කෙල්ලෙක්, බඳීන්න

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ලඟදි මගෙ 31 birthday එක තිබ්බ. අඩේ office එකේ උංගෙන් මාර pressure එකක්නෙ බං එන්නෙ බඳින්නෙ නැද්ද කියල. මේකෙ වැඩිපුර ඉන්න නාකි ගෑණු අය මම office එකේ අයට කියල තියෙන්නෙ මට කෙල්ලෙක් ඉන්නව කියල. මට ඇති කෙල්ලෙක් නෑ. අඩේ මුං දැනටම වයස වැඩී බඳින්න බඳින්න කියනකොට මාර pressure එකක්නෙ බං එන්නෙ. බඳින්න තියා මට තවම කෙල්ලෙක්වත් නෑ 😂. අනේ මන්ද.
    dan pattarenwat kellek lesiykta hoya ganna naa habai paare awiddat kollo nati kaali innawa :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: nul

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    මේ කතාව නම් සහතික ඇත්ත 😂 ලංකාවේ ඉන්නවා නම් ඉතින් ඔහොම තමයි. සෑහෙන වදයක් දෙනවා. නෑයෝ වේයො , ගමේ ඈයෝ ඔය ඔක්කොටෝම බන්දාලා දෙන්න පුදුම උවමනාවන් තියෙන්නේ.
     
    Last edited:

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,864
    4,197
    113
    ලංකාවෙ ගම්වල පොන්නයො කියන්නෙ හරිහමන් රස්සාවක් නැතත්, ඉන්න තැනක් නැතත් 30 ට කලින් බැදලා ලමෙක් හදන්න ඕන කියලා. ඊට පස්සෙ එන ප්රෂ්න වලට ආන්ඩුවට බැන බැන ඉන්නවා.
    ජීවිතේ වැදගත්ම දේ තමයි තමන්ගෙ සතුට. දුක් විදින එකට නෙවෙයි ජීවත් වෙනවා කියන්නෙ. ඒකට කියන්නෙ කරුමෙ ගෙවනවා කියලා
    True

    Gay කියපන්. ආපහු අහන්නෙ නැහැ.
    එතන ලොල්ලෙක් හිටියොත් මූ ඉවරනේ යකෝ රස්සාව කරලත්
    ------ Post added on Nov 22, 2023 at 6:38 PM
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඔව් බන්, අනිත් උන් නෑදෑයො. කැරිම සාපයක් වෙලා තියෙන්නෙ මටත්.. ඔෆිස් එකේ ඉන්ටර්න් ආපු ජැෆ්නා පොඩි එකෙකුත් ලගදි මං එක්ක කෝල් එකේ ඉන්දෙද්දි ඇහුව කියපංකො අයියා මැරීඩ්ද කියල... :lol:
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    Gay කියපන්. ආපහු අහන්නෙ නැහැ.
    ආයතනෙම නම කැත උනා මේවැඩෙන් කියයි 😂
    මේ කතාව නම් සහතික ඇත්ත 😂 ලංකාවේ ඉන්නවා නම් ඉතින් ඔහොම තමයි. සෑහෙන වදයක් දෙනවා. නෑයෝ වේයො , ගමේ ඈයෝ ඔය කොක්කොටෝම බන්දාලා දෙන්න පුදුම උවමනාවන් තියෙන්නේ.
    ඔව් බං කට්ටිය කීවට මම හිතුවෙ නෑ බං එහෙම අවුල් කියල. කෑම එක කනකොටත් මුං කියනවනෙ දැං ඉතින් වයිෆ් කෙනෙක් උයල දෙන කෑම කන්න කාලෙ හරි කියල. උං කියන එක නෙවේ අවුල එතකොට මගෙ ලයිෆ් ඩිසිෂන් ගැන මටම ඩව්ට් එකක් එනව. මොකද මමත් එහෙම ප්ලෑන් එකකට වැඩකරන එකෙක් නෙවේනෙ.
    dan pattarenwat kellek lesiykta hoya ganna naa habai paare awiddat kollo nati kaali innawa :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඒකනෙ බං මොකද ලංකාවෙ කෙල්ලොන්ට උනේ ඔක්කොම උංට කොල්ලො ඉන්නවනෙ. හැබැයි කොල්ලො එකෙක්ටවත් කෙල්ලොනෑ.

    31 පැන්නට පස්සෙ තමා කෙල්ලො පස්සෙන් ඇවිල්ලා නම්බර් ඉල්ලන් යන්නෙ. 😎
    ඉල්ලනව මගුලක්. උඹේ පිනක් කැරකුනා. පව්කාරකමට මටනම් කෙල්ලෙක් තියා බල්ලෙක්වත් නැට්ට වනල යන්නෑ 😂
    ------ Post added on Nov 22, 2023 at 6:48 PM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ආයතනෙම නම කැත උනා මේවැඩෙන් කියයි 😂

    ඔව් බං කට්ටිය කීවට මම හිතුවෙ නෑ බං එහෙම අවුල් කියල. කෑම එක කනකොටත් මුං කියනවනෙ දැං ඉතින් වයිෆ් කෙනෙක් උයල දෙන කෑම කන්න කාලෙ හරි කියල. උං කියන එක නෙවේ අවුල එතකොට මගෙ ලයිෆ් ඩිසිෂන් ගැන මටම ඩව්ට් එකක් එනව. මොකද මමත් එහෙම ප්ලෑන් එකකට වැඩකරන එකෙක් නෙවේනෙ.

    ඒකනෙ බං මොකද ලංකාවෙ කෙල්ලොන්ට උනේ ඔක්කොම උංට කොල්ලො ඉන්නවනෙ. හැබැයි කොල්ලො එකෙක්ටවත් කෙල්ලොනෑ.

    ඉල්ලනව මගුලක්. උඹේ පිනක් කැරකුනා. පව්කාරකමට මටනම් කෙල්ලෙක් තියා බල්ලෙක්වත් නැට්ට වනල යන්නෑ 😂
    ------ Post added on Nov 22, 2023 at 6:48 PM
    sirawata man danna godak proposal hoyana kollonta kello naa but kellot naa hoyaganna 😂 😂 🤟
     
    • Haha
    • Like
    Reactions: scorpion MW and nul

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,229
    113
    Sri Lanka
    උඹට ලක්ෂ 3 ක වත් ආදායමක් නැත්නම් කසාද බඳින්න එපා. ඔය අහන එකෙක් වත් කන්න ගෙනල්ල දෙන්නෙ නැහැ. සත පහකට ගනන් ගන්න එපා. කසාද බැඳල උන් විඳින දුක උඹටත් දෙන්න තමයි ඔය නටන්නෙ.
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,241
    4,035
    113
    Fun 1 hitapan ban thawa tika kalayak.Shape 1 Hoda jobak karana Hoda kellek hoyaganin.
     
    • Like
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    උඹට ලක්ෂ 3 ක වත් ආදායමක් නැත්නම් කසාද බඳින්න එපා. ඔය අහන එකෙක් වත් කන්න ගෙනල්ල දෙන්නෙ නැහැ. සත පහකට ගනන් ගන්න එපා. කසාද බැඳල උන් විඳින දුක උඹටත් දෙන්න තමයි ඔය නටන්නෙ.
    මාස 5කට වගේ තමා ලක්ෂ 3ක් හොයන්නෙ. මිනිමම් වේජ් අනාතයෙක් මම.
    20 ගනන් වලදි ගෙදර තිබ්බ ආර්ථික ප්‍රස්න කීපයක් හින්ද සල්ලි එන රස්සාව අල්ලගෙන ඉන්න උනා. දැන් තමා ටිකක් රිලීස් වෙලා මට වැඩක් කරගන්න හිතන්න පුළුවන් තත්වයක් ඇවිත් තියෙන්නෙ.
    Fun 1 hitapan ban thawa tika kalayak.Shape 1 Hoda jobak karana Hoda kellek hoyaganin.
    හොයන එක තමා බං වැඩේ. මම ටිකක් isolated වෙන විදියට තමා දිනචර්යාව හැදිල තියෙන්නෙ. කෙල්ලෙක් බෙහෙතකට හොයන්න අමාරුයි මගේ දින චර්යාව එක්ක. බලපං මම ආතල් එකේ හිටිය තාම 20යි වගේ මේ ගෑනු මට depression හැදුවනෙ. අන්තිමට කිරිය විතරයි ඉතුරු උනේ දුක කියන්න වත් 😂😂
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    මාස 5කට වගේ තමා ලක්ෂ 3ක් හොයන්නෙ. මිනිමම් වේජ් අනාතයෙක් මම.
    20 ගනන් වලදි ගෙදර තිබ්බ ආර්ථික ප්‍රස්න කීපයක් හින්ද සල්ලි එන රස්සාව අල්ලගෙන ඉන්න උනා. දැන් තමා ටිකක් රිලීස් වෙලා මට වැඩක් කරගන්න හිතන්න පුළුවන් තත්වයක් ඇවිත් තියෙන්නෙ.

    හොයන එක තමා බං වැඩේ. මම ටිකක් isolated වෙන විදියට තමා දිනචර්යාව හැදිල තියෙන්නෙ. කෙල්ලෙක් බෙහෙතකට හොයන්න අමාරුයි මගේ දින චර්යාව එක්ක. බලපං මම ආතල් එකේ හිටිය තාම 20යි වගේ මේ ගෑනු මට depression හැදුවනෙ. අන්තිමට කිරිය විතරයි ඉතුරු උනේ දුක කියන්න වත් 😂😂
    මාසෙට 40,000 හොයන මිනිස්සුත් කසාද බැඳලා ළමයි හදලා ඉන්නවා බන්. මාසෙට 60,000 හොඳටම ඇති පවුල් කන්න. ළමයි හැදිල්ල කෙසේ වෙතත්. මාසෙට ලක්ෂ 3 හොයනකන් හිටියොත් තොට අන්තිමේ සල්ලිත් නෑ බඳින්න ගැනියේකුත් නැතුව යනවා. ලෝකේ කවුරුත් පර්ෆෙක්ට් වෙලා කසාද බැඳලා නෑ ඇමති පුත්තු ඇරෙන්න.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බදින්න එපා.. වටේ නෙල නෙල ඉදහන්
    අපි බදින්න ඕන අපිට ඒක කලමනාකරනය කරනය කරන්න පුලුවන් කාලෙ මිසක් අනිත් උන්ට ඕන කාලෙ නෙමෙ...

    uba ohoma kiuwata, meke wediyenma inne ganunta baya konda pana nathi ponnayo.
    habai kata ariyoth denne pora talk
     
    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    මාසෙට 40,000 හොයන මිනිස්සුත් කසාද බැඳලා ළමයි හදලා ඉන්නවා බන්. මාසෙට 60,000 හොඳටම ඇති පවුල් කන්න. ළමයි හැදිල්ල කෙසේ වෙතත්. මාසෙට ලක්ෂ 3 හොයනකන් හිටියොත් තොට අන්තිමේ සල්ලිත් නෑ බඳින්න ගැනියේකුත් නැතුව යනවා. ලෝකේ කවුරුත් පර්ෆෙක්ට් වෙලා කසාද බැඳලා නෑ ඇමති පුත්තු ඇරෙන්න.
    සල්ලි තියේ නම් කසාද බඳින්නේ මොකෝ යකෝ. :lol:
    මම මේ මගේ කසාද බඳින්න හොඳ නෑ කියන අපල කාලෙ දික් කරගන්නෙ කොහොමද කියල කල්පනා කරනව මුන් පැන පැන බඳින්න හොයනව.
    දැන් කසාද බැඳලා දෙන්නෙක්ව නඩත්තු කරන්න ආදායමක් හම්බෙනවද., ළමයි හම්බුනාම නඩත්තු කරන්න ආදායමක් හම්බෙනවද වගේ දේවල් අහද්දී මට පට්ටම අන්කම්ෆටබල් සීන් එකක් තියෙන්නේ. ඒ දේවල් ගැන මම කතා කරන්න කැමතිම නෑ. උඹලටත් එහෙම අවුල් තියේද? මට ඕන life goes on සීන් එකේ ජීවිතේ ඔහේ ගලාගෙන යන්න. 😪
    :o
     
    • Wow
    Reactions: Heshan Daminda

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    ඔව් බන්, අනිත් උන් නෑදෑයො. කැරිම සාපයක් වෙලා තියෙන්නෙ මටත්.. ඔෆිස් එකේ ඉන්ටර්න් ආපු ජැෆ්නා පොඩි එකෙකුත් ලගදි මං එක්ක කෝල් එකේ ඉන්දෙද්දි ඇහුව කියපංකො අයියා මැරීඩ්ද කියල... :lol:
    umbe suddita mko une
     
    • Love
    Reactions: Rahula Kasun

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    උඹ වගේම ඔන්න නාඹර වයසෙ කොල්ලෙක් හිටියලු බදින වයස ලංවුන මූ යන යන වෙඩින් වලදි නෑදෑ වෙන ආච්චිලා නැන්දලා මුගේ ලගට ඇවිත් පිටට තට්ටු කරලා ඊලගට ඔයා තමයි කිය කිය දස වදේ දෙනවලු මූට ඉතින් ඕකට මල පැනලා උන් ටිකට හොඳ වැඩක් කරන්නම් කියල හිත හිත ඉන්නකොට ආච්චි කෙනෙක් නැති උනාලු නෑදෑ වෙන ඉතින් මූ කලින් මූට වද දීපු අර හැම එකා ලගටම ගිහින් පිටට තට්ටු කරලා ඊලගට ඔයා තමයි කියලා කිව්වලු.එදා ඉදල කවුරුවත් මූට මොකුත් කියන්නෙ නැහැලු.😛