කෙහෙලියගේ ගොං කතා

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    කෙහෙලියගේ ගොං කතා

    පසුගිය අට වැනිදා පැවැත් වූ මැතිවරණයේ දැඩි අවධානයක්‌ දිනාගත්තේ කොළඹ මහ නගර සභාවය. එහි බලය අල්ලා ගැනීමට ආණ්‌ඩුව හා එක්‌සත් ජාතික පක්‌ෂය අතර වූයේ දැඩි තරගයකි. එහෙත් කවුරුත් නොසිතූ ලෙස පුපුරා ගියේ ආණ්‌ඩුව අභ්‍යන්තරයේම දෙපාර්ශ්වයක වෛරය, ක්‍රෝධය, හා බලතණ්‌හාවය.
    පසුගිය 11 වැනිදා "දිවයින"ට ප්‍රකාශයක්‌ කරන ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල කියා සිටින්නේ මෙය පවතින මනාප ඡන්ද ක්‍රමය යටතේ රටට ලැබුණු තවත් එක්‌ අවාසනාවන්ත ප්‍රතිඵලයක්‌ බවයි. මේ අදහස්‌ මත ජනමාධ්‍ය ඇමැතිවරයාගෙන් ඇසිය යුතු ප්‍රශ්න කීපයක්‌ ඇත.

    1. මෙසේ මරා ගත්තේ පළාත් පාලන මැතිවරණයේ අපේක්‌ෂකයන් දෙදෙනකුද?

    2. මනාපය නැති කළහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ඔවුන්ගේ හෙන්චයියන් ආයුද රැගෙන "සවාරි යැම" නතර කළ හැකිද?

    3. ජනතා විමුක්‌ති පෙරමුණ වැනි පක්‌ෂ ඡන්දය ඉල්ලන්නේ වෙනත් මැතිවරණ ක්‍රමයක්‌ යටතේද?

    4. ඔබගේ බල පරාක්‍රමය යටතේම පවතින රූපවාහිනි, ගුවන් විදුලි හා පුවත්පත් ඔස්‌සේ මේ සිදුවීම "දඟකාර කොල්ලන් දෙන්නකුගේ පොඩි රණ්‌ඩුවක්‌" ලෙස ජනතාවට ඒත්තු ගන්වන්නට උත්සාහ කළේ මනාප ක්‍රමය මිනී මරන ඡන්ද ක්‍රමයක්‌ නිසාද?

    දැන් විමසා බලන්නේ රඹුක්‌වැල්ල ඇමැතිවරයා "දිවයින"ට කළ ප්‍රකාශයේ තවත් කොටසක්‌ ය.

    ඇමැතිවරයා කියා සිටින්නේ මේ සිදුවීමේදීත් (කොලොන්නාව සිදුවීම) සුපුරුදු ලෙස රට අස්‌ථාවර කිරීමේ කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක වූ බවයි. ඒ පිටුපස දේශපාලන වශයෙන් බංකොලොත් වූ කුමන්ත්‍රණකාරීන් සිටින බවට තොරතුරු ලැබී ඇති බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටී.

    ආණ්‌ඩුවේ ඉහළ සිට පහළට සියල්ලන් කුමන්ත්‍රණකාරීන් ගැන නිතර දෙවේලේ කියන නිසා රඹුක්‌වැල්ල ඇමැතිවරයාටද ඒ වචනය පාවිච්චි කිරීමට ඇති අයිතියට බාධා කළ යුතු නැත. එහෙයින් "අහිංසක" පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජනාධිපති උපදේශකයන් අතට දරුණු අවි ආයුධ දී දෙනෝදාහක්‌ බලා සිටියදී මහ පාරේ වෙඩි තබාගෙන මරාගන්න තරමට ඔවුන් පොළඹවන කුමන්ත්‍රණකාරීන් වහා රටට හෙළිදරව් කිරීම "ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස" රඹුක්‌වැල්ලට ඇති අයිතිය දැත් පමණක්‌ නොව දෙකකුල් ද ඔසවා ශපථ කරනට මේ රටේ ජනතාව සූදානම් ය.

    එහෙත් වගකිවයුතු ඇමැතිවරයකු ලෙස මෙබඳු සිල්ලර ප්‍රකාශවලින් බැහැරව යථාර්ථයට මුහුණ දීමට රඹුක්‌වැල්ල ඇමැතිවරයා සූදානම් විය යුතුය. රට අස්‌ථාවර කිරීමේ කුමන්ත්‍රණකරුවන් සිටිනුයේ විපක්‍ෂයේ හෝ දේශපාලන අනාථයින් (දේශපාලන වශයෙන් අනාථ වූවන්ට රටක්‌ අස්‌ථාවර කළ හැක්‌කේ කෙසේදැයි වෙනම අධ්‍යයනය කළ යුතුය.) හෝ විදේශ බලවේගයන්වල නොව තමන්ද එකපතේ කන ආණ්‌ඩුව ඇතුළේම බව රඹුක්‌වැල්ල ඇමැතිවරයා ඇතුළු මේ දේශපාලන ත්‍රස්‌තවාදයට තිත තැබීමට කැමැති සන්ධාන රජය සමග සභාගවී සිටින "ශිෂ්ට" දේශපාලකයින් තේරුම් ගත යුතුය. තේරුම් ගෙන පමණක්‌ නොව ආණ්‌ඩුව තුළම ඊට එරෙහිව නැගී සිටිය හැකි බලයක්‌ ගොඩනඟාගත යුතුය.
     
    • Like
    Reactions: lasa.lasa

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    කෙහෙළියගෙන් මොන ප්‍රශ්න ඇහුවත් පොර ගානට ෂේප් වෙලා උත්තර දෙනවා. ඊයෙත් මාධ්‍ය සාකච්ඡාවෙදි කියපුව දැක්කනෙ. දුමින්දයට ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණකම දීල තියෙන්නෙ නිකං කට වචනෙන් වාගෙලු.
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    මනාප ක්‍රමය ප්‍රශ්නයක් කියනවනම් ඇයි දැන්වත් ඒක මාරු කරන්නෙ නැත්තෙ, දැනටත් පාර්ලිමෙන්තුවෙ බහුතරය ආණ්ඩුව සතුයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම උත්තරයක් දෙන්නමි මට හිතෙන හැටියට :) මෙකද මේක අපිට බලන්ඩනේ දාල තියෙන්නෙ

    1. මෙසේ මරා ගත්තේ පළාත් පාලන මැතිවරණයේ අපේක්‌ෂකයන් දෙදෙනකුද?
    නැත.එ්ත් ආසනේ පස්නයක් මම ඔකේ අපේකෂකයො කටිටියක් දුම්න්දට සපෝටි කටිටියක් භාරතට ඒකයි සින් එක ගියෙ

    2. මනාපය නැති කළහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ඔවුන්ගේ හෙන්චයියන් ආයුද රැගෙන "සවාරි යැම" නතර කළ හැකිද? පුලුවන් ඒත් පොලිසියෙන් නමි යයි ඒව නතර කරන්ඩ බැරෝ නිත්‍යානුකුලයිනෙ අකි වරදක් නැ

    3. ජනතා විමුක්‌ති පෙරමුණ වැනි පක්‌ෂ ඡන්දය ඉල්ලන්නේ වෙනත් මැතිවරණ ක්‍රමයක්‌ යටතේද? උන් දැන් දැන් එන්ඩ හදන්නෙ නමි වෙන වෙනත් මැතිවරණ ක්‍රමයක්‌ යටතේ කියල පේනව බලමු ගොනා පොල් පැලේ කන්ඩද හදන්නෙ කියල.ඔයා අහල තියෙන අර්තෙන්නමි ඔකුන්ට කවුරැවත් චන්දෙ දෙන්නෙ නැනේ ඉතින් මනාප වලට මොකට ගහගන්නවද.:lol::lol:

    4. ඔබගේ බල පරාක්‍රමය යටතේම පවතින රූපවාහිනි, ගුවන් විදුලි හා පුවත්පත් ඔස්‌සේ මේ සිදුවීම "දඟකාර කොල්ලන් දෙන්නකුගේ පොඩි රණ්‌ඩුවක්‌" ලෙස ජනතාවට ඒත්තු ගන්වන්නට උත්සාහ කළේ මනාප ක්‍රමය මිනී මරන ඡන්ද ක්‍රමයක්‌ නිසාද?
    ඇත්තටම මනාප කොරමෙ හොද නැති හින්දනේ සියලු පක්ෂ ‍එකතුවෙලා( jvp කාරයො ඒකටත් අකමැතියි ස්නධානෙයි unp එකයි කැමතියි ඒ මදෑ:yes:)අලුතෙන් කොටිටාස කමේ ගෙනල්ල තියෙන්නෙ ලබන පාර්ලිමේනතු මැතිවරනෙ තියන්නෙ කොඨටාස කමේට එතකොට ‍මේ ඒක පක්ෂෙ ඇතුලෙ මනාප වලට මරා ගන්න එක නතර වෙනව පක්ෂ පක්ෂ මරා ගනි ඒවා මම දන්නෙ නැ :lol::lol::lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මනාප ක්‍රමය ප්‍රශ්නයක් කියනවනම් ඇයි දැන්වත් ඒක මාරු කරන්නෙ නැත්තෙ, දැනටත් පාර්ලිමෙන්තුවෙ බහුතරය ආණ්ඩුව සතුයි

    eka wenas karanwa kiyala ne chande gattet..:dull:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මම උත්තරයක් දෙන්නමි මට හිතෙන හැටියට :) මෙකද මේක අපිට බලන්ඩනේ දාල තියෙන්නෙ

    1. මෙසේ මරා ගත්තේ පළාත් පාලන මැතිවරණයේ අපේක්‌ෂකයන් දෙදෙනකුද?
    නැත.එ්ත් ආසනේ පස්නයක් මම ඔකේ අපේකෂකයො කටිටියක් දුම්න්දට සපෝටි කටිටියක් භාරතට ඒකයි සින් එක ගියෙ

    2. මනාපය නැති කළහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ඔවුන්ගේ හෙන්චයියන් ආයුද රැගෙන "සවාරි යැම" නතර කළ හැකිද? පුලුවන් ඒත් පොලිසියෙන් නමි යයි ඒව නතර කරන්ඩ බැරෝ නිත්‍යානුකුලයිනෙ අකි වරදක් නැ

    3. ජනතා විමුක්‌ති පෙරමුණ වැනි පක්‌ෂ ඡන්දය ඉල්ලන්නේ වෙනත් මැතිවරණ ක්‍රමයක්‌ යටතේද? උන් දැන් දැන් එන්ඩ හදන්නෙ නමි වෙන වෙනත් මැතිවරණ ක්‍රමයක්‌ යටතේ කියල පේනව බලමු ගොනා පොල් පැලේ කන්ඩද හදන්නෙ කියල.ඔයා අහල තියෙන අර්තෙන්නමි ඔකුන්ට කවුරැවත් චන්දෙ දෙන්නෙ නැනේ ඉතින් මනාප වලට මොකට ගහගන්නවද.:lol::lol:

    4. ඔබගේ බල පරාක්‍රමය යටතේම පවතින රූපවාහිනි, ගුවන් විදුලි හා පුවත්පත් ඔස්‌සේ මේ සිදුවීම "දඟකාර කොල්ලන් දෙන්නකුගේ පොඩි රණ්‌ඩුවක්‌" ලෙස ජනතාවට ඒත්තු ගන්වන්නට උත්සාහ කළේ මනාප ක්‍රමය මිනී මරන ඡන්ද ක්‍රමයක්‌ නිසාද?
    ඇත්තටම මනාප කොරමෙ හොද නැති හින්දනේ සියලු පක්ෂ ‍එකතුවෙලා( jvp කාරයො ඒකටත් අකමැතියි ස්නධානෙයි unp එකයි කැමතියි ඒ මදෑ:yes:)අලුතෙන් කොටිටාස කමේ ගෙනල්ල තියෙන්නෙ ලබන පාර්ලිමේනතු මැතිවරනෙ තියන්නෙ කොඨටාස කමේට එතකොට ‍මේ ඒක පක්ෂෙ ඇතුලෙ මනාප වලට මරා ගන්න එක නතර වෙනව පක්ෂ පක්ෂ මරා ගනි ඒවා මම දන්නෙ නැ :lol::lol::lol::lol:

    ඔතන මූලික ප්‍රශ්නය මනාප ක්‍රමය නෙමෙයි නේද මචං. නීතිය හරියට ක්‍රියාත්මක කරනවනං දේශපාලන බලපෑම් ඇති නොවෙනවනං ප්‍රශ්නයක් නෑ නේද? මහින්ද මේ අයව නලවන්නෙ නැතුව තදින් ඉන්න ඕන. නැත්තං මෙයාටත් වැඩි ආයුස නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රඹා;11134075 said:

    ඔතන මූලික ප්‍රශ්නය මනාප ක්‍රමය නෙමෙයි නේද මචං. නීතිය හරියට ක්‍රියාත්මක කරනවනං දේශපාලන බලපෑම් ඇති නොවෙනවනං ප්‍රශ්නයක් නෑ නේද? මහින්ද මේ අයව නලවන්නෙ නැතුව තදින් ඉන්න ඕන. නැත්තං මෙයාටත් වැඩි ආයුස නෑ

    නැ . මූලික ප්‍රශ්නය මනාප ක්‍රමය හිතල බලපන් පක්ෂ විපක්ෂ බෙිදයෙන් තොරව කියන දෙයක් තමයි 77 පස්සෙ තමයි මේ ඔක්කොම කියල. අහල ඇතිනෙ ඒ කතාව .ඒවගේම UNP+සන්ධානේ එකතුවෙලා අලුතෙන් කොඨිටාස කමේ ගෙනත් තියෙන්නෙත් එක හින්දනේ. රනිල්+මහින්ද දෙන්නම මේ පසුනෙද් එකතුවෙලා අලුත් කමයක් හදුන්වල දිල තියෙන්න වෙන දේකට නෙම්නේ.දෙන්නම ඇත්ත දන්න හින්ද :yes::yes: