කෙහෙළිය කසකරු එයි
ජනතාවගේ ආදායම් තත්වය වර්ධනය වී ඇති හෙයින් බදු අයකිරීමට සිදුවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි. ඇතැම් දියුණු රටවල් 30-50% අතර අගයන්ගෙන් බදු අයකරන බවද හෙතෙම පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. මාධ්‍යවේදියා එහිදී ඇමතිවරයාගෙන් විමසා සිටියේ පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවේ වියදම් පියවා ගැනීමට ඉදිරියේදී බදු වැඩිවිය හැකිද යන්නයි.
'ඒක පුද්ගල ආදායම් වැඩිවන විට යම් යම් ආකාරයේ වැඩිවීම් සිදුවෙනවා. සමහර දියුණු රටවල විශාල වශයෙන් බදු අයකරනවා. ඔවුන්ගේ බදු අනුපාතය 30-50% අගයක පවතිනවා. ඕස්ට්‍රේලියාව තුළ සමහර බදු අනුපාත 49% සීමාවේ පවතිනවා. ඒක සරල සාපේක්ෂ ගණිත සාස්තරයක් නෙමෙයි.' කෙහෙළිය ඇමතිවරයා පවසයි.
කෙසේ වෙතත් පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව වෙනුවෙන් ආණ්ඩුව දරණ වියදම මේ දක්වා රටට හෙළි කර නොමැති අතර දළ ඇස්තමේන්තුවක් හෝ රටේ මුදල් බලය හිමි පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් කර නොමැත.
කෙහෙළිය ඇමති කසකරුවාගේ ප්‍රකාශයෙන් ගම්‍යවන්නේ මෙවර අයවැය පෙරහැරෙන් භාණ්ඩ සඳහා 50% සීමාව දක්වා බදු අනුපාත වැඩිවිය හැකි බවදැයි ආර්ථික විශේෂඥයින් ප්‍රශ්න කරයි.

මුන් නම් ගනන් ලස්සනට හදලා සුන්දරව කියයි.
අපිනෙ විඳවන්න ඔනා.
කොහෙද යකෝ ඒක පුද්ගල ආදායමක් ඉහල ගිහින් තියෙන්නෙ,