පසුගිය දිනවල මූණුපොතේ වැඩි කතාබහට ලක්වූ චාමරගේ සිද්ධිය, නදීශා හේමමාලිගේ පෞද්ගලික පින්තූර සහ මේ දිනවල කතාබහ වෙන බැංකු අක්කාගේ සිද්ධියේදී ඇඟිල්ල දිගු වූයේ ජංගම දුරකථන අළුත්වැඩියා ශිල්පීන් වෙතය. ඒ සියල්ලන්ම පැවසූවේ තම දුරකථනය අළුත්වැඩියාවකට දුන් අවස්ථාවේ ඔවුන් විසින් එම ඡයාරූප අන්තර්ජාලයට මුදාහැර ඇති බවය.
එම නිසා මා මේ සටහන තබන්නේ ජංගම දුරකථන හා පරිගණක යන්ත්‍ර අලුත්වැඩියා කරන තාක්ෂණවේදීන් ඉලක්කකරගෙනය.
ව්‍යාපාරයක පැවැත්මට හොඳ පාරිභෝගික පිරිසක් එම ව්‍යාපාරය වටා එක් රැස්විය යුතුය. එසේම අප වෙත එන පාරිභෝගිකයා තෘප්තිමත් කිරීමටත්, ඔහු නැවතත් අපගේ සේවය ලබාගැනීමට අපවෙත ගෙන්වා ගැනීමටත්, ඔහුගේ මාර්ගයෙන් වෙනත් පාරිභෝගිකයන් අපවෙත ගෙන්වා ගැනීමටත්, ඒ සියල්ලන්ගේම විශ්වාසය හා පෞද්ගලිකත්වය රැකීමටත් අප ක්‍රියාකල යුතුය. එසේ නොවුනහොත් ඒ ව්‍යාපාරයට වැඩි ආයුෂ නොමැති බවද සිහියේ තබාගත යුතුය.
එම නිසා ඔබ වෙත තම ජංගම දුරකථනය, පරිගණක යන්ත්‍රය රැගෙන එන පාරිභෝගිකයාගේ පෞද්ගලිකත්වය මෙන්ම විශ්වාසය රැකීම ඔබගේ යුතුකමක් මෙන්ම වගකීමක්ද වේ.
මෙහි අනෙක් පැතිකඩ වන්නේ වරද අනුන්ගේ ඇඟ මත පටවා ශේප් වන්නන්ගෙන් අපද ආරක්ෂා වීමයි.එනම් කෙනෙක්ට ලේසියෙන්ම මෙය ඔබ විසින් කළ දෙයක් යැයි බොරු චෝදනා ඉදිරිපත් කළ හැකියි. ඒ සඳහාද සුදානම් වීම ඇඟට ගුණය. ඇතැම් අවස්ථාවල ලැප් ටොප් බෑගයේ තම පෙන් ඩ්‍රයිව් එක තිබුණා දැන් එය නෑ යැයි පවසමින් පාරිබෝගික බවතුන් මාගේ ඇඟට ගොඩවී තිබේ ඒ අවස්ථාවේ මගේ පිහිටට සිටියේ මගේ ආරක්ෂක කැමරා පද්ධතියයයි. ආයතනයේ CCTV කැමරා පද්ධතියක් ස්ථාපනය බොහෝ ගැටලුකාරී තැන් වලින් ඔබ මුදවා ගනු ඇත. එසේම දුරකතනයක් අලුත්වැඩියාවට බාරගන්නා සෑම අවස්ථාවකදීම එහි මෙමරි කාඩ් පත් සහ සිම් පත් එම මොහොතේම පරිභෝගිකයාට ගලවා අතටම දෙන්න. කිසිසේත්ම ඒවා ඔබ ආයතනයේ රදවා තබා ගැනීමෙන් වලකින්න. මෙකි ආරක්ෂක සහ වගවිමේ යුතුකම් ඔබ ඉෂ්ට කළහොත් දිර්ගකාලින ගමනක් මනා කීර්තිනාමයක් සමග යෑමට ඔබට හැකිවනු ඇත.
ස්තූතියි!!!
-------------------------------------------
මුහුණු පොතෙන් උපුටා ගැනීමකි.
-------------------------------------------
ඒ වගේම ෆෝන් එකේ ෆොටෝ මෙමරිකාඩ් ඒකට සේව් වන ලෙස සකසන්න. හොඳ වර්ගයක මෙමරි කාඩ් එකක් පාවිච්චි කරන්න (නැත්නම් කොයි වෙලාවේ යයිද දන්නේ නෑනේ) ඇපල් වගේ ෆෝන් වල නම් පාස්වර්ඩ් එකෙන්ම වැඩේ ආරක්ෂිතයි. කොහොමත් ඔන් වෙන්නේ නැතුව ගිහින් දුන්නොත් අයිති කෙනාගෙන් අහන්නේ නැතුව පාස්වර්ඩ් අරින්නේ නෑ. (හැබැයි එහෙම ඇරලා මොකක් හරි උනොත් මට බනින්න එන්න එපා) ඒක තමයි වැඩේ සාමාන්‍යයෙන් කෙරෙන විදිය. කොහොමත් ගිය ගමන්ම අනිත්පැත්තට හදල දෙයි කියල හිතන්නත් එපා පොඩි ලෙඩක් නම් එහෙම හදල දෙයි. නැත්නම් එහෙනම් අරන් යන්න කියල දෙයි.

රහසිගත දත්ත ඕවයේ තියන්න එපා ක්ලවුඩ් ඩ්‍රයිව් එකකට දාන්න.උන් ඕව බලන්නේ නෑ බය වෙන්න එපා. ඒ වගේම ඕනෙම කරන ෆොටෝස් වීඩියෝ එහෙමත් අනිවාර්යයෙන් සතියකට පාරක්වත් බැකප් කරන්න නැත්නම් අඬන්න වෙනවා මට අද උදේ උනා වගේ. 
ඒ වගේම යම් ඩිවයිස්,හාඩ් එකක් ඔය වගේ ෆොටෝ තියෙද්දී වැඩකරන්නේ නැතුව ගියොත් එකත් වැඩක් නැත්නම් තලලා කුඩුකරලා දාන්න