ඇඳුමකින් කෙනෙක්ගේ සංවරකම තීරණය වෙනවා කියන එක වැරදියි. ඒක එහෙම වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. ඔබ දැඩි කාමාශාවකින් බලන කොට ඇඳුමක් අඳින තරුණිය සමහර විට ඇයට පහසු නිසා ඒ ඇඳුම ආවා වෙන්න පුලුවන්. නැත්තනම් කවුරුහරි කොල්ලෙක් දැලේ දාගන්න ආවා වෙන්නත් පුලුවනි. ඒ නිසා අපිට ඒක 100% කියන්න බෑ.
මේකට මේ ඇඳුම අඳින්න,.... අරකට අර ඇඳුම අඳින්න කියලා නියම වුන එක සමාජසම්මතයක්.ඒක එහෙම වෙලා තියෙන්නේ සංවරකම කියන හේතුවටම නෙවෙයි. හේතු විශාල ප්‍රමාණයක් තියනවා.
එහෙම නෙමෙයි. ඔබට දුවක් හෝ සහෝදරියක් ඉන්නවා නං ඇය කොට ඇඳුමක් ඇඳගන ඉන්නවා දැක්කාම ඔබට කාමුක හැඟීම් පහල වෙනවද ? ඔබේ අම්මා කොට ඇඳුමක් ඇඳන් ඉන්නවා දැක්කාම ඔබට කාමුක හැඟීම් පහල වෙනවද ? (එහෙම පහල වෙන අයත් ඉන්නවා. ඒ අයට නම් මානසික ප්‍රථිකාර කරන්න ඕන)
නෑ නේ...
එතකොට ඒ ජාතියේම කොට ඇඳුමක් ඇඳගන යන නාඳුනන කාන්තාවක් දැක්කාම ඔබට රාගය ඇතිවෙන්නේ ඇයි ? ඔබේ රාගය ඇවිස්සෙන්නේ ඇයි ??
උත්තරේ සිම්පල්... ඔබ හිතන විදිහ... ඔබේ හැඟීම් ඇති වෙන විදිහ නිසා..
ඒ කියන්නේ රාගය,කාමය, ඔය කිසිම දෙයක් තියෙන්නේ බාහිරව නෙවෙයි. තමා තුලමයි.