මෙහෙමත් කෙල්ලෝ කියල කිවෙ ඉතින් මේ ලියන එකා කොල්ලෙක් හින්ද.කියවගෙන යනකොට මෙහෙමත් කොල්ලො කියල කට්ටියට හිතෙන්නත් පුළුවන්.ඕං එතකොට වරදවා හිතනව එහෙම නෙමෙයි.මේ සීන් එක කලින් ප්ලෑන් කරල වෙච්ච දෙයක් එහෙම නෙමෙයි.සියල්ල අහඹු සිදුවීම්.මේකනම් මගෙ පටි හොඳටම රෝල් වෙන කතාවක්. ටැංකියෙ ගෝල්ඩ් fish කොලුවත් දවසක් අවවාද කෙරුව ලියන මඟුලක් ව්‍යංගාර්තයෙන් ලියපන් මෙහෙම කෙලින්ම ඇදල දාන්නෙ නැතුව කියල.වැටෙන්න ඉන්න බඩුවක්වත් වැටෙන්නැති වෙයිලු.යාළු මාළුවගෙ කතාවත් ඇත්ත තමා.ඔන්න ඔහෙ ඕනෙ මඟුලක්.....මේ පැත්තෙ ඉතින් ට්‍රයි කරණ කෑල්ලකුත් නෑනෙ.තාම අපේ ගෙවල් කිට්ටුව කවුරුවකුත් මේ බ්ලොගය කියවපු පාටක් නෑ.ඒක හින්ද ඔන්න ඔහෙ අවුලක් නෑ.
දැන් මේ සීන් එකේ කොල්ලගෙ නම "ප්‍රදීප්" . ඌ මගෙ ඒ දවස්වල බොක්කක්.කෙල්ල "චතුරිකා". දෙන්නම අපේ ගමේ.ටිකක් ගෙවලුත් කිට්ටුව.චතුරික මගෙ කෑල්ලව එහෙමත් හොඳට දන්නවා.මොකද සමහර දවස් වලට ප්රදීපයයි මමයි කෑලිත් එක්ක ෆිල්ම් බලන්න යන්නෙ එකට.ඉතින් කෙල්ලත් එක්ක ෆිල්ම් එක බලල හෝල් එකෙන් එලියට එනකොට ඇතුලෙදි විවිධ ශිල්ප දක්වන්න ගිහිල්ල කෑල්ලගෙ ඇඳුම් එහෙමත් ටිකක් පොඩි වෙලානෙ තියෙන්නෙ. හික්..........අපේ නම් ඔය ඩෙනිමෙයි ටීයෙයි මොනව පොඩි වෙන්නද..?එහෙම ඉතින් එලියට ආපුවාම ඇතුලෙදි ගැලවුන කටු,පටි,බොත්තම්,අයිලට් එහෙම නැවත පෙර තිබූ පරිදි සකස් කර ගන්නෙ ඒ දෙන්නගෙ සහයෝගෙන්.ඔහොම ,ඔහොම ඉතින් ඒ දෙන්නට දෙන්නත් යාළුවො උනා.
ඔය විදියට කාලෙ ගෙවීගෙන යනකොට එක මාර්තු මාසෙක ගමේ අපේ අසල් වැසියො ටික සෙට් උනා සිරීපාදෙ යන්න.පහලොස් දෙනෙක් විතර හිටියා.අපේ ගෙදරින් මමයි,චතුරිකාලගෙ ගෙදරින් එයයි අක්කයි,අක්ක බැඳපු අයියයි තමා විශේෂෙකට හිටියෙ.අනිත් අය අහල පහල මැදි වයසෙ බුවාල බුවියො.ආ..........කලින් කියන්න බැරි උනා.ප්‍රදීපයගෙ ලව් එක චතුරිකාලගෙ ගෙදරට මාට්ටු වෙලා දෙපැත්තෙන්ම හෙන කේස් වැටිල තිබුනෙ ලව් එකට.ඒ උනාට දෙන්නගෙ ප්‍රේමයනම් සැමට හොරෙන් සුන්දරව ගලාගෙන ගියා.දැන් ඔන්න අපි ට්‍රිප යනවා.හවස තුන හතර විතර වෙනකොට නල්ලතන්නිය කිට්ටුවට ලඟා උනා.සති අන්තයක් හින්ද කට කපල සෙනඟ.කොහෙදෝ ගාමන්ට් එකක හෙන සෙට් එකකුත් බැහැල.මගෙ අම්මෝ..........!!එතනත් කෙල්ලො හාර පන්සීයක් විතර ඉන්න ඇති.දැන් ඉතින් ඔව්ව දිහා බල බලා අපේ නඩෙත් සිරිපා කරුණා කරන්න සූදානම් උනා.
අපේ සෙට් එකේ හිටපු උන්නම් මෙලෝ රහක් නෑ.ටිකක් ෆිට් එකෙකුට හිටියෙ චතුරිකාගෙ මස්සිනා. අපි හතර දෙනා ටිකක් වෙනමම වාගෙ ගමන ආරම්බ කෙරුවා.ඒ උනාට හැම තිස්සෙම නඩේ අය පේන දුරින් වාගෙ තමා හිටියෙ.අපි ඉතින් මුල හරියෙදි පඩි ගනන් කරන්න පටන් අරන් අනිත් අයට කලින් කලින් වාගෙ උඩට යැවුනා.කොහොම හරි සාම චෛත්‍ය හරියට එන්න හම්බ උනේ නෑ,අපේ සෙට් එක මඟ ඇරුනා.දැන්නම් ටිකක් විතර පදිරිත් උනා.පැය බාගයක් විතර බලන් හිටිය අපේ එක්කෙනෙක් හරි එයි කියල.ම්......හු... නෑ.මේ බලන් හිටපු ටිකට අපිව පහු කරගෙන ගියාද දන්නෙත් නෑ.කොහොම හරි දැන් සෙනග ගොඩේ අපි දෙන්න අතරමං උනා.කෙල්ල කියනව
"අනේ දිනේෂ්...ඉක්මනට අක්කල හොයා ගන්න, මට බයයි "
කියල.ඉතින් දෙන්න ටිකක් ආපහු පල්ලෙහාටත් ගියා.මොන පිස්සුද කවුරුවත් නෑ.ඒ පාර දැන් කරන්න දෙයක් නෑනෙ.මම
" අපි දෙන්න උඩට යමු.සමහරවිට මගදි කට්ටිය හම්බ වෙන්නත් පුලුවන්"
කියල කෙල්ලගෙ හිත ටිකක් හැදුවා.ඔන්න දැන් ප්‍රදීපයගෙ බඩුවයි මායි සිරීපාදෙ නගිනවා.කෑල්ල සිරා පාර.ඕනැම එකෙකුට දෙපාරක් හැරිල බලන්න තරම් ලස්සනයි.එතකොට එකට 19ක් විතර ඇති මගෙ හිතේ.මටත් 21යිද කොහෙද..කොහොම හරි පඩිපෙල් එහෙම මග ඇරල ෂෝට් කට් වලින් වැටවල් වලට එහා පැත්තෙන් තියන පස් කන්ඩි උඩින් පැන,පැන අපි දෙන්න ඉඳිකටු පාන ලඟට කිට්ටු කලා.ඔය යන අතර තුරේදි කැල්ලට පොඩි,පොඩි වාරු දෙන තැනුත් කීපයක් තිබුනා.සමහර තැන්වලදි එයාම අතේ එල්ලෙනවා.ඉඳිකටු පාන හරියෙ ඉදන්නම් පඩියක් උඩට නඟින්න විනාඩි දහයක් විතර එක තැන ඉන්න උනා.දැන් දෙන්නගෙම කකුල් එහෙමත් අම්බානකට රිදෙනවා.සෙනග වැඩි කමටම ප්‍රදීපයගෙ කෑල්ලත් මට හිරවෙලා අත හයියෙන් අල්ලගෙන ඉන්නවා.ටිකකින් හිමීට වාගෙ,
"කකුල් රිදෙනවා....."
ඒ පාර ඉතින් පව්නෙ අප්පා......කෙල්ලව ඉස්සරහට අරන් ඉන වටේ අත්දෙක දාල පොඩි සපෝට් එකක් දුන්නා.කොහොම හරි එහෙම විනාඩි දහයක් විතර ඉන්න ඇති.දැන්,දැන් සීතලත් උපරිමෙන් දැනෙනවා.මෙන්න බොලේ උඩ ඉදන් කවුද සෙට් එකක් පොඩි එකෙකුට හීතලේ වැඩි වෙලා අසනීපයි කියල කඩාගෙන බිදගෙන පල්ලෙහාට එනවා.ඒ බුවාලගෙ තල්ලුවත් එක්කම කෙල්ලගෙ ඉන වටේ දාගෙන හිටපු අත් දෙක..........අඟල් 15ක් විතර උඩට ආවනෙ.හික්.........හික්.........දැන් අර මොකද්ද ----------නිමල නිල් ජලාසෙ පැත්තෙ.ආපහු අත ගන්න හිතෙන්නෙත් නෑ."ගනින් අත......,ගනින් අත.....,දැන් දැන් කම්මුල් පාර ලඟයි.....,අත ගනින්......"ම්....හිත කියන තරම් අවුලක් නෑ වාගෙ.කෙල්ල කිසි කලබලයක් නෑ.එතකොටම මොකෙද්ද එකෙක් අපි හිටපු තැනින් ඇදල තිබුන කරන්ට් වයර් එකක් පටලගෙන..ඔන්න මීටර් 500ක් විතර දුරට ලයිටුත් නැති උනා.දැන් පට්ට කළුවරයි.ලඟ ඉන්න එකා පේන්නෙ නෑ.
විනාඩි දෙක තුනක් යන්න ඇති.
"දි....නේ......ෂ්...සීත......ලා......යි....."
කියන ගමන් මේං යකෝ කෙල්ල අනිත් පැත්ත හැරිල මාව බදා ගත්තෙ නැතෑ....!! මොකද්ද බොලේ මේ වෙන්නෙ......!හීනෙන්වත් හිතපු නැති දෙයක්නෙ මේ.ප්‍රදීපය එහෙම දන්නවනම්........!!!!ඌ දැන් මේ වෙලාවට මෙයා ගැන හීන දැක,දැක නිදි ඇති.මෙයා මෙහෙ වෙන කොල්ලෙක්ගෙන් උනුසුම ඉල්ලනවා.මල හු**යි.මට මෙලෝ සංසාරයක් හිතා ගන්න බැරි උනා."කොහෙද මේ ඉන්නෙ......,මොකද මෙච්චර සෙනඟ.." "ටිකකට උන් හිටි තැනුත් අමතක උනා.බොහොම අමාරුවෙන් පියවි සිහිය අරගෙන යාන්තම් තව පඩියක් උඩට නැග ගත්තා.කෙල්ලටත් ක්ෂණිකව මොකක් හරි සීන් එකක් උනා.තාම එහෙම්මමයි.....
"තව ගොඩක් දුරද....??"
යාන්තමට කොඳුරණව ඇහුනා.
"දන්නෑ චතූ......මොනාවත් පේන්නෙ නෑ...."
මේන් "චතූ" ලු. මෙච්චර වෙලා නංගි,එහෙම නැත්තන් "චතුරිකා" කිය කියා හිටියෙ. ඔන්න ටික,ටික ග්රහනය ලිහිල් වෙන්න ගත්තා."බඩගිනියි අනේ.....බිස්කට් තිබුන නේද...?"ඉක්මනට මම බෑග් එකෙන් බිස්කට පැකට් එකක් අරන් කැඩුවා.තාම ලයිට් නෑ.බිස්කට් එකක් එහෙම කන ගමන් ටික,ටික අපි මහ ගිරි දඹේ පැත්තට ඕං සේන්දු උනා.දැන්නම් කලින් දෙන්න අතර තිබුන නුහුරු නුපුරුදු ගතිය නෑ,නෑ වාගෙ.කාලයක ඉදන් දන්න කියන කෆල් එකක් වාගෙ. හැබැයි දෙබස් අඩුයි.ගමන විතරයි.ඇයි ඉතින් මොනව කතා කරන්නද....?අපි මේ වෙන වෙන අයට අයිති කට්ටියනෙ.කොහොම හරි යාන්තම් ඔන්න මළුවට කරුණාකර ගත්තා.අතල්ම වැඩේ කියන්නෙ මළුවෙ ඉර සේවෙ බලන ගමන් මෙයා කියනව
"අයියෙ ඔයාට ගොඩක් thanks මාත් එක්කම ආවට.ප්‍රදීප්ට මගෙ ආදරේ බිංදුවක්වත් අඩු උනා කියල එයාට කියන්න එපා"
කියල.අනේ අම්මපා...............මම හින්ද හොඳයි.දැන් මෙතන වෙන කෙනෙක් හිටියනම් එහෙම ඒත් ඔය ටිකමනෙ වෙන්නෙ.දැන්නම් මුකුත්ම ඔළුවට එන්නෙ නෑ.යාන්තන් ඉර සේවෙ බලල අපි ආපහු එන්න පිටත් උනා.අපේ නඩේ කවුරුවත් මේ වෙනකන් හම්බ උනේ නෑ.කන්ද නගිනකොට වාගෙ නෙමෙයි බහිනකොට වැඩිය ගේමක් නෑ.සෙනගත් නෑනෙ.ආපහු සීත ගඟුල දිහාට එනකොට කෙල්ලගෙ ටච් එක සම්පූර්ණයෙන්ම වාගෙ නැතුව ගියා.දැන් දෙන්න දෙපැත්තෙ.හිතට මහා හිස් කමක් වාගෙ දැනෙන්න උනා.චතුරිකත් බිම බලාගෙන යනවා.ඔන්න මතක් උනා මළුවටම එකයි කියල ගත්තු සුරුට්ටු දෙක.අප්පේ .....කටත් ඉඩ මදි වාගෙ .ඔන්න ඔහෙ ඕනැ එකක්.පත්තු කරල ඇද්ද උගුරක්.අම්මෝ.............දැනෙන සැහැල්ලුව.
"විසික් කරන්නකො ඕක..,මොකද්ද ඔය"
ෂිහ් ....කොයි කෙල්ලත් එකයි.මගෙ එකත් ඒ වාගෙ ,යාළුවගෙ එකත් ඒ වාගෙ.කොහොම හරි අපි වෑන් එකට ගිහිල්ල පැය තුනක් විතර ගියාට පස්සෙ තමා අනිත් අය එක්කෙනා දෙන්න ආපහු ආවෙ.යන්තන් 11ට විතර සේරමල සෙට් උනාට පස්සෙ ආපහු ගෙදර එන්න පිටත් උනා.ඔන්න ඔහොමයි මිතුරගෙ පෙම්වතියත් එක්ක සිරීපාදෙ ගියෙ 2002 දි.
ප:ලි- --------- = රණ හංස යුවල