කෙල්ලව~හිනස්සමු

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙ වගෙද............

    ඔන්න මම අද ලස්සන ටෙඩියෙකුයි මුද්දකුයි ෆර්ෆියුම් එකකුයි ගත්තා..
    පසසේ ඇඳුමක් අරන්දෙනවා..
    අතේ ගොඩක් සල්ලි නැහැනේ මේ දවස්වල...
    ෙ=අයිඩියා එක මටත් තිබ්බා... ඒත් ඔයා ආයෙත් ඒක මතක් කරපු නිසා හිතට වැදුනා බොක්කටම...
    ගර්ල් ෆ්‍රෙන්ඩ් මට තෑගි දුන්නට මට එයාට මොනවත් දෙන්න බැරි වුනා..
    ෆෝන් 1 විතරයි මම එයාට අරන් දීපු 1කට තිබ්බේ..
    ඒත් දැන් එයා සතුටුවෙයි මේ තෑගි ටික දීලා කිස් එකක් දුන්නම...

    ඔව්, අනිවාර්යෙන් ම..
    මෙහෙම නේ කොල්ලෝ..
    දැන් අපිට කවුරු හරි තෑග්ගක් දුන්නාම..
    දැනෙන සතුට ඒ අයටත් අනිවාර්යෙන් ම දැනෙනවා..
    ඒ හින්දා මේ වගේ වේලාවකදි වගේම හැම ක්‍රියාවක් කරද්දිම හිතන්න ඕනේ..
    මේ කරන්න යන සිදු විම ඔස්සේ මගේ කෙල්ල කැමැත්තක් දක්වයි නේ කියන
    සිතුවිල්ල පහල වෙන්න ඕනේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේකේ ගොඩාක් ඒවා ඇත්ත මචං.. අත්දැකීමෙන් කියන්නෙ.. :):)
    ඒත් ඔය දේවල් වලින් සන්තෝස වෙන්න ඒ කෙල්ලත් තමන්ට ගොඩක් ආදරේ කරන කෙනෙක් වෙන්න ඕනේ.. :)
    නියම ත්‍රෙඩ් එකක් මචං.. :)

    මේවා නම් මගේ කෙල්ලට වැඩ කරනවා බන්..

    ඔව්, අනිවාර්යෙන් ම..
    දෙදෙනෙක් ගේ හදවත් දෙකක් එකතු වෙන්නෙ
    විශ්වාසයයි දෙදෙනාම අතර ඇති වෙන අවබෝධයයි පදනම් වයි...
    ඉතින් ඒ දෙක.. එකතු වුන දවසකයි ආදරය ඇති වෙන්නේ..
    ඉතින් ඒ දේ තියෙනවා නම්. මේ දේවල් කලාට කාරි නෑ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    elama thama :# try karana balanna wdiyak thama tihn neththeee

    mata mona kelloda,issella kellek set karan inna one


    මේ ඔක්කොමට කලින්, කෙල්ලෙක් හොයාගන්න.. :lol:

    කොහොමත් මේ ජිවිතයේදි කවදා හරි..
    දවසක අපිට ආදරය කරන්න කෙල්ලෙක් අපේ ජිවිතයට එනවා..
    ඒ හින්දා ඒ දවස කොයි මොහොතේ උදාවෙයි ද කියලා කියන්න බෑ..
    ඒ හින්දා බලාපොරොත්තුව මට ඉදගෙන ජිවත් වෙන්න උත්සහ කරන්න..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Hari machan karala baalannam... sure wade hariyai neda?????

    හොයන්න වෙලා ගියා....
    මේ තියෙන්නේ .....

    ඔව්, අනිවාර්යෙන් ම ..
    කරලා බලන්න කෝ.. වෙනස හදුනා ගන්න..
    ආහ්.. ඒකයි මේකයි හුගාක් වෙනස් නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    massina

    Active member


  • බොහෝ දෙනෙකුගේ මුහුණෙන් හිනාවක් දැක බලා ගන්න නම්..
    අපි පෙරුම් පුරා බලාගෙන ඉන්න වෙනවා.. තවත් සමහරුන් හිතේ දුක තියාගෙන ඒ දුක මිනිසුන්හට පෙන්නන්නේ නැතිව හිනා වෙනවා..
    ඒයින් තවත් සමහරක් හිතේ වෛරය තියාගෙන කුහක කමට හිනා වෙන පිරිසකුත් ඉන්නවා..
    හ්ම්, ඒ වගේම අහිංසකත්වය පෙරදැරි කරගෙන ඒ අයගේ පල ප්‍රයෝජනය ලබා ගැනිම උදෙසා හිනා වෙන පිරිසකුත් ඉන්නවා..



    හරි මම දැන් මේ විදියට විග්‍රහ කලේ අද හිනාව ගැන කතා කරන්න නෙවෙයි..
    අද මම අත් දැකිමෙන් දැක්ක දෙයක් තමයි තම ආදරවන්තයන් තම ආදරවන්තියගේ හිතේ සතුටක් ගෙන නොදෙන
    ආකාරයෙන් කටයුතු කරන්න පෙලඹිලා ඉන්නවා..


    ඒ කියන්නේ කොයි තරම් කෙල්ලට ආදරේ කලත් ඒ කෙල්ලගේ හිතට කවදාවත් විහිළුවෙන් තොරව ජිවත් වෙන්න උත්සහ
    කරන පිරිසකුත් ආදරවන්තයන්ගේ ලෝකයේ ජිවත් වෙනවා


    කෙල්ලෝ පව් ඇත්තටම අපි ආදරේ කරද්දි අපි ඒ කෙල්ලව පාලනය කරන්න ඕන එක ඇත්ත..
    ඒත් ඒ කෙල්ලව අයුතු විදියට බලපෑම් ඇති කරන්න උත්සහ කරන්න එපා.. එකෙන් වෙන්නේ කෙල්ල තමන් ගැන හිතේ ආදරයක් තිබ්බත්
    කිසිම නිදහසක් නැතිව කුඩු කරපු කුරුල්ලෙකුගේ ජිවිතය හා සමාන ජිවිතයක් ගත කරන සිදු විම..
    එකෙන් අපි හිතන්න නරකයි එහෙම කල පලියට අපිට ඒ ආදරය උපරිමයෙන් ලැබෙන විත්තිය..

    ආහ්.. සමාවෙන්න.. මම මාතෘකාවෙන් පිට යනවා වගේ දැනුනා.. ආදරය ගැන කතා කරද්දි මට මෙහෙම වෙනවා..
    කොහෙද ඉන්නේ කියලාත් දැනෙන්නේ නෑ..
    ;)


    හරි මම අද කියලා දෙන්න හදන්නේ තමන් ආදරේ කරන කෙල්ලව හෝ යාලු මිත්‍ර යෙහෙළියෙක් ව.. සතුටින් තියා ගන්නා ආකාරය..
    බලන්න කෝ මේ ක්‍රම වලින් ඔයාගේ කෙල්ලට හිනා ව වගේම සතුටක් කොයි තරම් ගෙන දෙයි ද කියලා..



    • ඇයට කියන්න ඔයා හරිම ලස්සනයි කියලා..

    • ඇයගේ අත අල්ලා ගන්න කොයි මොහොතේ වුනත්.. වැඩි වේලා අල්ලා ගන්න ඕනේ නෑ තත්පර ගාණකට වුනත් කමක් නෑ

    • පිටි පස්සෙන් ඇවිත් ඇයව වැළද ගන්න ( බය කරන්න උත්සහ කරන්න එපා )

    • උදේට නැගිටින්න තියෙන එලාම් එකට කෙල්ලගේ කටහඩ ඇතුල් කරන්න ( තමන්ගේ ජංගම දුරකථනයෙන් මේ ක්‍රියාවලිය කරන්න පුලුවන් )

    • ඇයත් එක්ක පොර බදින්න ( මේ ක්‍රමේ නම් ඉතින් හැමෝටම රුස්සන්නේ නම් නැති වෙයි )

    • සටහනකින් හෝ දුරකථනයෙන් හරි හලෝ කියන්න... (එතකොට ඇයට සතුටක් ගෙන දෙයි කොයි තරම් කාර්ය බහුල වේලාවකදි වුනත් ඔබට ඇයව අමතක නොවි ඇති බව )

    • ඔයාගේ යාලුවන්ට ඇයව හදුන්වලා දෙන්න මේ ඉන්නේ මගේ ආදරවන්තිය බව..

    • ඇයගේ හිස කෙස් එක්ක සෙල්ලම් කරන්න..

    • ඇයව වඩා ගන්න උත්සහ කරන්න ( හැබැයි මේ දේ ප්‍රසිද්ධියේ කරන්න යන්න එපා / පෙම්වතිය තරබාරු නම් මේ ක්‍රමේ නොකරා ඉන්න එක ඇගට ගුණයි. ;) )

    • ඇයව වෙනත් කොල්ලෙක් වැරදිමකින් හරි ඇල්ලුවා නම්.. ඒ දේ වෙනුවෙන් තරහා ගිය ගතියක් පෙන්නුම් කරන්න. ඒ සිදු වු දේට කැමැත්තක් නැති බව පෙන්නුම් කරන්න..

    • ඇය දුකෙන් ඉන්නවා නම්.. ඇයව සිප ගන්න ( තොල් වලටම කියලා නෑ නළලට වුනත් කමක් නෑ. ;) )

    • කිසිම දෙයකට බය වෙන්න එපා මම ඉන්නවා ඔයා ලග කියලා කියන්න..

    • ඔබේ හොදම යාලුවා පැමිණි අවස්ථාවේදි වුනත් පුලුවන් තරම් ඇයත් සමග එකට ඉදගෙන කාලය ගත කරන්න..

    • ඇයගේ ඇස් දිහා බලලා හිනා වෙන්න..

    • පුලුවන් තරම් සති අන්තයේදි ඇයත් එක්ක කාලය ගත කරන්න බලන්න ( අඩුම තරමින් ෆිල්ම් එකක් හරි බලන්න එක්ක යන්න / බොක්ස් එකට නෙවෙයි :frown: )

    • වැස්සක් වහින අවස්ථාවේදි ඇයට හාදුවක් දෙන්න ( මේ ක්‍රමයට බොහෝ කෙල්ලෝ කැමැත්තක් දක්වනවා )

    • ඔබ ගේ ප්‍රියතම සිංදුවක් යන අවස්ථාවේදි ඒ සිංදුවට ඇයටත් සවන් යොමු කරන්න කියන්න..

    • ඇය ඔයාගේ උපන්දිනයට හෝ මොනයම් හේතුවකදි වුනත් තෑග්ගක් දුන් අවස්ථාවේදි ඒ තෑග්ගට කැමැත්තක් තිබ්බාත් නැතත්.. ඇයට කියන්න මේ තෑග්ගට මම කැමැතියි කියලා..

    • තමන්ගේ කලින් හිතවත් යෙහෙළියන් ඉදිරිපිටදි හෝ තම පෙම්වතියගේ යාලුවන් ඉදිරිපිට උනත් ඇයට හාදුවක් දෙන්න උත්සහ කරන්න..

    • පුලුවන් තරම් ඇයට දුරකථනයෙන් හරි කතා කරන්න උත්සහ කරන්න.. නිදා ගන්න යද්දි වුනත් කතා කරන්න පැය ගානක් ඕනේ නෑ විනාඩි 2 හෝ 3 ක් වුනත් ඇති.. ( හැම කෙල්ලෙක් ම කැමැතියි නිදා ගන්න කලින් අඩුම තරමින් අපේ කටහඩ අහනවාට.. ;) )

    • ඇයගේ හිතේ කැමැත්තක් තියෙන දෙයක් ඇයට නොදන්වා ඇය වෙත ලබා දෙන්න උත්සහ කරන්න..

    • හැම කොල්ලෙක් ම තම කෙල්ලට දෙන්න ඕන දේවල් 3ක් තියෙනවා..
    ඒ මොනවාද කියලා කියනවා නම්.. රෙදි වලින් නිම කල බුල් හෝ නැති ටෙඩි බෙයාර් කෙනෙක් ( ඇය ඔබව මතක් කරගෙන හැම මොහොතේම ඒ ටෙඩිට හාදු දි නින්දට යයි.. ;) ) ඒ වගේම ආභරණ ( රත්තරන් වලට වඩා රිදි වෙනවා නම් තමයි බොහෝ කෙල්ලෝ කැමැති වෙන්නේ )
    ( ඒ දේ ඇය ජිවිතය පුරාවටම ලැබුනු වටිනා වස්තුවක් හැටියට තමන් ලග තියා ගනි.. ) අනික කලාතුරකින් දකින්න ලැබෙන ලස්සන ටී-ෂර්ට් එකක්.. ( ඇය ඒ ඇදුම පුලුවන් තරම් නිදාගන්න යද්දි ඇදිමට කැමැත්තක් දක්වයි.. )

    • ඔයා ඇත්තටම ඇයට ආදරේ නම්, ඇයට ඒ ආදරය දැනෙන්න ඉඩ සලස්වන්න..

    මම මේ කියපු දේවල් තම පෙම්වතියට කරන්න උත්සහ කරන්න..
    ඒ වගේම ඇයව සතුටින් තියන්න උත්සහ කරන්න.. මේතාක් කල් තම පෙම්වතියට වෙනස් කමක් කලා නම්..
    ඒ හැම දෙයක් ම අතහැරලා මම කියපු ආකාරයෙන් කරන්න උත්සහ කරන්න..

    ඒසේ කලා නම් අපිට කවදාවත් මේ සමාජයේ තම පෙම්වතිය අතහැර ගියා කියලා දුක් වෙන්න ඕන වෙන්නේ නම් නැති වෙයි...

    ඔයාලගේ අදහස් දැන ගන්නත් මම කැමැතියි..






    මේවා කරලා කෙල්ල කෙසේවෙතත් රටේ මිනිස්සුනම් දෙපැත්තෙන්ම හිනාවෙයි.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    මේවා කරලා කෙල්ල කෙසේවෙතත් රටේ මිනිස්සුනම් දෙපැත්තෙන්ම හිනාවෙයි.

    මේවා ඉතින් කරන්නේ කෙල්ලගේ හිත දිනා ගන්න නේ.. ඒ කෙල්ල
    කොයි තරම් ප්‍රශ්න තිබ්බාත් ඒ ප්‍රශ්න වෙනත් අතකට හරවලා ඒ කෙල්ලගේ හිතේ දුක නැති කරන්න නේ..
    අනික කවුද අකමැති වෙන්නේ මේ වගේ විනෝදයෙන් ජිවිතය ගත කරනවා නම්..
    මේවා ඉතින් ප්‍රසිද්ධියේ මිනිසුන් හැමෝම ඉස්සරහා කරන වැඩ නෙවෙයි නේ කොල්ලෝ..
    ඒක තේරුම් ගන්න..
    මම නම් හිතන්නේ නෑ.. කොල්ලෝ ඔයාගේ හිතේ ආදරයක් කවදාවත් ඇති වේලා ඇති කියලා..
    ඒකයි මේ වගේ ඉවක් බවක් නැතිව අදහස් දක්වන්නේ..