Gas 200kin sathiyata 15-20 athare kesel kapanawa. Mahansi unoth bari na bn. Hebai ithn nidhan goda demma wage eka paara goda yannath ba.
මෙන්න මේක තමයි තිරේ පිටුපස කතාව. අනිත් උන් සල්ලි හෙවුව විදි මේ කාලෙ හොයන්න එපා බන් ජරාවක් ගෑවිල තියනවමයි
මචන් වතු වගා කියන්නේ ගොඩක් දේවල් මත රඳා පවතිනවනේ.
මන් දන්නේ නෑ කෙසෙල් වලට සාමාන්යෙන් තියන ආපදා මොනවද කියන්න, සත්තු කනවා වගේ එක එක ප්රශ්න තියනවා නේ.
ඊට අමතරව මිනිසුන්ට වැඩ කුලී, ට්රාන්ස්පෝර්ට් වගේ වෙනත් වියදම් යනවා.
කෙසෙල් වලට නියම කරපු මිලක් නෑ නේ? එක එක තැන් වල එක එක ගණන් වලට දෙන්න වෙන්නේ.
කෙසෙල් විකුණන මිනිස්සුත් ගොඩක් ඉන්නවා.
ඔක්කොම බැලුවම තමයි ඇත්ත ලාභය බලන්න ඕන.
අනික මේ කොරෝනා කාලේ, වැස්ස කාලවල වගේ එක එක කාල වල මිනිස්සු මිලදී ගන්න පලතුරු වල අඩු වැඩි වීම් එනවා.
නිශ්චිතව කියන්න බෑ නේ අදායම්.
මම නං බන් ඇත්තටම බලන්නේ නෑ අනිත් උන් කොහොමද හම්බ කලේ කියලා.
මට වැඩකුත් නෑ මම ඒවා කරන්න යන්නෙත් නෑ.
මම හම්බ කරන විදිහක් තියනවා, මට හම්බ කරන්න හොඳයි කියලා හිතෙන විදි තියනවා මම නං ඒවාට focus වෙලා හොයලා බලනවා මිසක් අල්ලපු ගෙදර එකා කෙහෙල් විකුනලා කෝටිපතියෙක් උනා කියලා මම නං කීයටවත් කෙහෙල් විකුනන්න යන්නේ නෑ.
කුඩු විකුනනවා නං විකුනපුදෙන්. කුඩු කරන්න ගත්තා කියන්නේ කොටි වලිගෙ අල්ලගත්තා වගේ තමයි. ආයේ ගැලවීමක් නෑ. කාලයක් විකුනලා කෝටිපතියෙක් වෙලා, දැන් ඔය ඇති මම අද ඉඳන් යහපත් පුරවැසියෙක් වෙනවා කියලා ඉන්න ගියොත් වෙලාවක වෙඩි කයි කොහෙදිහරි.