කෙල්ලක් ඇහුවම කවදාවත් එක පාරටම හා කියන්න එපා, එහෙම කිව්වම කෙල්ල හිතන්නේ උබ ඒකිට ඇත්තටම ආදරේ නෑ, කෙල්ලෙක් නැති කමට (වේලෙන නිසා) කැමති වුනා කියලයි, කෙල්ලට කියන්න මෙහෙම, මගේ හිතේ ඔයා ගැන කැමැත්තක් තියනවා නමුත් ඒක ඇත්තටම ආදරේද කියලා තේරුම් ගන්න මට පොඩි කාලයක් දෙන්න, කියලා කියන්න, ඊට පස්සේ කියන්න, අපි එතකම් යාළුවෝ වගේ ඉමු කියලා, ඊට පස්සේ phone numbers share කරගෙන, හැමදාම වගේ කථා කරන්න, මුණ ගැහෙන්න. හැමදේම වචන නෙවෙයි ආදරයට එනකොට, සමහර ඒවා තේරුම් ගන්න ඉඩ හරින්න ඕනේ.
ඊට පස්සේ උබ කියන්න එහෙම යාළුවෝ වගේ ආශ්රය කරන කොට, මට ඔයාව හැමදාම මතක් වෙනවා, මට අමුතුම හැගීමක් එනවා ඔයාව දකින කොට, වගේ කියන්න, ඊට පස්සේ සතියක් දෙකක් වගේ යනකොට කියන්න උබ ඒකිට අදරේ කියලා. මෙහෙම කියන්න, මට ඔයාව නොදැක ඉන්නකොට නිකම් පිස්සු වගේ, ඔයාව මට හැමදාම මතත් වෙනවා, මම දන්නේනෑ මට මොනවා වෙලාද කියලා, මම පාරේ යනකොට වෙන කෙල්ලෙක් දිහා නිකමට බැලුවත් මට ඔයාගේ මූනමයි පේන්නේ, එක දවසක් වත් මම ඔයා එක්ක කථා නොකර හිටියොත් මට පිස්සු වගේ, මම හිතන්නේ මගේ හිත ඔයාට ආදරේ කරන්න පටන් අරගෙන, කියලා කියන්න අන්න එතකොට ඒක කෙල්ලට වදියි.