කෙල්ලන්ට. කොල්ලන්ට පාඩුවේ ලව්........
නව සූදු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඔස්සේ කැසිනෝ ගැහිල්ල දිරි ගන්වන්නට පියවර ගෙන ඇති ලංකාවේ ආණ්ඩුව දැන් දැන් සිය පුහු සුචරිතවාදය අතහැර දමා යථාර්ථවාදී හෙවත් ධනවාදී වීමට හා හා චම්පික රණවකගෙන් ණයට ගත් නලින් ද සිල්වාගේ ඊනියා 'සිංහල බෞද්ධ' වලිගෙ කපා දමමින් මොඩ් වීමට සැරසෙමින් සිටින බව සතුටින් දැනුම් දෙමු.
කෙල්ලන්ට. කොල්ලන්ට පාඩුවේ ලව් කරගෙන ඉන්නට ඉඩ දීම උන් කැරැලි ගැසීම සඳහා පෙළඹවීමට වඩා හොඳ බව ආණ්ඩුවට තේරී ඇත.
ඒ අනුව, කොල්ලන්ට, කෙල්ලන්ට ලව් කරන්නට උද්‍යාන හදන්නට තරුණ සේවා සභාව පියවර ගෙන තිබේ.
ඒ අනුව සෑම පළාතකටම තරුණ උද්‍යාන එක බැගින් තරුණ උද්‍යාන නවයක් ඉදිරි වසර කීපය ඇතුළත ආරම්භ කරන බවත් එහි පළමු තරුණ උද්‍යානය බත්තරමුල්ල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ලබන වසරේ මාර්තු මාසය වන විට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා අද දිවයිනට පැවසීය.
අපට කියන්නට ඇත්තේ ජය වේවා! කියා ය. එසේ ම එක එක මානසික රෝගී පිංගුත්තරයන්ට තරුණ සේවා සභාව බිය නො වේවා යි ද අපි ප්‍රාර්ථනා කරමු.
විශේෂයෙන් අපේ රටේ තරුණ තරුණියන්ට නිදහසේ කතා කරන්න, කාලය ගත කරන්න, පෙම්වතුන්ට ඔවුන්ගේ අදහස් හුවමාරු කරගන්න, කලාකරුවන්ට ඔවුන්ගේ කුසලතාවන් පෙන්වන්නට මෙතෙක් නියමිත ස්ථානයක් නොමැති බැවින් මෙසේ තරුණ උද්‍යාන පිහිටුවීමට කටයුතු කළ බව ලලිත් පියුම් පෙරේරා පවසයි.
වෙන වෙන ආලවට්ටං දමා කීවාට මේ උද්‍යාන සැලසුම් කළේ ම කොල්ලන්ට, කෙල්ලන්ට ලව් කරන්නට තැනක් හැටියට ය. ලිංගික අසහනයෙන් පෙළෙන ඇතැම් පොලිස් නිලධාරීන්, විශ්ව විද්‍යාල උප කුලපතිවරුන් වැනි අයියලා දැන් ලව් කරන කොල්ලන්ගෙන් කෙල්ලන්ගේ පෙට්ටි පරිස්සම් කර දීමේ වගකීමක් බලෙන් පවරාගෙන උදලු අරන් ආතල් මැද්දට කඩා පනින තත්වයක් තිබෙන නිසා මෙවැනි කලාප පිහිටුවීම කාලෝචිත ය. එමෙන් ම ඒවා උදලුකාරයන්ට තහනම් කලාප කළ යුතු ය. ඉස්සර විහාර මහා දේවී උද්‍යානයේ මැද හිලක් ඇති පත්තර බලා අහිංසක සතුටක් ලැබූ අංකල්ලා සම්බන්ධයෙන් කුමන පියවරක් ගනු ලබන්නේ ද යන්න වෙන ම සාකච්ඡා කළ යුතු ය.
අනෙකුත් කාර්යයන්ටත් අවස්ථාව ලැබෙන පරිදි හා අවහිර නො වන පරිදි ලව් කිරීම පෙම්වතුනි, ඔබගේ වගකීමක් බව සිතට ගන්න.