එදා ඇත්තටම දුක දෙයක් වුනා. අපේ හිතවත් යාළුවෙක්ගෙ තාත්ත මැරිලා. මළගෙයට යන්න හිතාගෙන මායි ජෝතියි කැන්ගරුවයි ආවෙ. අපේ තව යාළුවෙක් කලින් කියලා තිබ්බ එයත් මළගෙදර යනවා, අපිට ඕනෙ නම් එන්න පුළුවන් කියල. අපිත් ඉතින් බස් වල බඩගාන්නෙ මොකද කියලා හිතාගෙන දැන් මෙයත් එක්ක යන්න කැමති වුනා.
දැන් අපි කවුරුත් ම දේශ් (ඒ කිව්වෙ කාර් එකේ යනවයි කියපු එක්කෙනා) ගෙ කාර් එකවත්, ඩ්රයිව් කරන් එනවයි කියපු එයාගෙ අය්යවවත් දැකල තිබ්බෙ නෑ. ජෝතිට මතකයි කාර් එක නිල් පාට ස්විෆ්ට් එකක් කියලා. අපි ඉතින් ඉස්කෝලෙන් පිටවෙලා එළියට ඇවිදගෙන ආව.
ඔන්න එතකොට ජෝතිට කෝල් එකක්. "දේශ් කිව්ව එයාගෙ අය්ය මහ පාරට එනව, ඇවිල්ල ඉන්න කියල"
අපිත් ඉතින් මහ පාරට ගියා. හත් දෙය්යනේ මෙන්න නිල් පාට ස්විෆ්ට් එකක් තියනවා
"මුගෙ අය්ය ඩ්රයිව් කරලද ඉගිලිලාද මචං!" ගාගෙන අපි සෙට් එක දොර ඇරගෙන ඇතුලට නැග්ග. එතකොට තමා කරපු වැරැද්ද තේරුණේ!
මෙන්න ජෝඩුවක් ඉන්නව ඇතුලෙ. ඇලී ගැලීගෙන. ටිකක් විතර අස්පට් විදිහට. උන් දෙන්න අපිට වඩා බය වෙලා. එතකොටම ඉස්සරහෙන් තවත් නිල් පාට ස්විෆ්ට් එකක් ඇවිල්ල නැවත්තුවා.
"ඕයි අපි නැග්ගෙ වැරදි කාර් එකට!" කැන්ගරුවා බෙරිහන් දෙනව! අපි දඩ බඩ ගාල එළියට පැන්න. "සොරි අක්කෙ..." ජෝතියි මායි බිම බලන් කොඳුරලා ඉක්මනට අනිත් කාර් එකට නැග්ග. හැබැයි ඒ වෙද්දි දේශ් ගෙ අය්යණ්ඩි ඔක්කොම බලාගෙන ඉඳලා. ඌ හූ තිය තිය අපිට හිනාවුනේ.
අපෙන් කොච්චර ඇහුවත් ජෝඩුව මොනවද කර කර හිටියෙ කියල අපි නෙමෙයි කට හෙල්ලුවෙ!![]()
![]()
mallasekara kiwwalu ......
hoda welawata couple ekak hitapu car ekak wune netham ithin me weddi kohe idiwida danne ne










\dan pani haluwa gaman Rep iwarae
.piyawi sihiyata enna sahena wela yanna athi.


