මාස 5කට වගේ තමා ලක්ෂ 3ක් හොයන්නෙ. මිනිමම් වේජ් අනාතයෙක් මම.
20 ගනන් වලදි ගෙදර තිබ්බ ආර්ථික ප්‍රස්න කීපයක් හින්ද සල්ලි එන රස්සාව අල්ලගෙන ඉන්න උනා. දැන් තමා ටිකක් රිලීස් වෙලා මට වැඩක් කරගන්න හිතන්න පුළුවන් තත්වයක් ඇවිත් තියෙන්නෙ.
කසාද බැඳල පවුලක් නඩත්තු කරන්න තරම් හැකියාවක් තියෙනව නම් බඳින්න. මම නම් කියන්නෙ අපි ජීවිතේ ලොකුවටම හිර කර ගන්න තැන තමයි ඕක. පැති දෙකක් තියෙනව. හැබැයි අන්ත අසරණ වෙනව පවුල වෙනුවෙන් යුතුකම් කරන්න බැරි උනොත්. ළමයි එකෙක් දෙකෙක් ආවම තත්වෙ තවත් දරුණු වෙනව. මාසෙකට ලක්ෂ 3 තමයි හොඳට කාල බීල නිදහසේ ජීවත් වෙන්න මම recommend කරන ගාන. ඒ කිව්වෙ ලෝන් අරව මේව නැතුව වියදම. මාස 5 කට ලක්ෂ 3ක් කියන්නෙ මාසෙකට 60,000 යි. තනියම ජීවත් වෙන්නත් මදි බන් ඇත්තටම.