.jpg

    මෑතක දී ඇති වු ස්ත්‍රී දුෂණ හා ළමා අපචාර හේතුවෙන් දුෂකයින්ට මරණ දඬවම බලාදිය යුතු බවට මතයක් සමාජය තුල මතුවෙමින් පවතී. මේ සම්බන්ධයෙන් මත පලකරන්නන් බොහෝ විට ප්‍රකාශ කරනු ලබන්නේ වැරදිකරුවන් එල්ලා මැරිය යුතු බවයි. නමුත් බොහෝ දෙනා මෙවැනි ප්‍රකාශ කරනු ලබන්නේ හුදු වෛරී ආකල්ප මත මිස ඒ සම්බන්ධයෙන් නිසි වැටහීමක් නොමැතිව බව මාගේ අදහසයි.

    දඩුවමකින් අපරාධ මර්ධනය කල හැකි නම් ලෝකයේ බොහෝ රටවල් අද ඉතා සාමකාමී සහ නිදහස් සමාජ වාතාවරනයක් පැවතිය යුතුය. සරළවම කිවහොත් ඉතාමත් කෘර දැඩි දඩුවම් ලබාදෙන අරාබිකරයේ රටවල ස්ත්‍රී දුෂණ මංකොල්ල කෑම් වලින් තොර සමාජයක් පැවතිය යුතුය. නමුත් එය එසේ නැත. ඒ රටවල පවා තවමත් ස්ත්‍රී දුෂණ සහ කාමාපරාධ සිදුවෙමින් පවතී. එය හෙටත් සිදුවනු ඇත.
    එසේ නම් අප මේ සඳහා කල හැක්කේ කුමක්ද යන ගැටළුව ඔබට මතුවනු ඇත.
    අප කලයුතු වන්නේ මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක් දෙන සමාජයක් බිහිකිරීමය.. නීතිගරැක නීතියට ගරුකරන සමාජයක් බිහිකිරීමය... එකිනෙකාගේ අදහස් ගරැකරන එකිනෙකාට ආදරය කරන සමාජයක් බිහිකිරීමය....මෙය නීතියක් සම්මතකර දඩුවම් දැඩි කරනවා තරම් පහසු නැත.. ලංකාවේ නීතිය අනුව මනුෂ්‍ය ඝාතකයන්ට දැඩි දඩුවම් නීතිගත කර තිබේ.. ජනාධිපතිවරයාගේ එක් අත්සනකින් ඔවුන්ගේ මරණ දඬුවම ක්‍රියාක්මක කල හැකිය. මනුෂ්‍ය ඝාතනයකට වැරදිකරුවෙකුට දිය හැකි දැඩිම දඩුවම එය වුවත්, අදටත් ලංකාවේ වසරකට මනුෂ්‍ය ඝාතන සම්බන්ධ දත්තයන් පහත දැක්වේ.

    Stats+2.jpg

    මේ වාර්ථා අනුව පෙනි යන්නේ දඬුවමකින් අපරාධ පාලනය කල නොහැකි බව මොනවට පැහැදිලි කරමිනි. මෙයින් ගම්‍යවන්නේ යම් පුද්ගලයෙකු වරදකට පෙළඹෙන්නේ ඒ වරදට ලැබෙන දඩුවම ගැන තැකීමකින් නොව ඒ අවස්ථාවේ දී ඔහුගේ සිතේ හටගන්නා චේතනාව හේතුවෙන් බවයිඑසේනොමැති නම් නීතිමය තත්වයන් ගැන අවබෝධයක් සහිතව කරනු බලන අපරාධ සැලසුම් සහගත අපරාධය. ඒවා සිදුකරනු බලන්නේ නීතියේ ඇති අඩු පාඩු හා හිස්තැන් පිළිබ පැහැදිලි අවබෝධයකින් , ඒවායින් රිංගායාමේ අවස්ථාවන් ගැන මනා දැනුමකින්ය.පාලකයින්ගේ වගකීම වන්නේ පුරවැසියන් වරදට පෙළඹිය හැකි ආකල්ප බැහැර කල හැකි සමාජයක් බිහිකිරීමයි. නීතියේ ආධිපත්‍ය පිහිටුවීමය. නීතිය ස්වාධින කිරීමයි. නිතියේ හිස්තැන්, හිඩස් පිරවීමය. නිතිය කෙරෙහි මහජන විශ්වාසය ගොඩනැංවීමය.

    නමුත් අප සමාජයත් පාලකයිනුත් බොහෝ කලක් සිට අනුගනමය කලේද, දැනට අනුගමනය කරන්නේ ද “ඔළුවේ අමාරුවට කොට්ටා මරු කිරීමේ“ සංකල්පයකි. සමාජයක ආකල්ප වෙනස් කිරීම පහසු නැත. සමාජයක් නීතිගරුක කිරීම හෝ නිතියේ ස්වාධිනතිවය ආරක්ෂා කිරීම පහසු නැත. නමුත් පහසවෙන් වසාදැමු අපේ තුවාලය මේවන විට ඔඩු දුවා ඇත. දැන් සිදුවී ඇත්තේ ඉතා දරුණු සැත්කමකට යොමුවීමය.
    සමාජයක් මනුෂ්‍යත්වයට ගරු නොකරන්නේ ඇයි.? එසේත් නැත්නම් සමාජයක මනුෂ්‍ය ජීවිතයකට වටිනාකමක් නැතිවන්නේ ඇයි.? මේ සියල්ල වසර 30 කට අධික කාලයක් අප මුහුන දුන් කුරිරු යුද්ධයේ අතුරුඵලයන්ය. අද අප යුද්ධය දිනා ඇතැයි අප විශ්වාස කරමු, උදම් අනමු, සව්දිය පුරන්නෙමු. නමුත් අප සැබැ යුද්ධයට අද මුහුන දෙමින් පවතී. අප ආයුධ වලින් කරන යුද්ධය ජයගෙන හමාරය. නමුත් ආකල්පමය වශයෙන් අපි තවමත් සිටින්නේ පශ්චාත් යුධ මානසිකත්වකිනි. රජයද අදටත් විකුනන්නේ යුද්ධයයි. කුමන හෝ ගැටළුවකදී, විරෝධයකදී ඉදිරියට ගෙන එන තර්කය නම් වසර 30 ක යුද්ධය අවසන් කරලිමේ පාරට්ටුවයි.

    එදා අපි ප්‍රවෘත්ති නැරඹුවෙමු. එහිදි අපි වඩාත් සතුටු උනේ “ඊයේ සිදුවු ගැටුම් වලින් එල් ටී ටී යේ මිනිමරු ත්‍රස්තවාදීන් 25 මිය ගිය අතර යුධ හමුදා වේ වීර සෙබළුන් 15 ක් දිවි පිදුහ“ කියා ඇසෙන විටය. උන්ගේ 25 කි, අපේ 15 කි, අපට 10 ක් ලාබය. අපිට හරි ජොලිය. එදා අපට මනුස්ස ජීවිතයක් යනු ඉලක්කම්ය. අදත් අපට එය එසේමය. නිතර බලන්නට දකින්න ලැබෙන ප්‍රවෘත්ති වලින් කියැවෙන්නේ අද සිදුවු අනතුරින් 3 ක් මලාය, 5 ක් මලාය ලෙසය. අප නොම්මර ගනන් කරමින් සිටිමු. මනුෂ්‍ය ජීවිතයකට වටිනාකමක් නැති සමාජයක ගැණියෙකුගේ කන්‍යාභාවය මහා කජ්ජක්දැයි කෙනෙකුට තර්ක කල හැකිය.

    අනෙක් කාරනය වන්නේ සමාජයේ සමහරැන් හැසිරෙන්නේ මීට පෙර අපේ රටේ ස්ත්‍රී දුෂණ සිදුනොවනු ගානටය. යුද්ධයේ දී කාන්තාවන් දෑත් බැඳ දමා නිරුවත් මරා දැමීම යුද්ධයේ හැටිය, එසේත් නැති නම් ඒවා හමුදාව කර අපහසුතාවට පත්කරක්නට ගොතන ලද කථා ලෙස අපි බැහැර කලෙමු. අපේ හමුදාව විනය ගරුක හමුදාවක් ලෙස අපි පිළිගනිමු. නමුත් මෙකී සිද්ධීන් ඇත්තටම සිදු වුවා නම් එකී සිද්ධීන් වලට සම්බන්ධ පුද්ගලයින් අද සිටින්නේ අප සිවිල් සමාජය තුලය. මොවුනගෙන් සමාජයට යම් තර්ජනයක් නැතැයි සහතිකයක් දිය හැක්කේ කාටද ? පහුගිය වකවානුවේ අප දුටු සිද්ධීන් කීපයක් මතක් කරනු කැමැත්තෙමි. පෙම්වතිය අමනාප වීම නිසා හමුදා සෙබලෙකු විසින් සිය රාජකාරී ගිණි අවියෙන් ඇයව ඝාතනය කලේය. උසස් නිළධාරියෙකු නිවාඩු අනුමත නොකීරීම නිසා ඔහුව වෙඩිතබා ඝාතකය කර ඔහුද සිය දිවි නසාගත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිධාරියෙකි. ග්‍රාමාරක්ෂක භටයින් සිය ගිණි අවිය මනුෂ්‍ය ඝාතන, සතුන් දඩයම් කිරීම, මංකොල්ලා කෑම් සහ බිය වැද්දීම වෙනුවෙන භාවිතා කරන ලද අවස්ථා අපට මතකය.

    අපේ රටේ වසරකට දල වශයෙන් ස්ත්‍රී දුෂණ 1500 ක් පමන සිදුවන බව පහත දත්තයන් සැලකිමේ දී පෙනීයයි.

    Stats.jpg

    නමුත් අවාසනාවකට කරුණ වන්නේ වසරකට වාර්ථා වන ප්‍රමාණයෙන් වැරදි කරුවන්ට දඬුවම් කිරීමෙන් අවසන් වන්නේ 0.20 තරම් අඩු සංඛාවක් වීමයි. මෙයින් ගම්‍ය වන කාරනය නම් ස්ත්‍රී දුෂණ හෝ ළමා අපචාර සිද්ධින් හී විමර්ශණ කටයුතු වලදී හෝ නඩු කටයුතු වලදී යම් ප්‍රමාදයක් සිදුවන බවය. මෙවැනි අවස්ථාවන් හිදී වින්දිතයාට මුන පෑමට සිදුවන තත්වයන් පිළිබඳව මාවිසින් මීට පෙර ලියන ලද අකැමැති මතක කියන පොස්ටුවේදිත් මා විසින් අත්දකින ලද සිද්ධියක් පෙන්වා දෙන ලදී. ඒ වගේම ස්ත්‍රී දුෂණ ළමා අපදාර සිද්ධින් සම්බන්ධයෙන් අපේ රටේ නඩු කටයුතු සිද්ධ වෙන ආකාරයි පිළිවඳව මා විසින් ලියන ලද මුන් ඔක්කොම එකතුවෙලා මාව දුෂණය කලා කියලා ලියපු උපහාසාත්මක පොස්ටුවෙදිත් මා පෙන්වා දෙන්න උත්සහා කලේ අපේ රටේ නීති පද්ධතිය සහ එය ක්‍රියාත්මක කරන නිළධාරීන් ගේ යම් යම් අතපසුවීම් සහ අඩුපාඩු පිළිබඳවය.

    අද අප සමාජය කෘරත්වය කෙරෙහි දක්වන්නේ මහතා ආකර්ෂණයකි. අනතුරකදී විපතකදී එය නැරඹීම අපට මහත් චුන් ය. අනතුරට පත් පුදගලයා වටා රොක්වන අපි අනේ අපොයි කියන්නෙමු. නමුත් සමාජයක් ලෙස අප සතු වගකීම් ගැන අපට අමතකය. පහුගිය වකවානුවේ සිදුවු ළමා අපචාර සිද්ධීන් සම්බන්ධයෙන් දැන් වගක් නැත. අපට දැන් ඒවා අමතකය. චුදිතයින් නැවත ඒ ඒ පුටුවලය. සිද්ධිය උණුහුමේ විකුනාගත් පත්තරද, සටන් පාටද දැන් විකිණි අවසානය.

    අපට ද සියල්ල අමතකය...
    තවමත් අනතුර අප අවටය....
    ඊලඟ ගොදුර
    ඔබ..
    ඔබේ මව..
    ඔබේ බිරිඳ...
    දියණිය..
    විය හැකිය..

    :yes::yes::yes::yes::yes::yes:

    ගත්තේ මෙතනින්

    හොඳ නම් කොමෙන්ටුවක් වත් කොටලා යන්ඩෝ....
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    My idea

    මේ කතාව තමයි අන්තිමට බැලුවම ඇත්ත...
    "ආකල්පමය වෙනසක් සිදුවිය යුතුයි කියන එක තමයි" මේකෙනුත් මට තේරෙන විදියට කියවෙන්නේ..
    ඒ දේ මූලිකවම පවුල යන කුඩාම සමාජ ඒකකය හරහා වර්ධනය විය යුත්තක්..
    මිනිස් ජීවිතයක ඇති වටිනාකම ලමයා මුලින්ම අවබෝධ කර ගන්නේ තමන්ගේ දෙමව්පියන් හරහා...
    අද වෙලා තියෙන්නේ මිනිස්සු ඔක්කොම රජය කරන කන් කරලා දෙයි කියලා බලා ගෙන ඉන්න එක..මේ රජය නොකරොත් ඊළඟට එන එක කරලා දෙයි කියලා හිතන එක...

    පියා හා මව අතර තියෙන ආදරණීය බැඳීම ළමයට දැනෙනවා නම් එයා හිතනවා සමාජයත් මගේ අම්මා තාත්තා වගේම මිනිස්සුන්ගෙන් පිරුණ එකක් කියලා..
    අද සාමකාමී ජීවිත ගෙනියන පවුල් වලට මම දැකලා තියෙන්නේ ඉතාම අතලොස්සයි..
    මේ ගැන සෑහෙන්නම බන කියන්න පුලුවන්..
    ඒත් විය යුත්තේ ප්‍රායෝගිකව කොතරම් දුරට බල පැවැත්වෙනවාද කියන එක..
    අපිට රට හදන්න කලියෙන් අපි හැදිලා ඉන්න ඕන..

    මම මෙහෙම උදාහරණයක් කියන්නම්..
    "එක්තරා වසය අවුරුදු 7ක ළමයෙක් මානසික් උපදේශනයක සායනික විදියට සහභාගි වෙනවා..ඒ ලමයාට කිසිම ශාරීරීක ආබාධයක් නැහැ..ඒ ළමයාගේ අම්මා විතරයි ඉන්නේ පියා ඊට මාස 2කට කලින් මිය ගිහින් තියෙනවා..ඉතින් මේ මව කියනවා මේ ළමයගේ ඒ සිදුවීමෙන් පස්සේ ඉඳන් කිසිම ක්‍රියාකාරී සිදුවීමක් නැහැ..(සෙල්ලම් කරන,පාඩම් වැඩ කරන) ඉතින් අපිට හිතෙන්නේ මොකද්ද මේ ළමයට පියා නැති වීමේ සාංකාව කියලා නේද..???..ඉතින් ටික දවසකට පස්සේ උපදේශනය අතරතුර දී මව, පියා යටතේ කියනවා පියා ටිකක් බීමත් ලු,සිගරට් බොනවාලු.සමහර දවස් වලට බීමත්ව රංඩු කරනවලු......දැන් අපිට පියා ගැන මොකද හිතෙන්නේ.???..ක්‍රියාවලියේ තව ටිකක් ඉදිරියට යනකොට අපි දැන ගන්න ලැබෙනවා..පියා බොහෝ දවස් වලට බීමත්ව ඇවිත් බිරිඳට ගහනවා කියලා...හරි දැන් අපි ළමයාට යොමු වෙමු...
    මේ සිදුවීම් සියල්ලම අවසානයේ ළමයා කතා කරනවා..ළමයා මවට පියාට වැඩිය ආදරෙයි...(අවු.7යි) මේ ළමයා දකිනවා පියා මවට පහර දෙනවා..ළමයාගේ හිතේ පියා ගැන සෑහෙන වෛරයක් ඇති වෙලා..."කොටින්ම ළමයා ඒ හැම මොහොතමක සිතින් හිතලා තියෙනවා අනේ මගේ තාත්තා මැරෙනවා නම් කොච්චර හොඳ ද කියලා..." අන්තිමට පියා මැරෙනවා..පස්සේ ළමයා හිතින් සෑහෙන්නම දුක් වෙනවා "අනේ මම මගේ හිතින් ප්‍රාර්ථනා කලානේ මගේ තාත්තා මැරෙන්න කියලා...දැන් මට තාත්තා කෙනෙක් නැහැ...ඇයි මම එහෙම හිතුවේ,දැන් මගේ තාත්තා මැරිලා".. දැන් මේ ළමයා සමාජය ගැන දරණ අදහස කොයි වගේ ද...??? මේ එක උදාහරණයක්..ළමයි ඉන්න තැන ලොකු මිනිස්සු වැඩ කරන්න ඕන විදියක් තියෙනවා ඒ ළමයට අදාල නැති මාර්තෘකා යටතේ කතා නොකර සිටිය යුතුයි..ප්‍රධානවම..නිතරම ළමයා ගැන අවදානයෙත් ඉන්න ඕන..ජීවිතය කියන්නේ සල්ලි විතටක්ම නෙමෙයි නේ...ජීවිතේ අපි ඔය කියන සල්ලි මිටි ගහලා අන්තිමට හුස්මක් කටක් අරන් හැරිලා බලද්දී..
    අපි මඟ හැරපු ඊට වඩා වටින දේවල් අපිට නැති වෙලා තියෙන්න පුලුවන්..විශේෂයින්ම දරුවෝ.....

    අපි නොහිතන විදියට කුඩා ළමුන් අපි කරන කියන දේ ගැන ඉතා අවදානයෙන් ඉන්නවා..මොකද එයාලා දේවල් ගැන ඉගෙනීමේ ආසාවෙන් ඉන්නේ..
    ඒ නිසා ආකල්පමය වෙනසක් අවශ්‍යයි කියලා හිතනවා නම් ඒ දේ මුලින්ම විය යුත්තේ ගෙදරින්....
    මේ මම දරණ අදහස....
    ස්තූතියි යාළුවා..
    REP 2+ (කොල්ලෝ දෙන්න විදියක් නැහැ ලු වටයක් දාලා එන්නලු...).
     
    Last edited:

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    ආකල්පමය වෙනසක් අති කොට මෙවැනි දේ නතර කිරිමට හැකි නම් එය ඉතා යෝග්ය විසදුමක් වනු ඇත් නමුත් එවැනි ආකල්පමය වෙනසක් ඇති කිරීම යනු සැබෑ නොවන සුන්දර සිහිනයක් පමනි. නීතීයෙ ඇතී සිදුරු වසා
    ,දදුවම් දඩි කල යුතුයි.
    police-girls-and-women11.jpg
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    අවුරුදු 30 යුද්ධය අවසන් කරපු එකටයි යුද හමුදාවටයි කෙලවන එක තමයි මේ ලිපියේ යටි අරමුණ ...උන්ගේ 0 කි ..අපේ 25 කි ...පාඩුව 25 කි ....එහෙම උනානම් ඔයාලට හරි ජොලි නේ ....කොහොමද දුන්න ගේම ...රිදිලා හොදටම ....
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මේ කතාව තමයි අන්තිමට බැලුවම ඇත්ත...
    "ආකල්පමය වෙනසක් සිදුවිය යුතුයි කියන එක තමයි" මේකෙනුත් මට තේරෙන විදියට කියවෙන්නේ..
    ඒ දේ මූලිකවම පවුල යන කුඩාම සමාජ ඒකකය හරහා වර්ධනය විය යුත්තක්..
    මිනිස් ජීවිතයක ඇති වටිනාකම ලමයා මුලින්ම අවබෝධ කර ගන්නේ තමන්ගේ දෙමව්පියන් හරහා...
    අද වෙලා තියෙන්නේ මිනිස්සු ඔක්කොම රජය කරන කන් කරලා දෙයි කියලා බලා ගෙන ඉන්න එක..මේ රජය නොකරොත් ඊළඟට එන එක කරලා දෙයි කියලා හිතන එක...

    පියා හා මව අතර තියෙන ආදරණීය බැඳීම ළමයට දැනෙනවා නම් එයා හිතනවා සමාජයත් මගේ අම්මා තාත්තා වගේම මිනිස්සුන්ගෙන් පිරුණ එකක් කියලා..
    අද සාමකාමී ජීවිත ගෙනියන පවුල් වලට මම දැකලා තියෙන්නේ ඉතාම අතලොස්සයි..
    මේ ගැන සෑහෙන්නම බන කියන්න පුලුවන්..
    ඒත් විය යුත්තේ ප්‍රායෝගිකව කොතරම් දුරට බල පැවැත්වෙනවාද කියන එක..
    අපිට රට හදන්න කලියෙන් අපි හැදිලා ඉන්න ඕන..

    මම මෙහෙම උදාහරණයක් කියන්නම්..
    "එක්තරා වසය අවුරුදු 7ක ළමයෙක් මානසික් උපදේශනයක සායනික විදියට සහභාගි වෙනවා..ඒ ලමයාට කිසිම ශාරීරීක ආබාධයක් නැහැ..ඒ ළමයාගේ අම්මා විතරයි ඉන්නේ පියා ඊට මාස 2කට කලින් මිය ගිහින් තියෙනවා..ඉතින් මේ මව කියනවා මේ ළමයගේ ඒ සිදුවීමෙන් පස්සේ ඉඳන් කිසිම ක්‍රියාකාරී සිදුවීමක් නැහැ..(සෙල්ලම් කරන,පාඩම් වැඩ කරන) ඉතින් අපිට හිතෙන්නේ මොකද්ද මේ ළමයට පියා නැති වීමේ සාංකාව කියලා නේද..???..ඉතින් ටික දවසකට පස්සේ උපදේශනය අතරතුර දී මව, පියා යටතේ කියනවා පියා ටිකක් බීමත් ලු,සිගරට් බොනවාලු.සමහර දවස් වලට බීමත්ව රංඩු කරනවලු......දැන් අපිට පියා ගැන මොකද හිතෙන්නේ.???..ක්‍රියාවලියේ තව ටිකක් ඉදිරියට යනකොට අපි දැන ගන්න ලැබෙනවා..පියා බොහෝ දවස් වලට බීමත්ව ඇවිත් බිරිඳට ගහනවා කියලා...හරි දැන් අපි ළමයාට යොමු වෙමු...
    මේ සිදුවීම් සියල්ලම අවසානයේ ළමයා කතා කරනවා..ළමයා මවට පියාට වැඩිය ආදරෙයි...(අවු.7යි) මේ ළමයා දකිනවා පියා මවට පහර දෙනවා..ළමයාගේ හිතේ පියා ගැන සෑහෙන වෛරයක් ඇති වෙලා..."කොටින්ම ළමයා ඒ හැම මොහොතමක සිතින් හිතලා තියෙනවා අනේ මගේ තාත්තා මැරෙනවා නම් කොච්චර හොඳ ද කියලා..." අන්තිමට පියා මැරෙනවා..පස්සේ ළමයා හිතින් සෑහෙන්නම දුක් වෙනවා "අනේ මම මගේ හිතින් ප්‍රාර්ථනා කලානේ මගේ තාත්තා මැරෙන්න කියලා...දැන් මට තාත්තා කෙනෙක් නැහැ...ඇයි මම එහෙම හිතුවේ,දැන් මගේ තාත්තා මැරිලා".. දැන් මේ ළමයා සමාජය ගැන දරණ අදහස කොයි වගේ ද...??? මේ එක උදාහරණයක්..ළමයි ඉන්න තැන ලොකු මිනිස්සු වැඩ කරන්න ඕන විදියක් තියෙනවා ඒ ළමයට අදාල නැති මාර්තෘකා යටතේ කතා නොකර සිටිය යුතුයි..ප්‍රධානවම..නිතරම ළමයා ගැන අවදානයෙත් ඉන්න ඕන..ජීවිතය කියන්නේ සල්ලි විතටක්ම නෙමෙයි නේ...ජීවිතේ අපි ඔය කියන සල්ලි මිටි ගහලා අන්තිමට හුස්මක් කටක් අරන් හැරිලා බලද්දී..
    අපි මඟ හැරපු ඊට වඩා වටින දේවල් අපිට නැති වෙලා තියෙන්න පුලුවන්..විශේෂයින්ම දරුවෝ.....

    අපි නොහිතන විදියට කුඩා ළමුන් අපි කරන කියන දේ ගැන ඉතා අවදානයෙන් ඉන්නවා..මොකද එයාලා දේවල් ගැන ඉගෙනීමේ ආසාවෙන් ඉන්නේ..
    ඒ නිසා ආකල්පමය වෙනසක් අවශ්‍යයි කියලා හිතනවා නම් ඒ දේ මුලින්ම විය යුත්තේ ගෙදරින්....
    මේ මම දරණ අදහස....
    ස්තූතියි යාළුවා..
    REP 2+ (කොල්ලෝ දෙන්න විදියක් නැහැ ලු වටයක් දාලා එන්නලු...).

    :rolleyes::rolleyes::rolleyes::love::love::love:;)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අවුරුදු 30 යුද්ධය අවසන් කරපු එකටයි යුද හමුදාවටයි කෙලවන එක තමයි මේ ලිපියේ යටි අරමුණ ...උන්ගේ 0 කි ..අපේ 25 කි ...පාඩුව 25 කි ....එහෙම උනානම් ඔයාලට හරි ජොලි නේ ....කොහොමද දුන්න ගේම ...රිදිලා හොදටම ....
    ඇත්තටම හමුදාවෙ කියලා එකෙ ඉන්නෙ අලි පු*න් ආපු උන් නෙමෙයි ඉන්නෙ. ඒකෙත් ස්ත්‍රී දූෂකයො, හොරු, මන්කොල්ලකාරයො, බේබද්දො ඉන්නව... උඹ ලිඳක ඉන්නව කියලා ලියපු එකෙන්ම පේනව. ඔන්න ගිය සතියට එපිට සතියෙ ඉරිදා දිවයිනේ තිබුනා. හමුදාවෙ කෙල්ලො දූෂනය කරපු, හමුදා කොල්ලොන්ගෙ ගෑනු දූෂනය කරපු. විනයාර්ක්ෂක හමුදාවෙ ලොක්කෙක් ගැන. යුද්ධෙ දිනුවා කියලා හමුදාකාරයො කරන වැරදි සාධාරණීයකරණය කරන්න බෑ
    me lipiye patu aramunak thiye.. aya kiyawala balahalla..

    ඇයි උඹ හිතාගෙන ඉන්නෙ හමුදාවෙ උන් රහත් වෙලා කියලද?

    kathawa aththa
    gudpost

    eth machan waradakarayata aniwaryenma daduwam denna one..

    :no::no::no::no:
     
    • Like
    Reactions: pcud