කෙහෙලියගේ ගොං කතා
පසුගිය අට වැනිදා පැවැත් වූ මැතිවරණයේ දැඩි අවධානයක් දිනාගත්තේ කොළඹ මහ නගර සභාවය. එහි බලය අල්ලා ගැනීමට ආණ්ඩුව හා එක්සත් ජාතික පක්ෂය අතර වූයේ දැඩි තරගයකි. එහෙත් කවුරුත් නොසිතූ ලෙස පුපුරා ගියේ ආණ්ඩුව අභ්‍යන්තරයේම දෙපාර්ශ්වයක වෛරය, ක්‍රෝධය, හා බලතණ්හාවය.
පසුගිය 11 වැනිදා "දිවයින"ට ප්‍රකාශයක් කරන ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටින්නේ මෙය පවතින මනාප ඡන්ද ක්‍රමය යටතේ රටට ලැබුණු තවත් එක් අවාසනාවන්ත ප්‍රතිඵලයක් බවයි. මේ අදහස් මත ජනමාධ්‍ය ඇමැතිවරයාගෙන් ඇසිය යුතු ප්‍රශ්න කීපයක් ඇත.
1. මෙසේ මරා ගත්තේ පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයන් දෙදෙනකුද?
2. මනාපය නැති කළහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ඔවුන්ගේ හෙන්චයියන් ආයුද රැගෙන "සවාරි යැම" නතර කළ හැකිද?
3. ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ ඡන්දය ඉල්ලන්නේ වෙනත් මැතිවරණ ක්‍රමයක් යටතේද?
4. ඔබගේ බල පරාක්‍රමය යටතේම පවතින රූපවාහිනි, ගුවන් විදුලි හා පුවත්පත් ඔස්සේ මේ සිදුවීම "දඟකාර කොල්ලන් දෙන්නකුගේ පොඩි රණ්ඩුවක්" ලෙස ජනතාවට ඒත්තු ගන්වන්නට උත්සාහ කළේ මනාප ක්‍රමය මිනී මරන ඡන්ද ක්‍රමයක් නිසාද?
දැන් විමසා බලන්නේ රඹුක්වැල්ල ඇමැතිවරයා "දිවයින"ට කළ ප්‍රකාශයේ තවත් කොටසක් ය.
ඇමැතිවරයා කියා සිටින්නේ මේ සිදුවීමේදීත් (කොලොන්නාව සිදුවීම) සුපුරුදු ලෙස රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවයි. ඒ පිටුපස දේශපාලන වශයෙන් බංකොලොත් වූ කුමන්ත්රණකාරීන් සිටින බවට තොරතුරු ලැබී ඇති බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටී.
ආණ්ඩුවේ ඉහළ සිට පහළට සියල්ලන් කුමන්ත්රණකාරීන් ගැන නිතර දෙවේලේ කියන නිසා රඹුක්වැල්ල ඇමැතිවරයාටද ඒ වචනය පාවිච්චි කිරීමට ඇති අයිතියට බාධා කළ යුතු නැත. එහෙයින් "අහිංසක" පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජනාධිපති උපදේශකයන් අතට දරුණු අවි ආයුධ දී දෙනෝදාහක් බලා සිටියදී මහ පාරේ වෙඩි තබාගෙන මරාගන්න තරමට ඔවුන් පොළඹවන කුමන්ත්රණකාරීන් වහා රටට හෙළිදරව් කිරීම "ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස" රඹුක්වැල්ලට ඇති අයිතිය දැත් පමණක් නොව දෙකකුල් ද ඔසවා ශපථ කරනට මේ රටේ ජනතාව සූදානම් ය.
එහෙත් වගකිවයුතු ඇමැතිවරයකු ලෙස මෙබඳු සිල්ලර ප්‍රකාශවලින් බැහැරව යථාර්ථයට මුහුණ දීමට රඹුක්වැල්ල ඇමැතිවරයා සූදානම් විය යුතුය. රට අස්ථාවර කිරීමේ කුමන්ත්රණකරුවන් සිටිනුයේ විපක්ෂයේ හෝ දේශපාලන අනාථයින් (දේශපාලන වශයෙන් අනාථ වූවන්ට රටක් අස්ථාවර කළ හැක්කේ කෙසේදැයි වෙනම අධ්‍යයනය කළ යුතුය.) හෝ විදේශ බලවේගයන්වල නොව තමන්ද එකපතේ කන ආණ්ඩුව ඇතුළේම බව රඹුක්වැල්ල ඇමැතිවරයා ඇතුළු මේ දේශපාලන ත්රස්තවාදයට තිත තැබීමට කැමැති සන්ධාන රජය සමග සභාගවී සිටින "ශිෂ්ට" දේශපාලකයින් තේරුම් ගත යුතුය. තේරුම් ගෙන පමණක් නොව ආණ්ඩුව තුළම ඊට එරෙහිව නැගී සිටිය හැකි බලයක් ගොඩනඟාගත යුතුය.

)අලුතෙන් කොටිටාස කමේ ගෙනල්ල තියෙන්නෙ ලබන පාර්ලිමේනතු මැතිවරනෙ තියන්නෙ කොඨටාස කමේට එතකොට මේ ඒක පක්ෂෙ ඇතුලෙ මනාප වලට මරා ගන්න එක නතර වෙනව පක්ෂ පක්ෂ මරා ගනි ඒවා මම දන්නෙ නැ 