කොරෝනා හලාවතටත්

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හලාවත ධිවරයෙකුටත් කොරෝනා : ධිවර බෝට්ටුවක් තුළ 06 දෙනෙක් නිරෝධායනයට



    හලාවත, අඹකදවිල ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාධිතයෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කර සිටිනවා. මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ 28 හැවිරිදි ධීවරයෙක්ට බව සඳහන්.

    මිට පෙර වාර්තා වූ කොරෝනා ආසාදිත හලාවත, අඹකදවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ සමීප ආශ්‍රිතයෙක් බවට සැලකෙන මෙම පුද්ගලයා ඉකුත් මස 30 වෙනිදා පෙර ආසාදිතයා සමග නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සඳහා ගොස් ඇත.

    පසුව ඔහු පසුගිය 08 වෙනිදා තවත් ධිවරයින් 06 දෙනෙකු සමග මසුන් මැරීම සඳහා බහුදින ධිවර යාත්‍රාවකින් මුහුදු යාමට පිටත්වී ගොස් ඇත. කෙසේ හෝ මෙම ධිවරයාගේ පෙර ආශ්‍රිතයාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග ඔහු ගමන් ගත් ධිවර යාත්‍රාව යළි මෙරටට ගෙන්වා ගැනීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන ඇත.

    ඒ අනුව ඊයේ දිනයේදී දික්ඕවිට වරායට සේන්දු වූ එම යාත්‍රාවේ සිටි මෙම ධිවරයාගේ PCR පරීක්ෂණය සිදුකොට ඇති අතර එහිදී ඔහුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත. මේ හේතුවෙන් එම ධීවරයා සමග මසුන් මැරීමට මුහුදට ගිය සෙසු ධිවරයින් 06 දෙනා එම යාත්‍රාව තුලම නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන ඇත.

    හලාවත, අඹකදවිල ප්‍රදේශයෙන් වාර්තා වූ පළමු කොරෝනා ආසාදිත රෝගියා හඳුනා ගැනීමත් සමග එම ප්‍රදේශයේ පදිංචි පවුල් 10 ක පුද්ගලයින් 52ක්, දේවස්ථානයක පියතුමන්ලා දෙදෙනෙකු සහ මාරවිල ප්‍රදේශයේ සාත්තු නිවාසයක විශේෂඥ වෛද්‍යවරයෙක් ඇතුළු පුද්ගලයින් 09 දෙනෙක් හා තොඩුවාව ප්‍රදේශයේ කන්‍යාරාමයක කන්‍යා සොහොයුරියන් 05 දෙනෙකු සහ එම ප්‍රදේශයේ පුද්ගලයින් 37 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කොට ඇත. මේ අතර නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 04 දෙනෙකු ද සිටින බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.


    http://nethnews.lk/article/80793
     
    • Like
    Reactions: bestdivx

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    121088631_2693902890823148_6105854952435050008_n.jpg
     
    • Like
    Reactions: bestdivx