කේක් හදන්න මම බක්කරේ කෙනෙක්ද?
සැමියා නිවසට එන විට බිරිඳ අල්මාරිය අසලය. "අනේ ඩාලිං, මම මේ ඔයා එනකල්මයි බලා හිටියේ. මේ බලන්න මේ අල්මාරියේ තට්ටුවක් ගැලවිලා. ඔයාට පුළුවන්ද ඒක හදලා දෙන්න."

"අනේ මට බැහැ. මම වඩුවෙක් නෙමෙයිනේ," සැමියා කීවේය.
පසුදා සැමියා වැඩ ඇරී එන විට බිරිඳ නාන කාමරයේ රෙදි සෝදමින් සිටියාය. "අනේ මේ බලන්න මේ වතුර පයිප්පෙ කැඩිලා. ඒක හදලා දෙන්නකෝ," බිරිඳ ඉල්ලා සිටියාය.

"මට නම් බැහැ. ඔයා කරගන්න. මම පයිප්ප බාස් කෙනෙක් නෙමෙයිනේ."

ඊළඟ දිනයේ ඔහු එනවිට, කුස්සියේ විදුලි පහන පිළිස්සී ඇත. "ඩාලිං, මෙන්න මේ බල්බ් එක දාලා දෙන්නකෝ."

"ඔයාට පිස්සුද? මට නම් බැහැ ඕවා කරන්න. විදුලි කාර්මිකයෙක් හොයා ගන්න."

ඊළඟ දිනයේ ඔහු නිවසට එන විට බිරිඳ ප්‍රීතියෙන් උතුරා යමින් සාලයේ හිඳගෙන සිටියාය. "අල්ලපු ගෙදර කොල්ලා හරිම හොඳයි. මිනිහා හරි වැඩකාරයා. මගේ අල්මාරියයි, වතුර පයිප්පෙයි, කුස්සියේ විදුලි පහනයි ඔක්කොම හදලා දුන්නා," බිරිඳ කීවාය.

"ඇත්තද? සල්ලි කීයක් දුන්නද?" සැමියා ඇසීය.
"පිස්සුද අනේ? එයා සෙල්ලි ගන්න කෙනෙක් නෙමෙයි."
"ඉතින් මිනිහා නිකම්මද මේ ඔක්කොම කළේ?"

"නැහැ අනේ, මිනිහා හරි කට්ටයා. මිනිහා කියනවා එක්කෝ එයා කියන ජාතියේ කේක් ගෙඩියක් හදලා දෙන්නලු. නැතිනම් එයාය හාද්දක් ඕනෙලු."

සැමියා කලබල විය. "හරි මිනිහෙක්නේ. ඉතින් ඔයා මොන ජාතියේ කේක් ගෙඩියක්ද හදලා දුන්නේ?"

"ඔයාට පිස්සුද? කේක් හදන්න මම බක්කරේ කෙනෙක්ද?" බිරිඳ සැහැල්ලුවෙන් ඇසුවාය.

==================================
අනේ මන්දා......

සිරිපාල: හාමුදුරුවනේ, මිදි කන එක පවක්ද?
හාමුදුරුවෝ: නෑ
සිරිපාල: එතකොට වතුර බොන එක?
හාමුදුරුවෝ: අපෝ නෑ
සිරිපාල: එහෙනම් මිදි වලට වතුර දාල පල්කරලා පෙරලා හදන වයින් බිව්වම පව් වෙන්නේ කෝමද?
... හාමුදුරුවෝ: සිරිපාල, උඹට මේ පස් ටිකකින් මන් ගැහුවොත් රිදෙනවද?
සිරිපාල: නෑ
හාමුදුරුවෝ: එහෙනම් වතුර ටිකකින් ගැහුවොත්
සිරිපාල: හෙහ්! නෑ හාමුදුරුවනේ
හාමුදුරුවෝ: එහෙනම් මේ පසුයි, වතුරයි දාල වේලලා ගඩොලක් හදල ඒකෙන් උඹට ගැහුවොත් රිදෙනවද? ((හුටා )) !!!
=================================
ගෝනියෙ හාල් ඕයි.....
ඔන්න දවසක් එක මිනිහෙක් ගෙදර නැති වෙලාවක් බලලා ගෑනි හොර මිනිහව ගෙන්න ගත්තා. ඒ වුණාට වැඩි වෙලාවක් යන්න කලින් පිටතට ගිය මිනිහා ආපහු එනවා ගෑනි දැක්කා. මළ කෙලියයි. දැන් අරූව හංගන්න තැනකුත් නෑ. ඌට ආපහු යන්න විදියකුත් නෑ. ගෑනි දඩාස් ගාලා ගෝනියක් අරගෙන අරූව ගෝනියට දාලා හොඳට කට ගැට ගහලා බිත්තියට හේත්තු කරලා තිබ්බා. ගෑනිගෙ මිනිහත් ගෙට ආවා. ඒත් පොරට කිසි අවුලක් තේරුණේ නෑ. ටිකක් වෙලා යද්දි මිනිහා දැක්කා බිත්තියට ගෝනියක් හේත්තු කරලා තියෙනවා. මිනිහා ගෑනිගෙන් ඇහුවා මොනවද ගෝනියේ කියලා.
අම්මට හුඩු ගෑනිට හීන් දාඩිය දැම්මා. කොච්චර බය වුණාද කියනවා නම් දෙන්න උත්තරයක් හිතා ගන්න බැරිව ගියා. ගෑනි උඩ බිම බලද්දි මිනිහට කේන්ති ගියා.
“මොනවද ගෑණියේ ගෝනියෙ?” පොර ඒපාර ටිකක් තරහෙන් ඇහුවා.
ඒත් ගෑනිට බයටම කතා කර ගන්න බැරිවයි හිටියේ.
එන පොට හොඳ නෑ කියලා ගෝනිය ඇතුලෙ හිටපු මෑන්ට තේරුණා.
“මොනකෙහෙල්මලක්ද ඕයි.. හාල්..හාල්… ගෝනියේ හාල්” ඌ ගෝනිය ඇතුලේ ඉඳන් උත්තර දුන්නා.
ඊට පස්සේ මොකද වුණේ කියලා හිතාගන්න පුළුවන්නෙ....
=================================
මාර ඔට්ටුව.....
ඔට්ටුව පරාදයි
ඩ්‍රින්ක් එකක් දැමීමට ගතමනාවක් සොයාගත නොහැකිව සුගත් දහඅතේ කල්පනා කළේය. නැවත වරක් සාක්කු අතපත ගා බැලූ ඔහුට කලිසම් සාක්කුවක තිබී රුපියලක් හමුවිය. එයත් අතේ ගුලිකර ගෙනම ඔහු බාර් එකට රිංගුවේය.
ඉදිරිපස මේසයක් ළඟ වාඩිවී සිටි අයෙක් විස්කි පිරවූ වීදුරුවක් තමා ඉදිරිපිට තබාගෙන සිගරැට්ටුවක් උරමින් සිටියේය.
”මට පුළුවන් ඔය විස්කි වීදුරුව, තමුසෙගෙ ඇහැ වහලා එක උගුරට ගිලලා දාන්න. මොකද කියන්නෙ? රුපියලක් ඔට්ටුයි” සුගත් කීවේය.
”ඔට්ටුයි බෑ” අනිකා දුරදිග නොසිතා වහා පිළිතුරු දුන්නේය.
සුගත් විස්කි වීදුරුව වහා අතට ගෙන එක හුස්මට ගිල දැම්මේය.
”ඉතින් අයිසෙ මම දැක්කනෙ තමුසෙ බොනවා”
අනෙකා කීවේ සමච්චල් සිනාවක් නඟමිනි.
”තමුසෙ දැක්කද? එහෙනං මං පරාදයි. මෙන්න ඔට්ටුව“ කියූ ඔහු රුපියල මේසය මත තබා මාරුවිය.
=================================
පැත්ත වෙනස් නිසානෙ ඒ.........
දුව-අම්මේ මිනිස්සු මේ ලෝකෙ ඇතිවුනේ කොහොමද?
මව-දුවේ දෙවියන්වහන්සේ ආදම් සහ ඒව මැව්වා, ඒ දෙන්නගෙන් තමයි අපි බිහිවුනේ.
පසුව වැඩ ඇරී නිවසට පැමිණි පියාගෙන්ද පෙර ප්රශ්නය විමසුවාය.ඔහුගේ පිළිතුර වූයේ
"මිණිස්සු බිහිවුනේ වදුරන්ගෙන් පරිනාම වෙලානෙ.
වෙනස් පිළිතුරු දෙකකින් ව්‍යාකූලත්වයට පත් දුව නැවත ඒ පිළිබදව මවගෙන් ඇසුවාය.
"අයියෝ ඒක සුලු ප්‍රශ්නයක් දුව, තාත්තා කියල තියෙන්නෙ තාත්තලගෙ පැත්තෙ කට්ටිය ගැන. මම කිවුවෙ අපේ පැත්තෙ කට්ටිය ගැනනෙ" මව කීවාය.
රී පොස්ට් නම් සොරි වෙන්න ඕනෙ......
කතා ටික නම් අහුල ගත්තෙ ෆේස්බුකියෙන්....
කතා හොදයි නම් රෙප් එකකුත් දීලා යන්න හොදේ.......